|
සෝනුට කේන්ති ගිහින්
පසුබිම් ගායකයකු මෙන්ම ව්‍යාපාරිකයකුද වන අභිජිත් භට්ටාචාර්යගේ ට්විටර් ගිණුම පසුගියදා අක්‍රිය කර තිබෙනවා. එයට හේතුව ඔහුගේ ට්විටර් පිටුවේ අසභ්‍ය සහ ප්‍රචණ්ඩකාරි වචන භාවිත කිරීමයි. හැබැයි මේ නිසා අභිජිත්ට වඩා වෙන කෙනෙකුට හොඳටම කේන්ති ගිහින්. ඔහු සෝනු නිගම්. සෝනුත් මේ නිසා තමන්ගේ ට්විටර් පිටුව අක්‍රිය කරන්න තීරණය කරලා. ට්විටර්හි සමබරතාවයක් නැහැ කියලා සෝනු කියනවා. එය ඒකපාර්ශ්වික බවට ඔහු චෝදනා කරනවා. හැබැයි මීට පෙර සෝනුත් පසුගිය මාසයේ ට්විටර් සමඟින් ආරවුලක් ඇතිකර ගෙන තිබුණා. අභිජිත් ට්විටර් එකෙන් ඉවත් කළාට පසුව එයට එකඟ අය සහ එකඟ නොවන අය තවත් අලුත් පිටු ආරම්භ කරලා තම තමන්ගේ මත ප්‍රකාශ කරන්න පටන් අරන්. ඇතැමුන් නම් කියන්නේ වාචාල ගායකයාට තමා සිටිනා තැන ට්විටර් විසින් පෙන්වාදී තිබෙන බවයි. සෝනු නම් කියන්නේ මෙහෙම චෝදනා කරන්නේ නම් ට්විටර් විසින් සියයට 90ක් පමණ ගිණුම් අවලංගු කළ යුතු බවයි.
රන්බීර් - කත්රිනා නැවතත්
කත්රිනා කයිෆ් සහ රන්බීර් කපූර් කාලයක් බොලිවුඩයේ ජනප්‍රිය පෙම්වතුන් යුවළක්. 2009 වසරේදී Ajab Prem Ki Ghazab Kahani චිත්‍රපටය රංගනයෙන් පසුව ඇති වූ මේ ආදර කතාව 2016 වසරේදී නිමාවට පත් වී ඇති බව ඔවුන් නිවේදනය කළා. එයින් පසුව මේ දෙදෙනා හමුවන අවස්ථා දකින්න නොලැබුණු තරම්. ඇතැම් තැන්වලදී දෙදෙනාම එකිනෙකා මඟ හරින බව තමයි ආරංචි වුණේ. කොහොම වුණත් ඔන්න දැන් මේ දෙදෙනාම එකට බලා ගන්න අවස්ථාවක් උදා වෙන්න නියමිතයි. ඒ ලබන ජූලි මාසයේදී තිරගත කෙරන Jagga Jasoos චිත්‍රපටය නිසා. Jagga Jasoos කත්රිනා - රන්බීර් එක්ව රඟන තෙවන චිත්‍රපටය යි. Ajab Prem Ki Ghazab Kahani චිත්‍රපටයෙන් පසුව Raajneeti චිත්‍රපටයේ චරිත නිරූපණයට මේ දෙදෙනා දායක වුණා. සංගීතමය, ප්‍රේමණීය හාස්‍ය රැගත් චිත්‍රපටයක් වන Jagga Jasoos අධ්‍යක්ෂණය කළේ අනුරාග් බාසු විසින්. මෙය බ්‍රිතාන්‍ය ලේඛිතා ඉනිඩ් බ්ලයිටන්ගේ කතාවක් පාදක කරගෙන නිර්මාණය කෙරුණක් බවත් ආරංචියි. එහි පෝස්ටරය කත්රිනා විසින් පසුගිය දවසක තම ට්විටර් පිටුවට ඇතුළත් කළා. ඒක හරියට පොතක කවරයක් වගේ කියලයි හැමෝම පවසන්නේ. Jagga Jasoos හි රන්බීර්ගේ රංගනය අනුරාග් බාසු අධ්‍යක්ෂණය කළ Barfi චිත්‍රපටයේ රන්බීර් කළ රංගනය වගේ කියලාත් ආරංචියි. හැබැයි චිත්‍රපට දෙකේ කතාව වගේම පසුතලයත් වෙනස්. Jagga Jasoos තිරගත වෙන්නේ ජූලි 14 වැනිදා. කත්රිනාගේ උපන්දිනය යෙදි තියෙන්නේ ජූලි 16 වැනිදා. ඇය තම ට්විටර් පිටුවේ ඒ ගැනත් සඳහන් කරලා.
Neerja පවුලෙන් Neerja ට නඩු
ඉන්දියාවේ ප්‍රසිද්ධ ගුවන් සමාගමක සිටි ප්‍රධාන ගුවන් සේවිකාවක වූ නීර්ජා බෙනොත් 1986 වසරේදී Pan AM Flight 73 ගුවන් යානය මංකොල්ලකරුවන් පිරිසකගේ යටතට පත්වීමෙන් පසු ඔවුන් විසින් ඇය ජීවිතක්ෂයට පත් කරනු ලැබුයේ, මගීන්හට ගුවන්යානයෙන් පිටවීමට උපකාර කිරීම හේතුවෙන්. ඉන්දියාවේ ජාතික වීරවරියක ලෙසින් හැඳීන්වෙන නීර්ජා බෙනොත්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කෙරුණු රාම් මධ්වානි අධ්‍යක්ෂණය කළ Neerja චිත්‍රපටය තිරගත කෙරුණේ පසුගිය වසරේ පෙබරවාරි 19 වැනිදා. පසුගියදා නිර්ජා බෙනොත්ගේ පවුලේ උදවිය Neerja චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමට විරුද්ධව නඩුවක් ගොනු කළා. චිත්‍රපටය තිරගත කිරීමෙන් ලැබෙන ආදායමෙන් නිර්ජා බෙනොත් පදනමට ලබා දීමට පොරොන්දු වූ සියයට 10ක මුදල් ප්‍රමාණය ලබා නොදීම තමයි එයට හේතුව. "අපේ පවුල අසාධාරණයට විරුද්ධයි. මීට වඩා මේ ගැන කතා කරන්න අකමැතියි. නීතිඥයන් අවශ්‍ය දේ වෙනුවෙන් කතා කරාවි" බෙනොත් පවුලේ සාමාජික අනීජ් බෙනොත් පවසනවා. Neerja නිෂ්පාදකයකු වූ අතුල් කස්බෙකර් මේ ගැන තම අදහස ෆේස්බුක් පිටුවට එක් කළා. ඔහු පවසන්නේ ඔවුන්ට මුලින් ලබා දීමට එකඟ වූ ස්ථාවර මුදල ලබාදුන් බවත් තිරගත කිරීමෙන් පසු ලාභයෙන් ලබාදුන් කොටස ඔවුන් භාර නොගත් බවත්ය. තවත් නිෂ්පාදන ආයතනයක් ඇති බවත් තම ආයතනයෙන් ලබාදිය යුතු කොටස ලබාදීමට කටයුතු කළ බවත් කස්බෙකර් සඳහන් කළා. ඒ වගේම මෙම නීර්ජාගේ ජීවිත කතාව ඇසුරෙන් චිත්‍රපටය නිර්මාණය කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ඔහු බෙනොත් පවුලට ස්තුති කර ඇති අතරම චිත්‍රපටය සාර්ථක වූ බවත් සඳහන් කරනවා. ඉන්දීය රුපියල් කෝටි 20ක වියදමෙන් නිර්මාණය කළ Neerja චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 135ක ආදායමක් වාර්තා කළා.
බ්‍රැඩ් පීට්ගේ නර්තන ගුරුතුමා
දැන් හොලිවුඩ් තරු බොලිවුඩයට පැමිණීම දුර්ලභ දෙයක් නෙවෙයි. බටහිර සිනමා නිර්මාණවලට ඉන්දියාවේ තිබෙන වෙළෙඳපොල විශාල වීම සමඟ බොහොමයක් හොලිවුඩ් තරු දැන් බොලිවුඩයට එන්න පටන් අරන්. ඒ ඔවුන්ගේ අලුත් චිත්‍රපටවල ප්‍රචාරණ කටයුතු වෙනුවෙන්. මේ විදියට හොලිවුඩ් ජනප්‍රිය නළු බ්‍රැඩ් පීට් බොලිවුඩයේ සංචාරය කළා. ඒ පසුගිය මැයි 26 වැනිදා තිරගත කෙරුණු බ්‍රැඩ්ගේ අලුත්ම චිත්‍රපටය War Machine හි ප්‍රචාරණ කටයුතු වෙනුවෙන්. ඉතින් මේ ගමන අතරතුර මුම්බාහිදී බ්‍රැඩ්ට බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන් ද හමු වෙන්න අවස්ථාව ලැබුණා. War Machine චිත්‍රපටය කෙසේ වෙතත් මේ දෙන්නාගේ කතාවට මාතෘකාව වුණේ නර්තනය. පැයක පමණ වූ ඒ කතාබහේ වැඩි වේලාවක් නර්තනය වෙනුවෙන් වෙන් වෙලා. එහිදී තමාට නටන්න නොහැකි බව බ්‍රැඩ් පවසන විටදී පහසුවෙන් නටන්නේ කොහොමද කියා ශාරුක් ඔහුට කියා දුන්නා.
ෆාරාට විසිපහයි
අමීර් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කළ Jo Jeeta Wohi Sikandar චිත්‍රපටයේ "Pehla Nasha" ගීතය හින්දි සිනමාවේ හොඳම ආදර ගීත අතරින් එකක් ලෙස සැලකෙනවා. 1992 වසරේදී එය තිරගත වූ කාලයේ ලොව පුරා තරුණියන් අමීර්ට වශී වුණා. මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ ජාතින් ලාලිත් විසින්. "Pehla Nasha" ගීතය ගායනා කළේ උදිත් නාරායන් සහ සධානා සර්ගම් විසින්. මේ ගීතයේ නර්තන නිර්මාණය කළේ ෆාරා ඛාන්. මේ ගීතය සමඟ මේ පසුගිය මැයි මාසයට ඇයගේ නර්තන නිර්මාණ දිවියට වසර 25ක් සපිරෙනවා. "Pehla Nasha" ගීතය ඇයගේ පළමු නර්තන නිර්මාණය යි. ඇයගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය Main Hoon Na. ෆාරා පළමු ෆිල්ම් ෆෙයාර් සම්මානය ලැබුවේ 1998 Dil Se.. චිත්‍රපටයේ "Chaiyya Chaiyya" ගීතය වෙනුවෙන්. මේ සියල්ලක්ම තම ජීවිතයේ මඟ සළකුණු බව ෆාරා පවසනවා. කිසිවෙකුගේ පසුපස නොයාම මේ අවුරුදු 25 තුළ තමා නොකළ එකම දේ බව ඇය පවසනවා. එවගේම මහන්සි වෙලා වැඩ කරන එක තමා ඉගෙන ගත් වටිනාම දේ බවත් ෆාරා කියන්නේ හරිම ආඩම්බරයෙන්. |