සළ රූ ගී සර

සරුංගලේ

ගැ - බමරිඳු බමරිඳු කුමට වඩින්නේ
පි - වනමල් කැකුළිය සොයා වඩින්නේ
ගැ - වනමල් කැකුළිය කුමට සොයන්නේ
පි - ලැබුණොත් ඇය පෙම් පවස නිවෙන්නේ

පි - සැනහුනු රස මදිරා තුඩ ගාවා
ගැ - පෙම් මකරන්දය මුලුවත නාවා
පි - බමර කුසුම් හදවත් යුග යාවා
ගැ - දෙමිය පියුමි ලොව හැම රස පාවා

පි - අන් මලකට මකරන්දය ගාවා
ගැ- ඔබෙන් ගෙනා බව මලට නොකීවා
පි -අප පෙම එමලින් මල් පල වේවා ගැ - ලස්සන ලස්සන මල් සුපිපේවා

ගැ - බමරුන් නැති ලොව මල් නොපිපෙන්නේ
පි - මලක් නොලත් ගස නැහැ පල දෙන්නේ
ගැ - ගසක් මලක් නැති ලොව කොයි වැන්නේ
පි - මෙත් ගුණ නැති රළු කතරක් වන්නේ

රචනය – ආචාර්ය ගාමිණී ෆොන්සේකා
සංගීතය – වික්ටර් රත්නායක
ගායනය – ඩබ්. ඩී. අමරදේව සමඟ නන්දා මාලිනී
අධ්‍යක්ෂණය - මහාචාර්ය සුනිල් ආරියරත්න

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව