වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




සියලු ආදායම සහෝදර ශිල්පියාට

සියලු ආදායම සහෝදර ශිල්පියාට

දුලීකා මාරපන ලෝරන්ස්ගේ මනමාලි සමඟ රට වටා යනවා. ඒ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ ඇගේ හස්බන්ඩ් උන්නැහේ වන සුජීව ප්‍රියාල් යද්දෙහිගේ විසින්. ලෝරන්ස්ගේ මනමාලි ප්‍රහසන නාට්‍යයක් හින්දා ගොඩක් දෙනා එය නරඹලා ශාලාවෙන් පිටත්ව යන්නේ ඉතාමත් ප්‍රීතියෙන්. ඒ හින්දම එය සාර්ථකව වසරකටත් අධික කාලයක් ඔස්සේ වේදිකා ගත වෙනවා.

මෙම මස 26 වැනිදා මරදාන ටවර් රඟහලේදී ලෝරන්ස්ගේ මනමාලි හි විශේෂ දර්ශනයක් එක්තරා කෙනෙකුගේ සුභසාධනය සඳහා පවත්වන්නට දුලීකා - ප්‍රියාල් තීරණය කරලා. ඒ රංගන ශිල්පී නන්දික අලුවිහාරේ වෙනුවෙන්. ඔහුට කොඳු ඇට පෙලෙහි හදිසි ශල්‍යකර්මයක් කරන්නට සිදු වෙලා. එදින ලෝරන්ස්ගේ මනමාලි වේදිකා ගත කරලා ලැබෙන සියලු ආදායම නන්දිකට දෙන්නලු හිතාගෙන ඉන්නේ.

මලී, ගිනි අවි සහ ගිනි කෙළි, යාය හතර ආදී නාට්‍ය ගණනාවක නන්දික රංගනයෙක් දායක වුණා. වෘත්තීය කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා නන්දිකට ඉක්මන් සුවය අප ප්‍රාර්ථනා කරනවා.