දමිළ සිනමාවේ පුවත් මවන්නිය ත්‍රිෂා

මනබඳනා රූ සපුවත්, වාසනාවත්, දක්ෂතාවයත් එක්තැන් වූ අලුත් පරපුරේ නිළියන් අතර ඈ පෙරමුණේය. සහාය චරිතයක් රඟපාමින් සිනමාවට පිවිසි මේ රුවැත්තිය රූප රාජිනියකි. වරක් දෙවරක් නොව තෙවරක්ම ඇගේ රුව සම්මානයට ද පාත්‍ර විය. ඈ දකුණු ඉන්දීය සිනමා නිළි ත්‍රිෂාය. ත්‍රිෂා ක්‍රිෂ්ණන්ය.

1999 වසරේ දී මිස් සලෙම් (Miss Salem) කිරුළ හිමි කර ගැනීමත් සමඟ සිනමාවට පිවිසි ත්‍රිෂා එම වසරේම ජෝඩ් සිනමා පටයේ සහාය චරිතයක් රඟපාමින් සිනමාවට අවතීර්ණ වුව ද, නැවතත් ඈ සිනමා සිත්තමකට දායක වන්නේ අවුරුදු 2 කට පමණ පසුය. එහෙත් ඒ අවුරුදු 2 තුළ රූප රාජිනියක් ලෙසින් ඈ සම්මාන දෙකක් හිමි කර ගත්තාය. ඒ මිස් චෙන්නායි (2000) කිරුළ සහ මිස් ඉන්ඩියා බියුටිෆුල් ෆේස් (2001) කිරුළය.

2002 වසරේදී ‘මවුනම් පෙසියදේ’ නම් දමිළ සිනමා පටයේ සූර්යා සමඟ ප්‍රධාන චරිතයට පණ දෙමින් ඇය නැවතත් සිනමාවට පිවිසියාය. ඉන් පසුව ‘සාමි’ සිනමා පටයේත් ප්‍රවීණ අධ්‍යක්ෂ ප්‍රියදර්ශන් අධ්‍යක්ෂණය කළ ‘ලෙසා ලෙසා’ ඇතුළු සිනමා සිත්තම් කිහිපයකටම දායක වුණි. ‘ලෙසා ලෙසා’ වෙනුවෙන් ඇය FTFA හොඳම නවක නිළියට හිමි සම්මානය හිමි කර ගත්තාය.

2004 වසරත් සමඟ ඇගේ තෙළිඟු සිනමා සංක්‍රමණය ද ආරම්භ විය. ‘වර්ෂාම්’ ඇගේ පළමු තෙළිගු සිනමා සිත්තමයි. එය නොසිතු විරූ ජනප්‍රියත්වයක් හිමිකර දුණි. ‘සයිලජා රංගා’ ලෙසින් ප්‍රබල රංගනයක් ඉදිරිපත් කළ වර්ෂාම් ඇය 2004 වසරේ හොඳම නිිළියට හිමි දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මානය දක්වා ඔසවා තැබුණි. තෙළිඟු සිනමාවේ වීරවරියක් බවට පත් වූ මේ හුරුබුහුටි නිළිය 2005 වසරේදී නැවතත් හොඳම නිළියට හිමි දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගත්තාය. ඒ ‘නුවෙස්ට්ඇනන්ට් නෙනොඩිඩැන්ටනා’ සිනමා පටයේ ‘සිරී’ නම් චරිතය වෙනුවෙනි. 2005 වසරේදී ‘අතාදු’ තෙළිඟු සිනමා පටයේ ‘පූරි’ චරිතය උදෙසා ෆිල්ම් ෆෙයාර් සම්මානය වෙනුවෙන් ඇගේ නම නිර්දේශ විය. මේ නිසාම ඇය තෙළිඟු සිනමාවට නැතිවම බැරි චරිතයක් බවට පත් විය. 2006 වසරේදී ‘උනක්කුම් එනක්කම්’ දමිළ සිනමා පටයේ ‘කවීතා’ ලෙස කළ රඟපෑම ඇය දමිළ සිනමාවේ වීරවරියක් බවට පත් කළේය. ඒ වෙනුවෙන් ඇය විජේ සම්මානයක් හිමි කර ගත්තාය. 2007 වසර නැවතත් ඇයට වාසනාව කැන්දා ගෙන ආවේ තෙළිඟු සිනමා පටයක් වූ ‘ආඩවාරි මට්ටලගු අර්ධාලු වේරුල්’ හි ‘කීර්ති’ ගේ චරිතයයි. එම වසරේ හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගත්තේ ද ඇයයි. මේ අතර කාලයේ දමිළ හා තෙළිඟු සිනමා පට කිහිපයකම රංගනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ ත්‍රිෂා 2008 වසරේදී හොඳම නිළියට හිමි තමිල්නාඩු රජයේ විශේෂ සම්මානය දිනා ගත්තාය. ඒ ‘අභියුම් නානුම්’ සිනමා පටයේ ‘අභි රාගුරාම්’ චරිතය වෙනුවෙනි.

ඉන් පසුව ද සිනමා සම්මාන රැසක් හිමි කර ගත් ත්‍රිෂා දමිළ සිනමාවේ ජනප්‍රියම තරු වන වික්‍රම්, සූර්යා, විජේ, මාධවන්, අජිත් සමඟ මෙන්ම ප්‍රවීණ නළු කමල් හසන් සමඟ ද ප්‍රධාන චරිත නිරූපණය කර තිබේ. දමිළ සිනමාවේ සදාතනික වීරයා වන රජිනි කාන්ත් රඟන ‘රණා’ සිනමා සිත්තමේ ද ත්‍රිෂා රඟපෑමට නියමිතය.

දමිළ සහ තෙළිගු සිනමාව ජය ගත් ඇයට 2011 වසරේදී හින්දි සිනමාවේ ද දොරගුළු විවර විය. ප්‍රියදර්ශන් අධ්‍යක්ෂණය කළ ‘කහ්තා මේතා’ හින්දි සිනමා සිත්තමේ ඇය ආක්ෂේ කුමාර් සමඟ ප්‍රධාන චරිතය වූ ‘ගෙහ්නා’ චරිතයට පණ පෙවුවාය. ඒ වෙනුවෙන් ඈ ස්ටාර්ඩස්ට් සම්මානයකට ද නිර්දේශ විය. මේ වන විට ඇය සිනමා සිත්තම් 45 කට පමණ දායකත්වය ලබා දී ඇත.

චරිත තෝරා බේරා ගනිමින් රංගනයට දායක වන ත්‍රිෂාගේ අරමුණ ඉන්දීය සිනමාවේ දිගු ගමනක් යාමය. සිනමා රංගනය වෙනුවෙන් විවිධාකාර සම්මාන 15 ක් පමණ හිමි කර ගෙන සිටින ත්‍රිෂා People For the Ethical Treatment of Animals (PETA) සංවිධානයේ තානාපතිනියක් ලෙස සුනඛ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරයි. ඒ වෙනුවෙන් ඇය NDTV Indian of the Year සම්මානයෙන් පිදුම් ලැබුවාය.

ජනප්‍රිය හින්දි නිළි රාණි මුඛර්ජි වෙළෙඳ නාම තානාපතිනිය ලෙස පෙනී සිටි ෆැන්ටා ඉන්දියා දැන්වීමේත්, ප්‍රීටි සින්ටා පෙනී සිටි ස්කුටි පෙප් ප්ලස් හිත් නව වෙළෙඳ නාම තානාපතිනිය ත්‍රිෂාය. ජනප්‍රිය දමිළ නිළි අසින් පෙනී සිටි ‘ෆෙයාඑවර් ෆෙයානස් ක්‍රීම්’ නව දැන්වීම සඳහා තේරී ඇත්තේ ද ත්‍රිෂාය.

සිය මව සමඟ සමීප බැඳීමක් ඇති නිළියක් ලෙසත් ප්‍රකට ත්‍රිෂා දර්ශන තළ වෙත යන්නේ ද මව සමඟිනි. එහෙත් ඇයට කට කතාවලින් නම් අඩුවක් නැත. ඒ නිසාම ඇය දකුණු ඉන්දීය සිනමාවේ පුවත් මවන්නියක වී සිටී. 2010 වසරේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සමඟ ද ඇගේ නම ඈඳුණි. එපමණක් නොව ඇයගේ නිරුවත් නාන දර්ශනයක් අන්තර් ජාලයට එක්වීමෙන් ද ඇය අපහසුවට පත් වූවාය. ඒ පිළිබඳ පොලිස් සහාය පැතීමට ද ඇයට සිදු විය.

මේ වසරේදී තිරගත වීමට නියමිත ‘සමරන්’ දමිළ සිනමා සිත්තමේත් ‘බොඩිගාඩ්’ සහ ‘දම්මු’ තෙළිගු සිනමා සිත්තම්වලදීත් ත්‍රිෂා ඔබට දැකගත හැකිය.

මේ සියලු දේ සමඟ සාර්ථක වෘත්තීය ගමනක නියැළෙන ත්‍රිෂා සිනමා වීරයන් රජයන දකුණු ඉන්දීය සිනමාවේ වීරවරියන් ද සිටින බවට කදිම නිදසුනකි.

අන්තර් ජාලයෙනි

නම – ත්‍රිෂා ක්‍රිෂ්ණන්

වෙනත් නම් - හනී

උපන් දිනය – 1983. 05. 04

උපන් ස්ථානය - කේරලය, ඉන්දියාව

උස - 5’ 8’’

උසස් අධ්‍යාපනය – එතිරාජ් විද්‍යාලය, චෙන්නායි

වෙනත් දක්ෂතා - බැලේ නර්තන ශිල්පිනියකි

මවු භාෂාව - දෙමළ

කතා කළ හැකි භාෂා - ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ප්‍රංශ

වෘත්තිය – රඟපෑම, වෙළෙඳ දැන්වීම් නිරූපණය, මෝස්තර නිරූපණය

විනෝදාංශ - සංගීතය, කියවීම, පිහිනීම

කැමැති කෑම - රතු බත් සමඟ චිකන් කරි

කැමැති පොත – චිකන් සුප් ෆෝ ද සෝල් (ඛ්ඩඪජඬඥද ඉධභන ජ්ධප බඩඥ ඉධභත)

කැමැති සඟරාව - ෆෙමිනා

කැමැති සිනමා සිත්තම් – ද ඉංග්ලිෂ් පේෂන්ට්, සයිලන්ස් ඔෆ් ද ලැම්බ්ස්

කැමැති නළු නිළියන් – ජූලියා රොබට්ස්, ටොම් හැන්ක්ස්, මනීෂා කොයිරාල

කැමැති සංගීතවේදියා - ඒ. ආර්. රහ්මන්

ප්‍රියතම පුද්ගලයන් – ක්ලෝඩියා ස්චිෆර්, ඓෂ්වර්යා රායි, මධූ සප්රේ

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව