වියට්නාම් සිනමා උළෙලක් මුල් වරට ලංකවේ

මෙරට මුල් වරට සංවිධානය වන වියට්නාම් චිත්‍රපට උළෙල මෙම මස 15 වැනිදා සිට 19 වැනිදා දක්වා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී

පැවැත්වෙයි. මෙහි සමාරම්භය වියට්නාම් තානාපති ටොම් සිං තැන් සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එදින සවස චිත්‍රපට ශාලා පරිශ්‍රයේදී සිදුවේ. මෙම උළෙලට අඩංගු චිත්‍රපට වියට්නාමයේදී සම්මානයට පාත්‍ර වූ ඒවා වීම විශේෂත්වයකි. මෙය චිත්‍රපට ලෝලීන් වෙනුවෙන් නොමිලයේ විවෘතව පවතියි.

චිත්‍රපට උළෙලේ කාල සටහන මෙසේය.

පෙබරවාරි 15 වැනිදා සවස 7.00 ට ඩැන්ග් නිහ්ත් මින් අධ්‍යක්ෂණය කළ ඩෝන්ට් බර්න්.

පෙබරවාරි 16 සවස 6.00 ට හයි නිත්හ් අධ්‍යක්ෂණය කළ හැනෝයි ලිට්ල් ගර්ල්.

පෙබරවාරි 17 වැනිදා සවස 6.00 ට නගුයෙන් විත් සන් අධ්‍යක්ෂණය කළ ද මූන් ඉන් ද බොටම් ඔෆ් ද වෙල්.

පෙබරවාරි 18 වැනිදා සවස 6.00 ට හොන්ග් සෙන් අධ්‍යක්ෂණය කළ වයිල්ඩ් ෆීල්ඩ්.

පෙබරවාරි 19 වැනිදා සවස 6.00 ට ක්වෑන්ග් හයි අධ්‍යක්ෂණය කළ ස්ටෝරි ඔෆ් පැඕ.


සිනමා කිවිඳියගේ අලුත්ම රූ කාව්‍යය වෛෂ්ණාවී දිගටම වැඩ

සුමිත්‍රා පීරිස්ගේ දොළොස්වැනි සිනමා කාව්‍යය වෛෂ්ණාවී හි රූගත කිරීම් මේ දිනවල කැලණිමුල්ල අවට ප්‍රදේශයන්හි සිදුවේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කතා සංකල්පයකට අනුව ටෝනි රණසිංහයන් තිර රචනය කළ වෛෂ්ණාවී හි ටෝනි රණසිංහ, අයිරාංගනී සේරසිංහ, වසන්ති චතුරාණි, යශෝධා විමලධර්ම, මහේන්ද්‍ර පෙරේරා, ජයලත් මනෝරත්න, අශෝක රොද්‍රිගෝ, ෂෙහාරා හේවදූව, තුමිදු දොඩම්තැන්න, වීණා ජයකොඩි, රොෂාන් පිලපිටිය ඇතුළු පිරිස රංගන දායකත්වය සපයති.

මෙය ඒෂියා ඩිජිටල් ආයතනයේ නිෂ්පාදනයකි. වෛෂ්ණාවීහි අලුුත් තොරතුරු සරසවිය ඉදිරි කලාපවලදී ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙමු.


නාලකගේ අනිත්‍යා කැපේ

නාට්‍යවේදී, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලක විතානගේ ගේ මුල්ම චිත්‍රපටය අනිත්‍යා හි සංස්කරණ කටයුතු පසුගියදා නිම විය.

නාලක, ප්‍රවීණ රංගනවේදී බන්දුල විතානගේ ගේ පුත්‍රයා වේ.

බන්දුල විතානගේ, රොජර් සෙනෙවිරත්න, සංගීතා වීරරත්න සමඟ නව පරපුරේ නළු නිළියන් වන විශ්ව ලංකා, උදිත් අබේරත්න, මැණික් විජේවර්ධන, කිෂාණි අලංකි පෙරේරා ඇතුළු පිරිස අනිත්‍යා හි රංගන දායකත්වය සපයති.

ආලෝකකරණය සහ කැමරා අධ්‍යක්ෂණය පී. බාලසූරියගෙනි. සංස්කරණය එෂාන් මොටාගෙදර නිම කර තිබේ. නිමල් රාජපක්ෂ අංග රචනා ශිල්පියාය. රෝහණ හේවාපතිරණගේ කලා අධ්‍යක්ෂණයකි. ඩබ්ලිව්. බී. සම්පත් සමඟ වී. ද සිල්වා ශබ්ද සංකලනය කරති. ගීත රචනය සහ තනු මලික් පෙරේරාගෙනි. බුද්ධික ශ්‍රී කහවල, මධුශාන් ෆොන්සේකා සහ මංගල ෆොන්සේකා සංගීත අධ්‍යක්ෂවරුන්ය.


‘දෝණි අමායා’ මුහුරත් උළෙල දා

කීර්ති බණ්ඩාරගේ නවතම සිනමාපටය ‘දෝණි අමායා’ හි මුහුරත් උළෙල පසුගියදා කොළඹ කොම්පඤ්ඤ වීදියේ නිපෝන් හෝටලයේදී පැවැත්විණි.

මෙය කීර්තිගේ තෙවැනි සිනමාපටය වන අතර ඔහු මීට ප්‍රථම ආදර මීනා, සීයාගේ පුංචි වීරයෝ (තිරගත වීමට ඇති) යන චිත්‍රපට නිර්මාණය කොට තිිබේ.

ක්ලීටස් මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, ටෙනිසන් කුරේ, විල්සන් ගුණරත්න, චන්දික නානායක්කාර, හයිසින්ත් විජේරත්න, ලියෝනි කොතලාවල, බිමල් ජයකොඩි, සැනෙට් දික්කුඹුර, සංකේත් වික්‍රමගේ, විනෝජා නිලන්ති, හැරී විමලසේන, සුසිල් පෙරේරා, නිහාල් ගමගේ, සුගත් මොරගහකුඹුර, කුමුදු පාලිත ජයවීර, සුනිල් ලියනආරච්චි, ඩීමන් ;හට්ටිආරච්චි, ගීනාත් කල්හාර, මධුෂා සත්සරණි, රුවනි පෙරේරා, සචිනි දූලාංජලී දෝණි අමායා හි නළු නිළියන් පිරිස වේ. අංග රචනය ඉමල් ශානක පීරිස්ගෙනි. ඇහැලියගොඩ සෝමතිලක කලා අධ්‍යක්ෂවරයාය. එම්. ඒ. ගෆූර්ගේ කැමරා අධ්‍යක්ෂණයකි. ගීත ගායනා ප්‍රදීපා ධර්මදාස, දමයන්ති ජයසූරිය, සහ ඩෙරික් ද සිල්වා එක් වෙති. සංගීතය විශාරද මනෝජ් පීරිස් නිමවයි. තිලකරත්න ලියනගේ සහය අධ්‍යක්ෂවරයාය. සුමිත් මුදන්නායක සටන් අධ්‍යක්ෂණයෙන් දායක වෙයි. දෝණි අමායා කීර්තිගේම නිෂ්පාදනයකි.


සිනමාවේ අලුත් අස්වැන්න නෙළා ගනී

කෙටි චිත්‍රපට අංශයේ පළමු තැන දිනා ගත් අනෝමා සහ වාර්තා චිත්‍රපට අංශයේ පළමු තැන දිනා ගත් සමින්ද සිය සම්මාන අතැතිව.

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ යෞවන කෙටි සහ වාර්තා චිත්‍රපට උළෙළ ‘ශ්‍රී ලංකා තාරුණ්‍යයේ සිනමා අස්වැන්න’ හි සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ.

සමස්ථ ලංකා මට්ටමින් ක්‍රියාත්මක වූ මෙම තරගයට කෙටි චිත්‍රපට 74 ක් සහ වාර්තා චිත්‍රපට 14 ක් ඉදිරිපත් වී තිබිණ.

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා, කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන, උපුල් ශාන්ත සන්නස්ගල, අර්ජුන කමලනාත් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

මේ එම සම්මාන උළෙලේ නාම ලේඛනයයි.

කෙටි චිත්‍රපට අංශය:

1. අනෝමා වීරසේකර (බ්ලඩ්)

2. පී. ටී. එම්. ආර්. විජේසිංහ

(එඩිට් ඇන්ඩ් සෙන්ට් ඉට්)

3. එච්. එම්. එස්. එස්. දසනායක (දඬුවම)

වාර්තා චිත්‍රපට අංශය:

1. ඒ. එම්. ඒ. සමින්ද අත්තනායක (රිටිපන්න)

2. ටී. එම්. ආර්. සම්පත් තෙන්නකෝන්ගේ (මිෂන් ඉන් මොබයිල් ෆෝන්)

3. මහේෂ් ජානක රණසිංහ (ද කොෆින්)

ජූරියේ විශේෂ කුසලතා සම්මාන:

ප්‍රභාත් අරවින්ද මාරසිංහ (ඉමේජ්)

සංඛ බෝධිය බදුගේ (සෙල්සියස් අංක 35)

කුසලතා සහතික:

කෙටි චිත්‍රපට අංශය

කසුන් ස්වප්න බණ්ඩාර (ද කොයින්)

ගයාන් යසනුවන් (මා දුටු දේ)

පාලිත අබේලාල් ධර්මසේන (ද ප්ලේ)

කේ. ඒ. සී. සංකල්පන (තවත් තරු කතාව)ක්

ටී. ආර්. එම්. ඒ. තෙන්නකෝන් (කෑල්ල)

වාර්තා චිත්‍රපට අංශය:

අයි. කේ. ආර්. දුමිත් හසන්ත පතිරණ (කතරක ඇරැඹුම)

මනෝජ් මධුසංක (බොල්ගොඩ ලේක්)

කුසල් කාවින්ද විදානපතිරණ (රකිනු ලෙස කොලවේනියාව)

එම්. පී. ගයාන් ප්‍රදීප් (ද ටෘත්)

වයි. ගයාන් දේශප්‍රිය (ගම්බාරේ)

ලක්ෂිත ප්‍රසාද් වීරසේන (ද ෆැන්සි මයින්ඩ්)

ඩබ්ලිව්. එම්. අමෝමා වීරසේකර (වනපෙතින් නික්ම)

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව