කරළිය

පෙබරවාරි 09 වැනිදා

ජය ශ්‍රී චන්ද්‍රජිත්ගේ ‘උමතුසං වරුසාව’ ඒකල ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ශාලාවේ.

මහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍රයන්ගේ මඟුල් පරස්ථාව සමඟ ඒකට මට හිනා හිනා කළුතර නගර ශාලාවේ.

10 වැනිදා

දයානන්ද ගුණවර්ධනගේ නරිබෑනා සමඟ ජසයා සහ

ලෙන්චිනා මරදාන ටවර් රඟහලේ.

දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරිබෑනා සමඟ ජසයා සහ ලෙන්චිනා මෙම මස 10 වැනි දින මරදාන ටවර් රඟහලේදී.

11 වැනිදා

ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ‘ගැබ්බර මිනිසා’ දෙහිවල

එස්. ද එස්. ජයසිංහ රඟහලේදී.

සරත් කුලාංගගේ ‘දෙයියොත් දන්නේ නෑ’ මරදාන ටවර් රඟහලේ.

ගයාන් මහගලගේ ‘බොරු කකුල් කාරයෝ මෙම මස 11 වැනිදා බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාල රංග ශාලාවේදී.

13 වැනිදා

ශිරාන් පොල්ගම්පලගේ ‘සමනල රෑනක්’ බාදුරාගොඩ

මඩිතිවල ආදර්ශ විදුහල් රංග ශාලාවේ.

14 වැනිදා

මහාචාර්ය එදරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මඟුල් පරස්ථාව සමඟ ඒකට මට හිනා හිනා’ මොරටුව සර්වෝදය විශ්ව සමාධි ශාලාවේ.

15 වැනිදා

කීර්ති කේ. රත්නායකගේ ‘මීයො නැතුව බෑ’ මරදාන ටවර් රඟහලේ.


ජෝති ජන්ම දිනය සමරා වැඩසටහන් මාලාවක්

අප හදවතේ සැමදා නොමියෙන කෝකිලයාණන් වූ එච්. ආර්. ජෝතිපාලයන්ගේ 76 වැනි ජන්ම දිනය වෙනුවෙන් ජෝති මිතුරු සමාජය සහ ගුණ සමරු පදනම වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.

ඒ වෙනුවෙන් මෙම මස 12 වැනිදා රාජගිරිය – වික්ටෝරියා වැඩිහිටි නිවාසයට දහවල් දානය පිරිනැමීමත්, එදිනම සවස 4.00 ට මාලිගාවත්ත ජෝති පිළිරුමට මල් දම් උපහාර පිදීමක් සිදු වේ. ආදරණීය ගායන ශිල්පියාට ආදරය කරන ඔබටත් ඒ සඳහා සහභාගි වන්න යැයි එම සංගමය විවෘත ආරාධනාවක් කරයි.


ටොයොටා ගී දැහැන 1 වැනිදා

ටොයොටා ලංකා සුබ සාධක සංගමය ඉදිරිපත් කරන ‘ටොයොටා ගී දැහැන’ මෙම මස 11 වැනිදා පස්වරු 7.00 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේදී පැවැත්වේ.

අමරසිරි පීරිස්, සෝමතිලක ජයමහ, සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනී, නිරෝෂා විරාජිණී යන ශිල්පීහු මෙහිදී ගී ගයති.


සුනිල විල කෘතිය දොරට වඩී

‘සුනිල විල’ සංගීත ප්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේදී

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ ‘සුනිල විල’ ගී සරණිය පෙබරවාරි 15 වැනිදා, බදාදා ‘නෙළුම් පොකුණ’ මහින්ද රාජපක්ෂ ජාතික රඟහලේදී පැවැත්වෙයි. සුනිල් එදිරිසිංහයන්ගේ ගායන දිවියෙහි කඩඉම් ලෙස සැලකෙන විශේෂ ගීතාවලියක් මෙහිදී ගායනා කෙරෙනු ඇත. සහාය ගායනා සඳහා නීලා වික්‍රමසිංහ, ටී. එම්. ජයරත්න, එඩ්වඩ් ජයකොඩි සහ දීපිකා ප්‍රියදර්ශනී යන ප්‍රවීණ ශිල්පීන් එක්වනු ඇත. රෝහණ වීරසිංහයන් විසින් සංගීත අධ්‍යක්ෂණය සිදු කරනු ලබන මෙම ප්‍රසංගයේ පිටපත බන්දුල නානායක්කාරවසම් විසින් රචනා කරනු ලබයි. ප්‍රසංග සංවිධායකත්වය බණ්ඩාර ඇහැලියගොඩ විසිනි. චන්දන වික්‍රමසිංහ නර්තන අධ්‍යක්ෂණය කරන අතර අත්වැල් ගායනා සඳහා ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, ජනක වික්‍රමසිංහ සහ ක්‍රිෂාන්ත එරන්දක සහභාගි වනු ඇත.

පුෂ්කර වන්නිආරච්චි විසින් සංස්කරණය කෙරුණු ‘සුනිල විල’ සුනිල් එදිරිසිංහ ගීතාවලෝකනය කෘතිය, එහිදී සුනිල් එදිරිසිංහයන් වෙත පිළිගැන් වෙයි. 1970 සිට 2011 දෙසැම්බර් මාසය දක්වා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන්නට යෙදුණු සියලු ගීතවල එන ගීත 498 ක පද රචනා, මූලාශ්‍රයන් ද සමඟ ‘සුනිල විල’ කෘතියෙහි ඇතුළත් වෙයි. ‘සුනිල විල’ සරසවි ප්‍රකාශනයකි.


පැරැණි හින්දි ගී බිෂොප් විද්‍යාලයේ

පැරැණි හින්දි චිත්‍රපට ගීත ඇතුළත් සංගීතමය ප්‍රසංගයක් මෙම මස 12 වැනිදා ඉරිදා පස්වරු 2.00 ට කොළඹ ගංගාරාම විහාර සීමා මාලකය අසල පෙරහැර මාවතේ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී නොමිලයේ පැවැත්වේ.

පැරැණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජය, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන මේ සංගීත ප්‍රසංගයේ වැඩි විස්තර සඳහා 0718293411 යන දුරකතන අංකය ඔස්සේ ප්‍රියන්තගෙන් විමසන්න.


මේරියන්ස් අලුත් වැඩක් 11 දා

මේරියන්ස් සංගීත කණ්ඩායමට වසර විසි හතරක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ‘Mariance 24 Annuvasary Celebratiom With Love’ ප්‍රසංගය 11 වැනිදා මාරිස්ටෙලා විද්‍යාලයීය ගෘහස්ථ ශාලාවේදී පැවැත්වෙන බව ‘සරසවිය’ට පැවසුවේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරායි. ‘ළඟදීම මගේ ජීවිතයේ වෙනසක් වෙනවා. ඒ ගැන මුලින්ම කියන්නේ ඉතිං සරසවියට තමයි.’

මොකද්ද මේ නලින්ගේ අලුත්ම වෙනස කියලා නලින් සරසවියෙන් ඔබට ළඟදීම හෙළි කරනතුරු බලාගෙන ඉන්න අපි ඔබට ආරාධනා කරනවා.


‘උණ පඳුරක මල් පිපුණු දා’

ප්‍රවීණ ගායන ශිල්පි විජයසිරිවර්ධන පොලොන්ඕවිටගේ ප්‍රථම ගීත එකතුව උණ පඳුරක මල් පිපිලා’ නමින් පසුගියදා පැපිළියාන සුනේත්‍රා දේවි පිරිවෙන් ශාලාවේදී එළි දැක්විණ.

මෙම අවස්ථාවට කලා කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් විමල් රූබසිංහ මහතා සහ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි, නිරංජලා සරෝජිනී, ආචාර්ය රෝහණ වීරසිංහ, ආචාර්ය අජන්තා රණසිංහ, කුලරත්න ආරියවංශ, බන්දුල නානායක්කාරවසම්, නාට්‍ය ශිල්පී නිශ්ශංක දිද්දෙනිය, විශාරද නන්දසේන කටුවාවල, පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි ඇතුළු කලාකරුවන් හා රසික රසිකාවන් රැසක් සහභාගි වුණු අතර විජයසිරිවර්ධන පොලොන්ඕවිට සහ ඔහුගේ ප්‍රිය බිරිය ධම්මිකා අමරා කුමාරි හෙට්ටිආරච්චි සුබ මොහොතින් පහන්සිළු දැල් වූ අයුරු මෙහි දැක්වේ.

විජයසිරිවර්ධන ගැයූ ‘විශාඛාව ඔබ මා දුටු බුදු සිරිතේ, සෙනෙහේ පියුම් විලේ, උණ පඳුරක මල් පිපිලා’ ඇතුළු ජනප්‍රිය සහ නවතම ගීත 16 ක් මෙම සංයුක්ත තැටියට ඇතුළත් වෙති.


‘රෝමය ගිනි ගනී’ මුහුරත් උළෙල ටවර් හිදී

බන්දුල විතානගේ ගේ ‘රෝමය ගිනි ගනී’ නාට්‍යයේ මුහුරත් උළෙල 10 වන දින පෙරවරුවේ 9.16 ට යෙදෙන සුභ මොහොතින් මරදාන ටවර් රඟහල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


යාපහුව පුරාණ රාජධානිය 14 දා දොරට වඩී

පුරා විද්‍යා ශාස්ත්‍රපති කුසුම්සිරි විජයවර්ධන ලියූ ‘යාපහුව පුරාණ රාජධානිය’ නම් අලුත්ම ඉතිහාස ග්‍රන්ථය මෙම මස 14 වැනිදා පෙරවරු 10.00 ට මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී


පරපෝෂිතයෝ රටපුරා

අනුර මාපිටිගමගේ ගේ ‘පරපෝෂිතයෝ’ වේදිකා නාට්‍ය මෙම මස 09 වැනිදා-කොච්චිකඩේ පල්ලන්සේන ආදර්ශ විදුහල් රංග ශාලාවේ, 10 වැනිදා – රාගම බටුවත්ත මධ්‍ය මහා විද්‍යාලයීය රංග ශාලාවේ, 14 වැනිදා - මොරොන්තුඩුව ධම්මානන්ද විදුහල් ශාලාවේ, 15 වැනිදා – කළුතර මියුසියස් විදුහල් එළිමහන් රංග පීඨයේ වේදිකා ගත වේ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව