මා හා ගෙවුණු අතීතේ
මා හා ගෙවුණු අතීතේ
සුන්දර වෙරළක
රූ ගැන්වුණු ගීය
ගීතයේ පදමාලාව:
මා හා ගෙවුණු අතීතේ
ඇයගේ මතකෙන් නිමා වී
කුසුම් කඳුළේ ගිලේවි
ඔහුගේ සෙවණේ හිඳීවි
තනිවෙන්න මේ ලෝකේ හිතුවාද මං
සිත අද්දරින් ඔබ ගියේ නම්
සඳ දියට පා තබන මොහොතේ පවා
ආදරය ඉල්ලන්නෙ සුසුමින් පවා
කළුවරට හුරු වුණා
තනි වෙන්න මේ ලෝකේ . . .
තරු අහස ඉකිබිඳින මැදියම් රැයේ
සීතලට ගුලිවෙන්න සුසුමින් පවා
කළුවරට හුරු වුණා
තනිවෙන්න මේ ලෝකේ ...
දිනෙන් දින සංගීත ක්ෂේත්රයට නවකයෝ බිහි වෙනවා. එහෙම අලුතින් පිරිසක් ක්ෂේත්රයට
පිවිසෙන්න ඕනෑ. එතකොට තමයි එකිනෙකට වෙනස් නිර්මාණ බිහිවන්නේ. එහෙම වෙනසක් කරන්නට
හිතාගෙන සංගීත ලොවට පිවිසුණ නව පරපුරේ ගායකයකු හැටියට මහේෂ් කුමාරව හඳුන්වා දෙන්න
පුළුවන්. ඔහුගේ පළමු ගීතය තමයි 'සිත අද්දරින්'. කුළුඳුල් නිර්මාණය වුණත් මේ වන විට
ඒ සඳහා ලැබිලා තිබෙන ප්‍රතිචාර නම් නිමක් නැහැ. මහේෂ් වෘත්තීයෙන් වීඩියෝ
නිෂ්පාදකවරයෙක්. සංගීතයට ළැදි ඔහු දිනෙක වෙනත් ගායකයකුගේ ගීයක් තමන්ගේ හඬින් ගයා
අන්තර් ජාලයට එක් කළා. නොසිතූ විරූ තරම් මහේෂ්ට ඒ සඳහා ප්‍රතිචාර ලැබුණා.
ඒ ලද
පන්නරය ඔස්සේ තමයි මහේෂ් තමන්ගේම සිංදුවක් නිර්මාණය කරන්නේ. එයට ද ප්‍රතිචාර
ලැබෙන්නේ නොසිතූ විරූ අන්දමින්මයි. 'සිත අද්දරින්' නිර්මාණය වන්නේ ඔන්න ඔහොම. මෙහි
පද රචනය සහ සංගීත අධ්‍යක්ෂණය මනෝජ් ලසන්තගෙනි. මහේෂ් විසින්ම මෙහි වීඩියෝව නිර්මාණය
කොට තිබෙනවා. සුන්දර වෙරළ තීරයක් පසුබිම් කර ගනිමින් නිර්මාණය වූ මෙම වීඩියෝවේ
රංගනයෙන් දායක වන්නේ මහේෂ් සමඟ විදුෂ් සහ තනු ආකර්ෂා කියන නව පරපුරේ රංගන ශිල්පිනී
දෙපොළ. තමන්ම ඇක්ෂන් කියාගෙන කැමරාව ඉදිරියට ගොස් රංගනයේ නියැලීම හරි අපූරු
කර්තව්‍යක් බව මහේෂ් අපිට කිව්වා. වීඩියෝවේ කැමරාව මෙහෙයවා තිබෙන්නේ අතුල බෝපගේ සමඟ
ප්‍රදීප් අනුරුද්ධ.
මහේෂ් කලක් රංගන ශිල්පියකු ද ලෙසින් කටයුතු කළා. කෝපිකඩේ, සත්සර රංගන ඇතුළු නාට්‍ය
ගණනාවකටම එකල ඔහු රංගනයෙන් දායක වුණා. මේ වන විට මහේෂ් ගායකයයකු හැටියටයි කටයුතු
කරන්නේ. මේ දිනවල ඔහු තමන්ගේ දෙවැනි ගීතය එළිදැක්වීමට සූදානම් වෙනවලු.
සටහන -
ප්‍රසාද් සමරතුංග
|