සිංහළ සිනමා විස්තරය

වෙස් ගත්තෝ

තිරගත වූ දිනය – 1970 දෙසැම්බර් 10

ඉදිරිපත් කිරීම - දිසානායක චිත්‍රපට

නිෂ්පාදනය - දොස්තර ලීනස් දිසානායක

කතාව, දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය – වසන්ත ඔබේසේකර

කතා සංකල්පය – ‘වී ආ නෝ ඒන්ජල්ස්’ ඉංග්‍රීසි චිත්‍රපටය ඇසුරිනි

කැමරා අධ්‍යක්ෂණය – විලී බ්ලේ්ක්

සංස්කරණය – ලාල් දිසානායක

සහාය අධ්‍යක්ෂණය – බන්දුල විතානගේ

කලා අධ්‍යක්ෂණය – චන්ද්‍රසිරි දෙනිපිටිය

සංගීත අධ්‍යක්ෂණය - සෝමදාස ඇල්විටිගල

ගීත ප්‍රබන්ධය - මහගම සේකර

ගීත සංඛ්‍යාව - 02

ගීත ගයනය – වික්ටර් රත්නායක, වින්සන්ට් ප්‍රේමසිරි, බර්ටි රණසිංහ, පී. කේ. තිලකරත්න

ගීත:

අඩවන් දෑසින් - වික්ටර් රත්නායක

අපි සල්ලිකාරයෝ - සමූහ ගීතය

ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස්

නළු නිළියන් –

සිරිල් වික්‍රමගේ, සෝමසිරි දෙහිපිටිය, නාමෙල් වීරමුණි, පී. බී. මයිල්ලෑව, ධර්මදාස කුරුප්පු, අයිවන් පණ්ඩිතරත්න, විමල් කුමාර් ද කොස්තා, දයා තෙන්නකෝන්, ප්‍රේමා ගනේගොඩ, චන්ද්‍රසිරි දෙහිපිටිය, චන්ද්‍රිකා කෝන්ගහගේ, චන්ද්‍රපාල විජේසූරිය, ලූෂන් බුලත්සිංහල, කරුණාපාල ගමගේ, පියසේන අහංගම

විශේෂතා - මේ සමඟින් විමල් කුමාර් ද කොස්තා රඟපෑ නිහඬ අභිරූපන කෙටි චිත්‍රපටයක් ද පෙන්වීය.

මංගල දර්ශනය - සිරිමාවෝ බණ්ඩාරායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී


සුළි සුළං

තිරගත කළ දිනය – 1970 දෙසැම්බර් 24

සම නිෂ්පාදනය – විජිත මල්ලිකා සහ ඇන්ටන් ප්‍රනාන්දු

ඉදිරිපත් කිරීම – විජිත ෆිල්ම්ස්

අධ්‍යක්ෂණය – ඇන්ටන් ප්‍රනාන්දු

කතාව හා දෙබස් - කේ. හියුගෝ ප්‍රනාන්දු

කැමරා අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස්

සංස්කරණය – බර්නාඩ් රෙජිනෝල්ඩ්

නැටුම් අධ්‍යක්ෂණය - හෙලන් කුමාරි

සංගීත අධ්‍යක්ෂණය – ටී. එෆ්. ලතීප්

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ධර්මසිරි ගමගේ, සිරිල් ඒ. සීලවිමල

ගීත සංඛ්‍යාව - 06

ගීත ගායනය - මොහිදින් බෙග්, මිල්ටන්

පෙරේරා, ලතා - ධර්මදාස වල්පොල,

ලා සිලනියන්ස්, කැමිලස් පෙරේරා, ඇන්ජලින් ගුණතිලක, එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක

ගීත:

සීතල පවනේ චංචල හැඟුමේ – ලතා වල්පොල

පායාවි ඈත සූරිය රැස්මාලා - මිල්ටන් පෙරේරා / කැමිලස් පෙරේරා

ලංවෙන්න සුවදේ මිහිරි – ඇන්ජලින් ගුණතිලක

ජීවිතය ද මේ ආදරය ද මේ – මොහිදින් බෙග් / ලතා වල්පොල

කොහේදෝ කොහේදෝ ඈත - ජෝතිපාල / සුජාතා

ප්‍රේම ලොවේ සුරතලා - ලා සිලනියන්ස්

ගීත පොත්: -එම්. කේ. පොන්නයියා පිල්ලේ

නළු නිළියන්:

විජිත මල්ලිකා, වොලී නානායක්කාර, හියුගෝ ප්‍රනාන්දු, එච්. ඩී. කුලතුංග, ශිරාණි ප්‍රනාන්දු, ඩී. ආර්. නානායක්කාර, ලීනා ප්‍රනාන්දු, ඇන්තනි සී. පෙරේරා, බන්දු මුණසිංහ, ප්‍රියන්ති ප්‍රනාන්දු, පර්ල් කුරේ, සෝනියා දිසානායක, හෙලන් කුමාරි, ලිලියන් එදිරිසිංහ

සුළි සුළං හි මංගල දර්ශනය පැවැත් වූයේ එවකට රාජ්‍ය ආරක්ෂක උප ඇමැති ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙනි.


පූජිතයෝ

තිරගත වූ දිනය – 1971 ජනවාරි 14

ඉදිරිපත් කිරීම - සිරිලක් ගීතානි චිත්‍රපට

නිෂ්පාදනය – බී. වික්ටර් පෙරේරා

කැමරාකරණය, අධ්‍යක්ෂණය, සංස්කරණය – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා

තිර රචනය සහ දෙබස් - සිරිල් හෙට්ටිගේ

කතාව - ඇලන්සන් මෙන්ඩිස්

වේශ නිරූපණය – ඊබට් විජේසිංහ

ශබ්ද පරිපාලනය - මර්වින් රුද්‍රිගූ

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, ධර්ම ශ්‍රී කල්දේරා, සරත් විමලවීර, සිරිල් හෙට්ටිගේ,

ගීත ගායනය – ඒ. ජේ. කරීම්, ඩබ්ලිව්. ඩී. අමරදේව, ලතා වල්පොල, එම්. එස්. ප්‍රනාන්දු, මිල්ටන් මල්ලවආරච්චි, වික්ටර් රත්නායක, ඇන්ජලින් ගුණතිලක, එච්. ආර්. ජයරත්න

ගීත සංඛ්‍යාව - 06

ගීත:

සාදති සාදති මෝහ මානපිරි – ඒ. ජේ. කරීම් සහ

පිරිස

සක්වල රත්වන පළිඟු තලාවක – එම්. එස්. ප්‍රනාන්දු, මිල්ටන් මල්ලවආරච්චි

පාළු අඳුරේ පැතුම් සොහොනේ – ලතා වල්පොල

නිවන් පුරට මඟ පෙන්වන – ඩබ්. ඩී. අමරදේව (ධර්මසිරි ගමගේ)

ජීවන ආශා සදයි වේදනා - වික්ටර් රත්නායක (ධර්මසිරි ගමගේ)

ලස්සන මලකට ඇස් දෙක ඇදුනම – ඇන්ජලින් ගුණතිලක

ගීත පොත්- එම්. කේ. පොන්නයියා

පිල්ලේ - මරදාන

නළු නිළියන්:

ස්ටැන්ලි පෙරේරා, වොලී නානායක්කාර, තිස්ස විජේසුරේන්ද්‍ර, ශේන් ගුණරත්න, නිලන්ති විජේසිංහ, විමල් කුමාර් ද කොස්තා, ස්වර්ණා කහවිට, එච්. ඩී. කුලතුංග, ලයනල් දැරණියගල, ශාන්ති ලේඛා, ජෝ දඹුලුගල, ලලිතා අල්මේදා, සෝනියා දිසානායක, වයි. එම්. කරුණාතිලක, පියදාස විජේකෝන්, දෙනවක හාමිනේ, ධර්මදාස කුරුප්පු, වින්සන්ට් සේරසිංහ

මෙහි මංගල දර්ශනය ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමැති ආර්. ඇස්. පෙරේරා මහතා සහ කථානායක ස්ටැන්ලි තිලකරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අශෝකා සිනමා ශාලාවේදී පැවැත්විණ.


දැවෙන පිපාසය

තිරගත කළ දිනය – 1971 පෙබරවාරි 11

ඉදිරිපත් කිරීම – පැසිපියා චිත්‍රපට

නිෂ්පාදනය – පබ්ලික් දොඩන්ගොඩ

තිර නාටකය, කැමරාකරණය සහ අධ්‍යක්ෂණය – තිමති වීරරත්න

කතාව, දෙබස් සහ ගීත ප්‍රබන්ධය - හෙන්රි ධර්මසේන

ගීත තනු සහ සංගීත අධ්‍යක්ෂණය –පී. වී. නන්දසිරි

කලා අධ්‍යක්ෂණය - ස්ටීවන් ගුණතිලක

සංස්කරණය – ඒ. ඒ. සුමනදාස, තිමති වීරරත්න

නිෂ්පාදන කළමනාකරු - ඩබ්ලිව්. ඇම්. කේ. වෛද්‍යආරච්චි

ගීත ගායනය – පී. වී. නන්දසිරි, එච්. ආර් ජෝතිපාල, ශ්‍රීමතී රණසිංහ, ලතා වල්පොල

ගීත සංඛ්‍යාව - 05

ගීත:

තෘෂ්ණා පිපාසේ කාම පිපාසේ - පී. වී. නන්දසිරි

රුවන් වලා තුළින් එබී – එච්. ආර්. ජෝතිපාල, ශ්‍රීමතී රණසිංහ

ලස්සන ලස්සන මල් වාගේ – එච්. ආර්. ජෝතිපාල

රුචිරාණන මධු සුවඳ ගලා - ලතා වල්පොල I Love You ඉංග්‍රීසි ගීතය

ගීත පොත් – ආනන්ද පොත්හල, මරදාන

නළු නිළියන්:

රොබින් ප්‍රනාන්දු, රෝයි ද සිල්වා, ස්ටැන්ලි පෙරේරා, ෂේන් ගුණරත්න, බන්දු මුණසිංහ, පියදාස ගුණසේකර, පියදාස විජේකෝන්, නිලන්ති විජේසිංහ, තලතා ගුණසේකර, අයිලින් විතාරණ, පර්ල් වාසුදේවි, ශාන්ති ලේඛා, ශ්‍රියාණි පෙරේරා, ගර්ලි ගුණවර්ධන, පූජිත මෙන්ඩිස්, එඩී ජූනියර්, බැසිල් ද සේරම්, එච්. ආර්. ජෝතිපාල, දයානන්ද ජයවර්ධන, ගුණසේකර කේ. පතිරණ, දොන් සිරිසේන


කලණ මිතුරෝ

තිරගත වූ දිනය – 1971 මාර්තු 03

ඉදිරිපත් කිරීම - කේ. කේ. ෆිල්ම්ස්

නිෂ්පාදනය – කේ. කේ. ජග්තියානි

අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යක්ෂණය – කිංස්ලි රාජපක්ෂ

දෙබස් - ආනන්ද සිරිසේන

කතා සංකල්පය – ‘දෝස්ති’ හින්දි චිත්‍රපටය ඇසුරිනි

කැමරා අධ්‍යක්ෂණය – දයා විමලවීර

වේශ නිරූපණය – රොහාන් මුදන්නායක

ශබ්ද පරිපාලනය – මර්වින් බෙන්ස්

සැකසුම – ලංකා චිත්‍රාගාරය

නිශ්චල ඡායාරූප – කපිල ජයසේන පීරිස්, ලෙස්ලි අමරසිංහ

සංස්කරණය - සිරි කේ. විතාරණ

සංගීත අධ්‍යක්ෂණය - ෂෙල්ටන් ප්‍රේමරත්න

ගීත ගායනය – වික්ටර් රත්නායක, ලතා වල්පොල, මොහිදීන් බෙග්

ගායන සහාය – රංජිත් යාපා ද අල්විස්, උපාලි ජයමාන්න, සුදර්මා ඒකනායක, රංජනී පෙරේරා

ගීත සංඛ්‍යාව - 07

ගීත:

කලණ මිතුරු දහමයි – වික්ටර් රත්නායක –කරුණාරත්න අබේසේකර

දිනෙක යන මෙතැන් සිට – වික්ටර් රත්නායක

මහ මෙර සාගර – වික්ටර් රත්නායක

භවෙන් භවය – වික්ටර රත්නායක

අභිමාන ධීර වීර - මොහිදින් බෙග්

උපන් කාට උනත් මේ –

වික්ටර් රත්නායක – ඔගස්ටස් විනයාගරත්නම්

යුග්ම තාරකා දිලිසෙන – ලතා වල්පොල

ගීත පොත් – ආනන්ද පොත්හල, මරදාන

නළු නිළියන්:

තිස්ස විජේසුරේන්ද්‍ර, වික්‍රම බෝගොඩ, ටෝනි රණසිංහ, ඩී. ආර්. නානායක්කාර, නීලා ලියනගෙදර, එඩී ජයමාන්න, ඩොමී ජයවර්ධන, එම්. වී. බාලන්, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, නීලා ලියනගෙදර, නිමල් ගම්මුදලි

සිලෝන් තියටර්ස් සමාගමට අයත් සිනමා ශාලා 15 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව