FEEDBACK

චිරං ජයතු

අයිරාංගනී මෑණියනි

රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේදී යාවජීව සම්මානයෙන් පිදුම් ලද ඔබතුමිය චිරාත් කාලයක් රංගන ලොවේ අසිරිය මවමින් නිදුක් නීරෝගිව යෙහෙන් වැජඹේවා.

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය.


නළුවෝ නැතිද?

පසුගිය සතියක සරසවිය පුවත්පතෙහි ප්‍රතිචාර තීරයේ එක් අදහසක් තිබුණා. සනත් ගුණතිලකගෙන් පසුව හොඳ නළුවන් බිහි නොවූ බවට. ඒත් මම හිතන්නේ කමල් අද්දරආරච්චි සිටිනවා. ඉදිරියේදීත් හොඳ නළුවන් සහ නිළියන් බිහිවේවි. ප්‍රශ්නෙ තියෙන්නේ ඔවුන්ගේ දක්ෂතා මදි වීම නොව හොඳ නිර්මාණ නොලැබී යාමයි.

හෝමාගම - දර්ශන


මියුසික් ටී. වී. සිත් දිනා ගත්තක්

ස්වර්ණවාහිනියෙන් සිකුරාදා, රාත්‍රී දහයට විකාශය වන මියුසික් ටී. වී. වැඩසටහන අපේ සිත් දිනා ගනී. එය තවත් ඉදිරියට කරගෙන යාමට නිෂ්පාදකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ශක්තිය, ධෛර්යය ලැබේවා.

රෝහිණී දයාරත්න- දිවුලපිටිය.


උදාරිට සුබපැතුම්

උදාරි අක්කට රංගනයෙන් දිගු ගමනක් යන්නට සුබපැතුම්.

අයේෂා දිල්රුක්ෂි- රන්න.


බාචි සුසාන් ගීත ලස්සනයි

නව පරපුරේ ආදරණීය හඬ බාචි සුසාන්, ඔබේ ගීත ඇත්තටම ලස්සනයි. එවන් හෘදයාංගම නිර්මාණ තවත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා.

නිරාෂා මධුමාලි

දිවුලපිටිය.


වයඹ නාලිකාවට සුබ පැතුම්

තෙවැනි සංවත්සරය සමරන වයඹ ගුවන් විදුලි නාලිකාවට ඉදිරියටත් නවමු වෙනස්කම් සමඟින් වැඩසටහන් තිළිණ කරන්නට පාලකතුමිය, කුමාරි ගුණරත්න ඇතුළු කාර්ය මණ්ඩලයට ශක්තිය ධෛර්ය ලැබේවා.

හෙට්ටිපොළ - ධනුෂ්කා ඒකනායක


දිලිණි විශිෂ්ටයි

දිලිණි ලක්මාලි නම් වූ ඇයගේ රංගන කුසලතාව අති විශිෂ්ටයි. ඉදිරියට හොඳ නිර්මාණවලට දායක වීමට ආශිර්වාද කරමි.

බෙලිඅත්තේ - පවිත්‍ර


අමරපුරය මතුවටත් ගැලපෙන්නකි

රූපවාහිනී නිර්මාණකරණයේ ප්‍රවීණයකු වූ රුපියල් ශත, දඩබිම ඇතුළු හරවත් ටෙලි නාට්‍ය රැසක් අප වෙත ගෙන ආ බර්ට්‍රම් නිහාල් නම් වූ කුසලතා පූර්ණ අධ්‍යක්ෂවරයා අතින් නිම වූ අමරපුරය අදටත්, මතුවටත් ගැලපෙන දේශපාලනයේ යථාර්ථය උසස් පැලැන්තියේ පවුල්වල නොමඟ ගිය දුවා දරුවන්ගේ කෙරුවාවල් කදිමට පෙන්නුම් කරන බුද්ධ ධර්මය ගැන ද ගැඹුරින් විග්‍රහ කෙරන ආදර්ශවත් ටෙලි වෘතාන්තයකි.

දූනගහ බටහිර අධිකාරිමුල්ලේ - ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු


රත්නාවලීට උපහාර පිදිය යුතුය

ගුවන් විදුලිය, වේදිකාව, රූපවාහිනිය, සිනමාව යන අංශ හතරෙන්ම දස්කම් පෑ ප්‍රවීණ කලා ශිල්පිණී රත්නාවලී කැකුණවෙල මහත්මියට උපහාර පිදිය යුතු නියම කාලය මෙය බව මාගේ හැඟීමයි.

කමල් පි‍්‍රයන්ත ජයසිංහ

ගාඩගම, නක්කවත්ත.


දුලීකා දිගු කලක්

දුලීකා මාරපන නම් වූ අති දක්ෂ රංගන ශිල්පිණියනි, ඔබේ රංගනයන් දිගු කාලයක් නෙත ගැටේවා.

මනෝජ් වින්දන

පන්නිපිටිය.


රොමේෂ්ගේ දිගු දෑස ලස්සනයි

ඔබේ දිගු දෑස සිංදුව ගොඩක් ලස්සනයි. ඔබ ළඟදීම තවත් එවැනි සිංදුවක් නිර්මාණය කරන්න. ඔබට මම හදවතින්ම සුබ පතනවා.

කසුන් දුලීක - පිළියන්දල.


කුස පබා ආනන්දයෙන් ප්‍රඥාවට

කුස පබා අති විශිෂ්ට සැබෑ කලා කෘතියක්. එය මිනිසෙක් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යනවා.

සුනිල් ආරියරත්න මහාචාර්යතුමනි, කුස පබා අපේ සිංහල සිනමාවේ අපේ කාලයේ වැදගත් සිනමා නිර්මාණයක්. ඊට දායකත්වය සැපයූ සියලු දෙනාට සුබපැතුම්.

වරකාපොළ - කුමාරි විජේරත්න

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව