වර්ෂ 2016 ක්වූ  ජූනි 01 වැනිදා බ්‍රහස්පතින්දා




මුල සිට අගට දන්නවා

මුල සිට අගට දන්නවා

සරසවිය යනු කලා ලොවේ පත්තරයයි. තමන් ගැන පුවතක් පළ වුණත් නැතත් සරසවිය කියවන කෙනෙක් ඉන්නවා. ඔහු මේ වන විට නියෝජ්‍ය අමාත්‍යවරයකු ද වීම විශේෂත්වයක්. ඒ කෙනා තමයි රන්ජන් රාමනායක. ඔහු කොතරම් අවධානයෙන් සරසවිය කියවනවාද කියලා කිව්වොත් සරසවියේ පළ වන ලිපිවල නැවතුම් තිත් ප්‍රමාණය පවා ඔහුට කියන්න පුළුවන්. ඒතරමම හොඳින් මුල සිට අගට රන්ජන් සරසවිය බලනවා. මේ සතියේ පත්තරේ තිබුණේ මොනවද කියලා ඒ-ඛ රන්ජන්ගෙන් දැනගත හැකියි. රන්ජන් මෙතරම්ම සරසවියට ළෙංගතු ඔහුට මුල් යුගයේ සරසවිය පත්තරෙන් බෙහෙවින් උදව් කළ නිසා. ඒ කෘතගුණ ඔහුට හොඳාකාරව මතකයි. ඒ හිතවත්කම අදටත් එහෙම්මමයි. එදත් අදත් ජනතාවගේ වීරයා හැටියට රන්ජන් සම්මාන ලබන්නෙත් ඒ හින්දම තමයි.