ශෙහාන්ට හදිසි විවාහයක්

අවුරුදු නවයක් රහසේ පෙම් කෙරුවා හදිසියේ විවාහ වුණා

ඉතින් ශෙහාන් කොහොමද අලුත් ජීවිතේ?

පුංචි දිය පාරක් වගේ සෙමින් ඉදිරියට ගලාගෙන යනවා.

කාටත් නොකියම නේද කූඩු වුණේ?

ඒක නම් එහෙම තමයි.

හේතුව?

මගේ අම්මා ඔස්ට්‍රේලියාවේ ඉන්න අක්කා ගාවට පදිංචියට ගියා. ඇය යන්න පෙර මගේ විවාහය සිදු කළොත් හොඳයි කියා සිතුණා.

ඇයි විවාහය ගැන වැඩිය ප්‍රසිද්ධ කළේ නැත්තේ?

හදිසි විවාහයක්නේ, ඒකයි.

කොහෙද? කවදාද? ඒ හදිසි විවාහය සිද්ධ වූණේ?

දිනය ජනවාරි විසිපහ, තැන හැඳල නායකකන්ද පල්ලිය.

කවුද ශෙහාන්ගේ සිත සොරාගත් තැනැත්තිය?

ඇය ගෙෂ්නි ක්ලෙමෙන්ටිනා. එයා මගේ පාසලේමයි ඉගෙන ගත්තේ.

ඒ කියන්නේ පාසල් ප්‍රේමයක්?

අනිවාර්යයෙන්ම.

ගෙෂ්නි ඔබේ කීවෙනි පෙම්වතියද?

ෆස්ට් ලව් එක, ඒ කියන්නේ මගේ පළමු හෙවත් කුළුඳුල් ප්‍රේමවන්තිය.

දැනට කොච්චර කල් ද දෙන්නගෙ සිත් බැඳිලා?

අවුරුදු නවයක් පමණ.

බලාගෙන ගියාම ශෙහාන් හරිම බොරුකාරයෙක්නේ?

ඒ මොකද . . .?

මෙතෙක් ශෙහාන් පිළිබඳ පුවත්පත් ලිපිවලදී සහ ගුවන් විදුලි, රූපවාහිනි මාධ්‍ය හමුවලදීත් ඔබ පුන පුනා පෙම්වතියක් නොමැති බවට පැවසූ නිසා.?

මට අපි දෙන්නගේ ආදරය හංගන්න වුවමනාවක් තිබුණු හින්දා එහෙම කළේ.

ඔබේ ජනප්‍රියත්වයට හානි වෙයි කියලද?

නෑ, නෑ. ගෙෂ්නිගෙ පෞද්ගලික ජීවිතයට යම් බලපෑමක් එල්ල වේවි කියන බයට.

ඔබේ විවාහය ගැන දැනගත්තම රසිකාවියන් කී දෙනෙකු විතර කම්පනයට පත්වන්නට ඇතිද?

එක් කෙනෙක් දෙන්නෙක්. අනෙක් හැමෝම මට සුබපැතුවා.

විවාහ උත්සවයට ක්ෂේත්‍රයේ හිතවතුන් නොආවේ ඇයි?

ඒකටත් පිළිතුර මේක ‘හදිසි විවාහයක්’ වීම.

ඔබ හිතනවාද නිසි කාලයේදී විවාහය සිදුවුණ බවට?

ඔව්. ඉස්සර වගේ ‘ශෙහාන් මිහිරංග’ කියන නමට අතිශයින් වශී වූවන් නැහැ. ඉතින් ඒ හින්දා මේක තමයි හොඳම කාලේ’.

ශෙහාන්ට වශී වූවෝ කී දෙනෙක් විතර ආදරය ප්‍රකාශ කරලා තියනවද?

ඒක ගණනකින් කියන්න මට මතක නැහැ.

‘ක්ලෙමෙන්ටිනා’ ගීතය ගැයුවේ ඇයටද?

හ්ම්ම් . . .

ඔබට වඩාත් හිතවත් මාධ්‍යයන්ටවත් විවාහය නොකීවේ ඇයි?

ඒකටත් මා ‘හදිසි විවාහයක්’ නිසා යනුවෙන් පිළිතුරු ලබා දෙනවා.

‘හදිසි විවාහය’ යන වචනය පාවිච්චි කරමින් ඔබ බොහෝ ප්‍රශ්නවලින් ලිස්සලා ගියා නේද?

.......................................................................

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව