වර්ෂ 2016 ක්වූ  ජූනි 01 වැනිදා බ්‍රහස්පතින්දා




අතිඋතකර්ෂයෙන් පැවැති 70 වැනි කාන් සිනමා උලෙළ

අතිඋතකර්ෂයෙන් පැවැති 70 වැනි කාන් සිනමා උලෙළ

මෙවර කාන් උලෙළේදී හොලිවුඩ් නිළි ක්‍රිස්ටීන් ස්ටෙවාර්ට් දකින්න ලැබුණේ අමුතුම ස්වරූපයකින්. සුන්දර කෙස් කළඹ කෙටිකර රන් පැහැ ගන්වා අමුතුම තාලයේ ඇඳුමක් ඇඳ ඇය කාන් උලෙළලට පැමිණියේ අඟල් 4.7ක් උසැති පාවහල් යුගලක් පැළඳ ගෙනයි. ඒවගේම හොලිවුඩයේ ජනප්‍රිය නිරූපිකාවක වන කෙන්ඩාල් ජෙනර්ගේ ඇඳුම සුළඟ නිසා කෝච්චියක් වගේ ඇදගෙන යන්න සිදු වෙලා. ඩස්ටින් හොෆ්මන් සහ එමා තොම්සන් කාන් රතු පලසේදි ඉදිරිපත් කළ The Meyerowitz Stories චිත්‍රපටයේ දර්ශනයද කාගේත් අවධානයට ලක් වුණා.

ලොව සිනමා උලෙළ අතරේ සුවිශේෂි කාන් සිනමා උලෙළ පසුගියදා සිය දශක හතක අභිමානය ප්‍රංශයේ කාන් හිදී ඉදිරිපත් කළා. එලෙස 70 වැනි කාන් සිනමා උලෙළ පසුගිය 28 වැනිදා අති උත්කර්ශවත් අයුරින් නිමාවට පත් වූයේ පැල්මා ඩී’ඕර් සම්මානය රූබන් ඕස්ට්ලන්ඩ් අධ්‍යක්ෂණය කළ The Square චිත්‍රපටයට හිමිකර දෙමින්. එහිදී අනෙකුත් ප්‍රධාන සම්මාන පිරිනැමුණේ මෙලෙසින්.

ගෝන් ෆ්‍රී සම්මානය - 120 Beats per Minute (රොබින් කැම්පිල්ලෝ)
හොඳම අධ්‍යක්ෂණය - සොෆියා කොපෝලා - The Beguiled
හොඳම තිර රචනය - යෝගොස් ලැන්තිමොස් (The Killing of a Sacred Deer)
ලෙයිනෙ රැම්සි (You Were Never Really Here)
හොඳම නිළිය - ඩයින් කෘගර් - In the Fade
හොඳම නළුවා - ජැකිලින් ෆීනික්ස් - You Were Never Really Here
ජූරියේ විශේෂ සම්මානය - Loveless - ඇන්ඩ්‍රේ යැගින්සු
70 වැනි විශේෂ සම්මානය - නිකොලේ කිඩ්මෑන්
Un Certain Regard Award – A Man of Integrity
- මොහොමද් රසොලොෆ්
Un Certain Regard Jury Prize – April's Daughter
- මයිකල් ෆැන්කෝ
Un Certain Regard Award for Best Director
– ටේලර් ශ්‍රීඩන් -  Wind River
Un Certain Regard Jury Award for Best Performance
- ජෙස්මින් ට්‍රින්කා (Fortunata)
The Poetry of Cinema Award - Barbara
(මැතිව් එමල්රික්)
Cinéfondation
ප්‍රථම ස්ථානය - Paul Is Here (වැලන්ටිනා මෞරෙල්)
දෙවන ස්ථානය - Animal  (බාමන් සහ බාමන් ආර්ක්)
තෙවන ස්ථානය - Two Youths Die (තොමාසෝ උස්බර්ති)
ගෝල්ඩන් කැමරා - Montparnasse Bienvenue (ලීඔනෝ සීරැයිල්)
කෙටි චිත්‍රපටය වෙනුවෙන් වූ පැල්මා ඩී’ඕර් සම්මානය - A Gentle Night (කියූ යන්ග්)
කෙටි චිත්‍රපටය වෙනුවෙන් වූ විශේෂ සම්මානය - The Ceiling (තෙලෝ අයිරාසිනෙන්)
පැල්මා ඩී’ඕර් ගෞරව සම්මානය - ජෙෆ්රි කැසෙන්බර්ග්

මෙවර හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය පිරිනැමුණේ ලෝ ප්‍රකට සිනමා නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කළ සම්මානනීය හොලිවුඩ් අධ්‍යක්ෂ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලාගේ දියණිය සොෆියා කොපෝලා වෙතටයි. මීට පෙර ඇකඩමි සම්මාන උලෙළේදී හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වූ ලොව තෙවැනි කාන්තාව ලෙසින් නම් ලද සොෆියා කොපෝලා කාන් සිනමා උලෙළට ද තවත් විශේෂත්වක් එක් කළා. ඒ ඇය කාන් සිනමා උලෙළකදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමිකරගත් දෙවැනි කාන්තාව බවට පත් වීමයි.

කාන්තාවන් පිළිබඳ කතාබහ මෙවර කාන් සිනමා උලෙළේදී විශේෂ වුණා. ඒ චිත්‍රපටවල කාන්තා චරිත කොපමණ තිබේද යන්න බලා ලකුණු ලබා දීමක් පිළිබඳවයි. ඇතැමෙක් චෝදනා කර සිටියේ, සිනමාව යනු ගැහැනු - පිරිමි භේදයක් හෝ රටක් හෝ සීමාවක් නොමැති දෙයක් බවයි. ජූරියේ අදහස වුයේ, රංගනය කෙරෙහි කාන්තාවන් ධෛර්යවත් කරවීම එයට හේතුව බවයි. මෙවර කාන් සම්මාන උලෙළේදී නිකොලේ කිඩ්මෑන් හට විශේෂ සම්මානයක් පිරිනැමුණා. මෙවර කාන් සම්මාන උලෙළේ ඇයගේ සිනමා නිර්මාණ හතරක් නාමයෝජනා අතර තිබුණා.

අනෙකුත් සම්මාන උලෙළ සේම කාන් උලෙළේ රතු පලසේ මෝස්තර කෙරෙහිත් කාගේත් අවධානය යොමු වුණා. එහිදී රතු පලසේ නීති කැඩු ප්‍රංශ නිළියකුත් හිටියා. ඇය මේරියන් කොට්ලාඩ්. සාමාන්‍යයෙන් විසිතුරු ඇඳුමක් වෙනුවට මෙවර ඇය හැඳ සිටියේ සාමාන්‍ය ඇඳුමක්. කිසිවෙකුත් නොසිතූ දෙයක් කළ අයෙකු ලෙසින් ඇතැමුන් අතර පිළිගනීමට ලක් වුවද බොහෝ දෙනෙකුගේ අදහස වුණේ, ඇය රතු පලසේ නීති කැඩූ බවයි.

බොලිවුඩ් නිළි ඓෂ්වර්යා රායි බච්චන් මෙවර කාන් උලෙළට සින්ඩ්‍රෙල්ලා සේ පැමිණි බව රතු පලසේ මෝස්තර විචාරකයන් තම සටහන්වල සඳහන් කළා. මෙවර උලෙළේදී චීන නිළියක් නම් සමාජ වෙබ් අඩවි වලින් හොඳට ලුණු ඇඹුල් ඇතුව දොස් අසා ගත්තා. ඒ තම රටේ ජාතික කොඩියෙන් නිර්මාණය කළ ඇඳුමකින් සැරසී පැමිණීම හේතුවෙන්. පසුව ඇය ඒ වෙනුවෙන් සමාව අයැද සිටියා.

මෙවර කාන් උලෙළේදී හොලිවුඩ් නිළි ක්‍රිස්ටීන් ස්ටෙවාර්ට් දකින්න ලැබුණේ අමුතුම ස්වරූපයකින්. සුන්දර කෙස් කළඹ කෙටිකර රන් පැහැ ගන්වා අමුතුම තාලයේ ඇඳුමක් ඇඳ ඇය කාන් උලෙළලට පැමිණියේ අඟල් 4.7ක් උසැති පාවහල් යුගලක් පැළඳ ගෙනයි. ඒවගේම හොලිවුඩයේ ජනප්‍රිය නිරූපිකාවක වන කෙන්ඩාල් ජෙනර්ගේ ඇඳුම සුළඟ නිසා කෝච්චියක් වගේ ඇදගෙන යන්න සිදු වෙලා. ඩස්ටින් හොෆ්මන් සහ එමා තොම්සන් කාන් රතු පලසේදි ඉදිරිපත් කළ The Meyerowitz Stories චිත්‍රපටයේ දර්ශනයද කාගේත් අවධානයට ලක් වුණා.