|
පස්සෙන් එන පාර්සලයක් ගැන කියන අලුත් චිත්රපටයක්සෙල්ලම් නැත්තම් ලෙල්ලම්
රොබා යනු නමට සරිලන අයුරින් වැඩ කටයුතු කරන අයෙකි. කෙටියෙන්ම කිව්වොත් හොඳ රොබරිකාරයෙකි. ඔහු තම ජීවිතය ගෙනි යන්නේ සමාජ විරෝධී ක්රියාකාරකම්වලිනි. වරෙක රොබා අන්ධයකු සේ වෙස් මාරු කරගනියි. අනුකම්පාව තමා වෙත ලබා ගනිමින් ජනතාවගෙන් මුදල් උපයා ගනියි. කොතරම් මුදල් හෙව්වත් ඔහු එම මුදල් නාස්ති කරගන්නේ හිතුමනාපෙට වියදම් කර ගනිමිනි. එකම රැහේ උන් එකට එකතු වන්නා සේම රොබාට තමා හා සරි කෙනෙකු මුණ ගැසෙයි. ඔහු නමින් ඔබාය. රොබා සහ ඔබා එක් වී ගජරාමෙට මිනිසුන්ගෙන් මුදල් එකතු කර ගන්නේ සමාජය ද රවටමින්. ඔවුන් දෙදෙනා වරෙක සැත්කමකට යනුවෙන් මුදල් එකතු කොට ජනතාව රවටයි. එහෙත් තවත් විටෙක ඡායාරූප ශාලාවකට පැමිණ එහි අයිතිකරු ලෙසට පාරිභෝගිකයින් මුළා කරයි. සෑම දෙයකම අවසානයක් තිබේ. රොබා සහ ඔබාගේ වංචාවලට ද එසේමය. ඒවාට නැවතීමේ තිත තැබෙන්නේ දෙදෙනාටම ඔවුන්ගෙන් මුළා වූවන්ගෙන් හොඳට ගුටිබැට ලැබීමෙන් අනතුරුවය. සැබවින්ම දෙදෙනාටම මොළේ පෑදෙන්නේ එවිටය. රොබා සහ ඔබා ඉබාගාතේ ඇවිද යන්නට පටන් ගනිති. දෙදෙනාම හොඳින් ජීවත්වීමට ඉටා ගනියි. එනමුදු සිදුවන්නේ වෙනත් දෙයකි. මේ ගමන අතරතුරදී රොබා සහ ඔබාට පාර්සලයක් ලැබෙයි. දෙදෙනාම ඒ ගැන විමසිලිමත් වෙයි. පාර්සලය අතට ගත් ඔවුනට තරු පෙනෙන්නේ එහි අන්ත්‍රාවයි යනුවෙන් සනිටුහන්ව ඇති බැවිනි. වහ වහා ඔවුන් එය මාර්ගයේම දමා ඉන් ඉවත් වෙයි. එහෙත් නේක පුද්ගලයන්ගේ මාර්ගයෙන් එම පාර්සලය රොබා සහ ඔබා අතට පත් වන්නේ නොසිතූ අන්දමිනි. ඔවුන් යන යන තැනට එම පාර්සලය ලැබෙයි. දෙදෙනා නවාතැන්ගෙන සිටින බෝඩිමට ද පාර්සලය ලැබෙයි. පෙරළා විසි කළ ද යළිත් එය බෝඩිම අසලම තිබෙනු පෙනෙයි. මේ කරදරය ඉවසා ගත නොහැකි තැන රොබා සහ ඔබා නවාතැන්පොළ මාරු කරති. එහෙත් පාර්සලයේ කරදරය නිම වන්නේ නැත. බැරිම තැන ඔවුන් එම පාර්සලය ලිහා බලති. පුදුමයකි එහි ඇත්තේ මැණික් වගයකි. පසුව කළ සොයා බැලීමකදී එම පාර්සලය අයිති වන්නේ ඇමතිවරයකුට බව ආරංචි වේ. ඔහුගේ ගෝලයින් මැණික් පාර්සලය සොයා රොබා සහ ඔබා සිටින නවාතැන්පළට එති. එතැන් පටන් රොබා සහ ඔබාට කිසි දෙයක් කර කියා ගත නොහැකි තත්ත්වයට පත් වෙති. මැණික් පාර්සලයක් නිසා එය නොදී බැරිය. එනමුදු ඇමතිගේ ආරක්ෂකයින්ගෙන් ද ගැලවීමක් නැත්තේය. සෙල්ලම් නැත්නම් ලෙල්ලම් සිනමාපටයේ කතාව ගලා යන්නේ එලෙසිනි. තිස්ස ඩයස් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ එය මංගල මඩුගල්ලගේ නිෂ්පාදනයකි.
සෙල්ලම් නැතිනම් ලෙල්ලම්හි නළු නිළි පිරිවර විමල් කුමාර ද කොස්තා ජයසේකර අපොන්සු මර්සි එදිරිසිංහ හැරී විමලසේන චංචලා වර්ණසූරිය ජීවන් හඳුන්නෙත්ති මියුරි සමරසිංහ ප්‍රේමදාස විතානගේ තිස්ස ඩයස් නිහාල් ගමගේ මල්කා දමයන්ති ඥාණාංග ගුණවර්ධන උපසේන සුභසිංහ ජයරත්න රූපසිංහ ශ්‍රීලාල් අභයකෝන් මංගල මඩුගල්ල කීර්ති රංජිත් පීරිස් නෝමන් පළිහවඩන |