අර්ජුන් ගෙන් පැන විසඳුම්

පැල්මඩුල්ල ගොඩගම තිලක් ඉඳූරන්පිටිය

ගෝරා ඕර් කාලා හින්දි චිත්‍රපටයේ ඩීවීඩී ලබා ගත හැකිද?එම චිත්‍රපටයේ තොරතුරු දක්වන්න.

මේ චිත්‍රපටයේ ඩීවීඩී තිබෙනවා.

චිත්‍රපටයට පාදක වනුයේ කෝසිකානු බ්‍රදර්ස් නමින් ඇලෙක්සැන්ඩර් ඩියුමා ලියූ කතාවයි.මෙහි රාජේන්ද්‍ර කුමාර්,හේමා මාලිනී,රේඛා,ප්‍රේම් චොප්රා,ජග්දීප් ආදින් චරිත නිරූපනය කළා.අධ්‍යක්ෂණය නරේෂ් කුමාර්.සංගීතය මෙහෙයවූයේ ලක්ෂමීකාන්ත් ප්‍යාරේලාල්.නිෂ්පාදණ කළේ රාජ් කුමාර් කොහ්ලි.

මොරටුව මොරටුවැල්ල හිලරි සිරිලාල් ද අල්මේදා

ගංතෙර චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ කවුද?

මේ චිත්‍රපටය සඳහා බී.එස්.පෙරේරා සහ ආර්.මුත්තුසාමි යන දෙදෙනාම සංගීත නිර්මාණය කළා.

කැලණිය මූනමල්වත්තේ දයාරත්න ගනේගොඩ

අබේවර්ධන බාලසූරිය ගයන පියාණෙනී මා නැවත උපන්නොත් ගීතයේ ඊළඟ වචනය වනුයේ අපාර වූ මේ සංසාරේ ද?

සාර වූ මේ සංසාරේ ද යන්න පැහැදිලි කරන්න

මහාචාර්ය සුනිල් ආරියරත්න සිය අරුන්දතී නම් ගී එකතුවේ මේ ගීතයේ පදමාලාව ඉදිරිපත් කොට තිබෙනවා.එහි තිබෙන්නේ අපාර වූ යනුවෙනුයි.

මිනුවන්ගොඩ මොරගොඩවත්තේ කේ.පී.පියසේන

පසුබිම් ගායක මොහිදින් බෙග් චිත්‍රපට වල රඟපා තිබෙනවාද?

ඔව්.අසෝකමාලා,සුජාතා,සැඩ සුළං,ජීවන ගීතය,චණ්ඩියා,හාරලක්ෂය වැනි චිත්‍රපට කිහිපයකම රඟපෑවා.

කපුගොඩ මාළිඳ සරත් රණසිංහ

අපේ සිංහළ චිත්‍රපට නෙගටිව් පත් ඉන්දියාවේ චිත්‍රාගාර වල තිබේද?

ඒ.වී.එම්.සමාගම නිපද වූ දොස්තර චිත්‍රපටයේ නම් තිබෙනවාලු. අනිත් චිත්‍රපට හදපු චිත්‍රාගාරත් වැඩි හරියක් දැන් නැහැ.

ගම්පහ පෙතියාගොඩ මල්කෝන එච්.එම්.ජයලත්

ගංගා චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කාගේද? නිෂ්පාදනය කාගේද?

අධ්‍යක්ෂණය සී.ටී.පෙරේරා සමඟ පතිරාජ එල්.එස්.දයානන්ද නිෂ්පාදනය සී.ටී.පෙරේරා

මීටියාගොඩ මරදානවත්තේ එච්.එල්.තිලකසිරි ද සිල්වා

මහ ගත් කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකතා ඇසුරෙන් සිනමාවට නැඟුණ නවකතා මොනවාද?

ගම්පෙරළිය,කලියුගය,යුගාන්තය,මඩොලදූව,විරාගය

 

මොරටුව කටුබැද්දේ ඩඩ්ලි ගෝමස්

පිලිපීනයේ රැමොන් මැග්සසේ සම්මානය ආචාර්ය අමරදේවයන්ට පිරිනැමුණු පසු වෙන කාටවත් පිරිනැමුණේ නැතිද?

එය වාර්ෂිකව පිරිනැමෙන්නක්. පසුගිය වසරේත් එහි සම්මාන පිරි නැමුණා.

දූනගහ බටහිර අධිකාරිමුල්ලේ ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

පෙම් රස වෑහෙන මංගල ගීතය කස්තුරි සුවඳ චිත්‍රපටයේ ලෙස පසුගිය සතියේ පළ වී තිබුණා.එය සදහටම ඔබ මගේ විය යුතු යි නේද?

ඔව්.ලෙනාඩ් එය වැරදීමක්.

ඉහළ වීරකොඩියානේ සුනිල් සාන්ත දිසානායක

ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ මුල්ම වෘතාන්ත චිත්‍රපටය කුමක්ද?

හංස විලක්

රාගම වැලිසර සොයිසාවත්ත අයිලින් සෝවිස්

ද මමී නම් බටහිර චිත්‍රපටයයේ තොරතුරු දැන ගත හැකිද?

මේ නමින් ඇමෙරිකානු චිත්‍රපට රැසක් තිබෙනවා.නිහඬ යුගයේ පමණක් චිත්‍රපට 6ක් තැනුණා. ඉතා මෑතකත් තැනුණා. ඔබට දැන ගන්නට වුවමනා කොයි මමී ගැනද?

මාරාවිල මූදුකටුවේ මිල්ටන් ප්‍රනාන්දු

සූරයා සූරයාමයි චිත්‍රපටයේ කැමරා ශිල්පියා කවුරුන්ද?

වී.වාමදේවන්

ගාල්ල අගුලුගහ සනත් රවීන්ද්‍ර

කුමර කුමරියෝ සහ සුහද පැතුම චිත්‍රපට වල ඩීවීඩී ලබා ගත හැකිද?

නීත්‍යානුකූලව නිකුත් වුනා දැයි දන්නේ නැහැ. හැබැයි නැතුවා වෙන්න බැහැ.

ධර්ගා නගරය සුරවීර නාකන්දල

ටෝනි ජා ගැන වෙනම ලිපියක් පළ කරන්න බැරිද?

ඉදිරියේදී ඔබේ ඉල්ලීම ඉටුවේවි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව