වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




දකුණු අතේ වේදනාවට

දකුණු අතේ වේදනාවට

රංජිත් පීරිස් හෙවත් ඔබ ආදරය කරන මැජික් සීයාගේ දකුණු අත රිදෙන්න පටන් අරන්. පාරේ බැහැලා ගියත් ඔහු තමන්ගේ දකුණු අත සාක්කුවේ දාගෙනලු යන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔහුට මඟ තොටේදී හමුවන බොහෝ දෙනෙක් 'ජය නියතයි' කියලා අතට අත දෙන එක. රංජිත් ඉන්න ලොතරැයි දැන්වීමක් මේ දිනවල නිතර දෙවේලේ විකාශය වෙනවා. ඒකෙ රංජිත් 'ජය නියතයි' කියලා කියනවා. මේක දැන් හුඟක් ජනප්‍රියයි.

ඒ හින්දම ඔහුව දකින වැඩි දෙනෙක් 'ආ . . . ජය නියතයි' කියලා පවසනවලු. ඊට හපන් අත දෙන එක. කාලෙකට පස්සේ මෙවන් වූ දැන්වීමක් විකාශය වන හින්දා රංජිත් බෙහෙවින් සතුටින්ලු ඉන්නේ.

ඔන්න දවසක් රංජිත් කොළඹ එන්න මොරටුවෙන් කෝච්චියට නැගලා. ඒ වෙලාවෙ පටන් රංජිත් දිහා සෙනඟ බලනවා බලනවා ඉවරයක් නැතිලු. මොරටුවේ සිට කොළඹට එනතෙක් හතළිස් අට දෙනෙක් ඔහුට 'ජය නියතයි' කියලා පවසලා අතට අත දුන්නලු.

ඒ හින්දා තමයි රංජිත්ගේ අත රිදෙන්න පටන් අරන් තියෙන්නේ, ඔහු පසුගිය දිනවල පිටපතක් ලියලා. එයට නිෂ්පාදනයෙන් දායක කර ගන්නත් කෙනෙක්ව හොයනවලු. ඒ සඳහා කැමැත්තෙන් කවුරු හරි ඉන්නවා නම් 0714964912 රංජිත්ට කතා කරලා කියන්න පුළුවන්.