වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

පසුගිය සතියේ චිත්‍රපට නාමාවලියේ නුඹ නාඩං අපට පිස්සු සහ සැපට දුකට සනී චිත්‍රපටවල කාර්මික තොරතුරු හුවමාරු වී පළ වී ඇති බව කරුණාවෙන් සලකන්න

ලේ කිරි කඳුළු

තිරගත වූ දිනය - 2003 මැයි 09
ඉදිරිපත් කිරීම - මිලේනියම් එන්ටර්ටේන්ට්මන්ට්
නිෂ්පාදනය - ඩිල්මන් ජයරත්න, රංජිත් ජයසූරිය ජනිත මාරසිංහ, උදයකාන්ත වර්ණසූරිය
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය
සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත
කැමරා අධ්‍යක්ෂණය - ජයනාත් ගුණවර්ධන සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
අංග රචනය - ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය - සුමිත් නන්දලාල්, සනත් ජානක පෙරේරා
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි
සැකසුම - සරසවි චිත්‍රාගාරය රසායනාගාර අධිකාරි - ඩිල්මන් ජයරත්න
වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ රොෂාන් ප්‍රියදර්ශන, එරංග පෙරේරා, රංග සමරදිවාකර
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න
ඇඳුම් නිර්මාණය - ශාන්ති වර්ණකුලසූරිය
නිශ්චල ඡායාරූප - අජිත් ප්‍රේමලාල්
සංගීත අධ්‍යක්ෂණය - සංගීත් වික්‍රමසිංහ ගීත ප්‍රබන්ධය - සුනිල් විමලවීර
ගීත හා ගායන ශිල්පීන් - වසන්තය ඇවිදින් - අමරසිරි පීරිස්

නළු නිළියන් - නිල්මිණි තෙන්නකෝන්, සනත් ගුණතිලක, ටෝනි රණසිංහ, බුද්ධික ජයරත්න, චිත්‍රා වරකාගොඩ , ශ්‍රියාණි අමරසේන, නිසංසලා ජයතුංග, පාලිත සිල්වා, නෙතලි නානායක්කාර, දයාදේව එදිරිසිංහ, පාලිත ගලප්පත්ති, කිංස්ලි ලෝස්, ශ්‍යාමි ප්‍රනාන්දු, දිල්කි නුගවෙල, ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ, රංජිත් ගාල්ලගේ, ආනන්ද නාවුලගේ, අරුණ ධම්මික,මිහිර සම්පත් සිරතිලක, ලෙස්ටර් ගුණවර්ධන, කීර්ති රංජිත් පීරිස්, දයාරත්න සිරිවර්ධන, සැම්සන් කළුපහන, විජිත කල්දේරා, උමාලි තිලකරත්න, තිලක සෙනෙවිරත්න, තරුෂ ප්‍රනාන්දු, ස්වේතා මන්දාකිනි, මොහොමඩ් ආයමි, හිරුපති නිශදක, ස්වේතා මන්දාකිනි සිරිවර්ධන

ටැක්සි ඩ්‍රයිවර්

තිරගත වූ දිනය - 2003 මැයි 29
නිෂ්පාදනය - කතාව - ලාල් වීරසිංහ
අධ්‍යක්ෂණය - කඳපොල කුමාරතුංග
දෙබස්, තිර නාටකය - ලලිත් මෙල්රෝයි, ලාල් වීරසිංහ
සහාය අධ්‍යක්ෂණය - ලාල් ප්‍රියදේව, ප්‍රදීප් මහේෂ් කැමරා අධ්‍යක්ෂණය - බන්දුල කුරේ
කැමරා සහාය - ඊ. එම්. ලක්ෂ්මන්, ස්ටැන්ලි මාර්ෂල්
සංස්කරණය - ඩෙන්සිල් ජයවීර අංග රචනය - ජයතිලක ඇඹුල්දෙනිය සහාය - දිමුතු ප්‍රියජනක
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - සකුන්තලා මහේෂි පතිරණ, ඩිස්කෝ රාජ්
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග (ටී. කේ. ශබ්දාගාරය) ශබ්ද සහාය - පාලිත ද සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
රසායනාගාර පාලක - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත දිසානායක, එච්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
කැමරා උපකරණ සැපයීම - සිනේ කසුප් සර්විසස් ආයතනය
කාර්මික සහාය - උදම්මික සිල්වා, සමන් පෙරේරා, එල්. එල්. උපුල්, ඩබ්ලිව්. ඒ. කොස්තා, පද්මසිරි පීරිස්
ඇඳුම් නිර්මාණය - ගයනා සුදර්ශනී කොණ්ඩා සැකසුම - වික්ටර් ලොයිඩ්
පසුබිම් සංගීතය පටිගත කිරිම - හේමලාල් ගීතදේව
නිෂ්පාදන සම්බන්ධීකරණය - අබේසිංහ ගනේගල
නිෂ්පාදන කළමනාකරණය - සේනාධීර කරුණාරත්න
නිෂ්පාදන කෘත්‍යාධිකාරි - හේමා කුමාරතුංග නිශ්චල ඡායාරූප - සුරංග රන්ජන්
සංගීත අධ්‍යක්ෂණය - ගීත ප්‍රබන්ධය - කඳපොල කුමාරතුංග, චමින්දි ප්‍රසාදිනී කුමාරතුංග
ගීත හා ගායන ශිල්පීන් - මොහොතකට ලොව - සමන් ද සිල්වා, නුවන් ගුණවර්ධන, ෆොලෝරන්ස් වර්ණකුල, වර්නන් පෙරේරා
රඟන රඟන බමන මතින් - සමන් ද සිල්වා, වර්නන් පෙරේරා, නුවන් ගුණවර්ධන
සීත සුළඟේ වසන්ත කාලේ - නුවන් ගුණවර්ධන
දොරගුළු වැහිලා හුදකලාවේ - නුවන් ගුණවර්ධන, සංජීවනී වීරසිංහ
මීදුමෙන් ආ ගලා - සංජීවනී වීරසිංහ, නුවන් ගුණවර්ධන

නළු නිළියන් - ලාල් වීරසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, විජය නන්දසිරි, ටෙනිසන් කුරේ, තුෂාරා ප්‍රනාන්දු, සුනිල් හෙට්ටිආරච්චි, රත්නා සුමනපාල, ටෙඩී විද්‍යාලංකාර, ශාලිකා සුභසිංහ, සකුන්තලා මහේෂි පතිරණ, ශෂිකලා හෙට්ටිආරච්චි, ජූඩ් ප්‍රනාන්දු, රෝහිත මාන්නගේ, සුනිල් ප්‍රේමකුමාර, නිමල් ජයමුණි, තිස්ස උඩංගමුව, ශ්‍යාමලී විජේනිද්‍රිකා, රෝෂිණි පතිරණ, සුරංගි පුන්සරා, ගිහන්ති සමරසිංහ, තුෂාරි දමයන්ති, මානෙල් මල්වත්ත, රාජු ගමගේ, සනත් අතපත්තු, ජයලත් ප්‍රනාන්දු, කිංස්ලි කුලතුංග, ජයන්ත පෙරේරා, විජය හෙට්ටිආරච්චි, මනතුංග පෙරේරා, අරුණ රූපසිංහ, ඩී කේ. එම්. ඉන්දු, රොෂාන් රත්නායක, සුනිල් මනම්පේරි, ජයරත්න වික්‍රමගේ, කේ. ඩී. ඩබ්ලිව්. පෙරේරා, වරුණ බණ්ඩාර ඇඹුල්දෙනිය, සංජීවනී පෙරේරා, සාලිය නුවන්ප්‍රිය, ලයනල් ලියනගේ, රවීන්ද්‍ර ජයවීර දිසානායක, ඔස්ටින් බොතේජු, විජිත බස්නායක, ජයලත් සිල්වා, රූල් හක්

පිස්සු ට්‍රිබල්

තිරගත වූ දිනය - 2003 මැයි 28
ඉදිරිපත් කිරීම - සුනිල් ටී. ෆිල්ම්ස් නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු
අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස්, සුදේශ් වසන්ත පීරිස්
කතාව, දෙබස්, තිර නාටකය - සුනිල්සෝම පීරිස්
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්, ලලිත් එම්. තෝමස්
කැමරා සහාය - ඒ. ඩී. ප්‍රේමදාස, ප්‍රෑන්ක්ලීන් රූප්, ඒ. ඩී. රුවන් චමින්ද, ලයනල් විතානගේ, දයානන්ද එදිරිසිංහ, එච්. ඒ. ජයරත්න
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය සහ කොණ්ඩා සැකසුම - සරත් රණවීර සහාය - කෝසල කාවින්ද
කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම
සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල, ධම්මික පුෂ්ප කුමාර
නැටුම් අධ්‍යක්ෂණය - කුෂාණි වීරක්කොඩි සහාය නිමේෂ් සෙනෙවිරත්න
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ආර්. එම්. සිරිසේන, ධර්මසිරි
අතිරේක ශබ්ද - ජෝර්්ජ් මනතුංග
සැකසුම - සරසවි චිත්‍රාගාරය වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා,එරංග ප්‍රියදර්ශන, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන
රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොෂෙස් ඉන්ටර් නැෂනල් ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
විදුලි ආලෝකය - චන්ද්‍ර ඉලෙක්ට්‍රිකල්ස්, කළුතර ප්‍රචාරක නිලධාරීන් - යූ. ඩබ්. ප්‍රේමරත්න, රංජිත් කරුණාතිලක
පෝස්ටර් නිර්මාණය - සාති ඇඩ්වර්ටයිසින්
කැමරා උපකරණ සැපයුම හා සංස්කරණ මැදිරිය - සුනිල් ටී. චිත්‍රපට
ප්‍රවාහන පහසුකම් - නිශාන්ත ගලගෙදර, එල්. පී. සෝමපාල, චන්ද්‍රසිරි
අතිරේක හඬ කැවීම් - සුජානි මේනකා දහනායක
නිෂ්පාදන කළමනාකරණය - සිසිර කුමාරතුංග සහාය දිෂාන් කුමාරගේ
ෂ්පාදන අධිකාරි - සුදේශ් වසන්ත පීරිස්
නාමාවලිය - දීප්ති - කොමියුනිකේෂන්
සංගීත අධ්‍යක්ෂණය - ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට
ගීත හා ගායන ශිල්පීන් - ජීවනයේ මීවනයේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
කෝකිලයා කෙවිලිය හා - එච්. ආර්. ජෝතිපාල, ශ්‍රියාණි සේනරත්න
දෙයියන්ගේ සල්ලි - භාචි සුසාන්, ශානිකා වනිගසූරිය හින්දි ගීතයක්

නළු නිළියන් - රන්ජන් රාමනායක, දිල්හානි ඒකනායක, විජය නන්දසිරි, අනූෂා දමයන්ති, රෙක්ස් කොඩිප්පිලි, සුසිලා කෝට්ටගේ, අනර්කලී ආකර්ෂා (හඳුන්වාදීම), සැනට් දික්කුඹුර, සුදේෂ් වසන්ත පීරිස්, බන්දු සමරසිංහ, එස්. ඒ. රෝහණ, දයාරත්න සිරිවර්ධන, නිහාල් ප්‍රේමචන්ද්‍ර, ලකී ධර්මදාස, වාසනා වාසලමුදලිආරච්චි, සරත් සමරවික්‍රම, සිසිර කුමාරතුංග, බන්දුල ප්‍රතාප්, නිමල් කල්දේරා, ප්‍රෑන්ක් කුරුකුලසූරිය, පියතිලක අතපත්තු, ජයන්තා ප්‍රනාන්දු, ජයලත් සිල්වා, ලක්ෂ්මන් අමරදිවාකර, ආශිර්වාද නිලන්ත සිරිවර්ධන, අමෝද සංදිප, ප්‍රදීප් කුමාර

ඉරැස්මා

තිරගත වූ දිනය - 2003 ජූනි 20
ඉදිරිපත් කිරීම - ශ්‍රී ලංකා ළමා චිත්‍රපට සංගමය
නිෂ්පාදනය - ආරියරත්න විතාන චිත්‍රපට නිෂ්පාදනයක්
තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ආරියරත්න විතාන
කතාව - අනෝමා රත්නායකගේ 'ඉරැස්මා' නව කතාව ඇසුරිනි
සහාය අධ්‍යක්ෂණය - කීර්ති රත්නායක
කැමරාකරණය - සුමින්ද විරසිංහ සහාය - සුනිල් ජයවීර
සංස්කරණය - ඩෙන්සිල් ජයවීර සහාය - රොමා ශ්‍රී ෂර්මිලා ජයවීර
අංග රචනය - ජේ. සුරනිමල කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා සහාය - ලැම්බට් ප්‍රේමතිලක
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ප්‍රසන්න ධර්මප්‍රිය, ජගත් චාමින්ද, නන්ද කුමාර, ආර්. එම් සිරිසේන, ආනන්ද වික්‍රමරත්න
දෙබස් පටිගත කිරීම - විමල් රණවක
සැකසුම - සරසවි චිත්‍රාගාරය - දළුගම ආලෝකකරණ ශිල්පීන් - අනුරාධ ජයසිංහ, ඒ. ලක්ෂ්මන් ප්‍රියන්ත, වී. ජී. දුමින්ද, අඛිල බණ්ඩාර, කෝසල
නාමාවලි සිත්තම් නිර්මාණය - අමල් ශාන්ත මුනින්ද්‍රදාස නාමාවලිය - ප්‍රේම් දිසානායක
ප්‍රධාන සහාය නිෂ්පාදක - සමරසේන පතිරගේ
නිෂ්පාදන සහාය - විජයපාල මුණසිංහ, අනෝමා ශ්‍රීමතී වේදිකා රංගන උපුටා ගැනීම - 'ස්වර්ණමාලි' නාට්‍යයෙනි
දෙවන සහාය අධ්‍යක්ෂණය - මංජුල රත්නායක, ඉඳුනිල් සමරකෝන්, සම්පත් එදිරිමාන්න
කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා රොබෝ නිර්මාණය - සේන මාඹුලගේ
තේමා ගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙකෝ ශබ්දාගාරය
පසුබිම් සංගීත පටිගත කිරීම - සව්සිරිපාය ශබ්දාගාරය
රේඛීය නිෂ්පාදනය - සරත්චන්ද්‍ර දසනායක
රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - මදුරාසිය
නිෂ්පාදන කළමනාකරණය - සෝමවීර ගමගේ
නිශ්චල ඡායාරූප - චමින්ද ප්‍රියංජිත් උපසේන
සංගීත අධ්‍යක්ෂණය - වික්ටර් රත්නායක ගීත ප්‍රබන්ධය - කුමාරදාස සපුතන්ත්‍රි
ගීත හා ගායන ශිල්පීන් - උදේ හිරු - විශාරද නන්දා මාලිනී

නළු නිළියන් - අමා විජේසේකර, අයිරාංගනී සේරසිංහ, ඩග්ලස් රණසිංහ, මොරින් චාරුණී, ප්‍රියංකර රත්නායක, දුලීකා මාරපන, හිරුෂිණි අබේගුණවර්ධන, සරත් ජයසුන්දර, ඩිලානි සුගතපාල, රංජිත් ප්‍රේමතිලක, ශ්‍රියන්ති වීරසේකර, බුද්ධික රොහාන්, චමික පෙරේරා, ගිහාන් කෝදාගොඩ, අදීප ශකිල රත්නායක, වෛද්‍ය චම්පික කුමාරි විජේරත්න, චන්දිම පෙරේරා, භාතිය කෝදාගොඩ, ගිහාන් කෝදාගොඩ, ප්‍රියංගිකා දිල්රුක්ෂි, සාරංග දිසාසේකර, අඛිල ජයවික්‍රම, ප්‍රියන්ත අතාවුද, රොමේස් සුගතපාල, චතුර ජනංජය

සුදු කළුවර

තිරගත වූ දිනය - 2003 ජූලි 04
ඉදිරිපත් කිරීම - ස්වර්ණ නිර්මාණ අනුග්‍රහය - ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ, චිත්‍රපට සංවර්ධන අරමුදල
දෙබස්, තිර රචනය, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය - සුදත් රෝහණ සහාය අධ්‍යක්ෂණය - ප්‍රසන්න ඉත්තෑපාන, චමින්ද දීපාල් අබේසේකර
සහාය අධ්‍යක්ෂණ සහාය - සුලිත ලොකුබාලසූරිය, කාවින්ද සමිර විජේසිරි
කැමරාකරණය - ලාල් වික්‍රමආරච්චි
සහාය කැමරාකරණය - මාෂල් ස්ටැන්ලි, ප්‍රැන්ක්ලින් රූප්, කුමාර සිරිවර්ධන
ආලෝකකරණය - ආරියරත්න පෙරේරා, ඩී. ඩී. එස්. සිරිලාල්, ඒ. ඒ. කුමාරසිරි, එස්. ඒ. ප්‍රේමදාස, උපුල් වීරසිංහ,මනෝජ් ප්‍රියන්ත, ස්ටැන්ලි රාමනායක
සංස්කරණය - එල්මෝ හැලිඩේ සහාය - රත්නපාල හපුආරච්චි
අංග රචනය - ජේ. සුරනිමල සහාය - වතික පෙරේරා
කලා අධ්‍යක්ෂණය - වෙලේගෙදර රණසිංහ කලා අධ්‍යක්ෂණ සහාය - සුජීව කුමාර ගුණරත්න, ප්‍රියන්ත චන්ද්‍රකුමාර, බිමල් රෝයි ප්‍රභාත් ජානක
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිසේන, සසිත රුවන්, සුමිත් ප්‍රියන්ත, මනුර රූපසිංහ, රුවන් චාමර, වසන්ත රත්නායක
සැකසුම - සරසවි චිත්‍රාගාරය - දළුගම - කැලණිය
රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - මදුරාසිය
නිෂ්පාදන කළමනාකරණය - සරත් විජේසේකර
නිෂ්පාදන සම්බන්ධීකරණය - ලොයිඩ් ජානක
නිෂ්පාදන සැලසුම් - ගාමිණී සිල්වා
රේඛීය නිෂ්පාදනය - ශේෂා පලිහක්කාර
නිශ්චල ඡායාරූප - විශ්වනාථ තේනුවර නාමාවලිය - දී. ග. සෝමපාල
කොණ්ඩා සැකසීම - සෑම් පෙරේරා
දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය බාහිර
ශබ්ද පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා (ඊස්ටර්න් රෙකෝඩින් - ඔගී ස්ටුඩියෝ) උප ශීර්ෂ - හරින්ද්‍ර සහ කුමා ද සිල්වා
ට්‍රැක් ඩොලි ක්‍රියා කරවීම - නිහාල් ද සිල්වා
ජෙනරේටර් ක්‍රියා කරවීම - එස්. විජේකුමාර
කෘතිම වැසි සහ දොඹකර ක්‍රියා කරවීම - ගාමිණී විමලසේන, ජනක විජේරත්න, නාමල් විජේරත්න, සුනිල් පෙරේරා, ශාන්ත පෙරේරා, ඩී. අරුණ
කාර්මික උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස්, ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්, සම්පත් ෆිල්ම්ස්, ටෙලි ස්ටාර්
ලී බඩු සැපයීම - දඹුලු ලී බඩු සමාගම
සම්බන්ධීකරණය - සරත් පෙරේරා
විවිධ සහාය - පුෂ්පකුමාර පාළුවැව, සුනෙත් නෙරංජ, සංජීව ප්‍රියලාල්, නලින් සුරේන්ද්‍ර ගී කියනගේ, සෝමසිරි කේ. අබේසුන්දර, සුදත් පුෂ්ප කුමාර
සංගීත අධ්‍යක්ෂණය - නවරත්න ගමගේ
කවි ගායනා - කෝරලේ ගෙදර හේරත් බණ්ඩා, ලයනල් ගුණතිලක, උදයසිරි විදානපතිරණ, ශ්‍රියා කාරියවසම්, නන්දා පතිරණ, මුදිත රංග අබේසිංහ

නළු නිළියන් - සනත් ගුණතිලක, ජයලත් මනෝරත්න, ඉන්ද්‍රජිත් නාවින්න, බුද්ධදාස විතානආරච්චි, ඩබ්ලිව්. ජයසිරි, පාලිත සිල්වා, ලාල් කුලරත්න, සේාමලතා සුභසිංහ, ගීතා කාන්ති ජයකොඩි, රත්නා ලාලනී ජයකොඩි, ජයනි සේනානායක, සංදීපා සෙව්මිණි, මමෝරි විමලතුංග, බුද්ධි වික්‍රම මල්කුමාරි ගීතරාණි, සරණපාල ජයසූරිය, හේමසිරි ලියනගේ, වොලී නානායක්කාර, බන්දුල විතානගේ, රිචාඩ් විරක්කොඩි, ගයනා සුදර්ශනී, එරල් බී. නිෂ්, මාලි ජයවීරගේ, දමිතා සළුවඩන, ශ්‍රියා කළුබෝවිල, නයනා හෙට්ටිආරච්චි, වෙලේගෙදර රණසිංහ, ප්‍රසන්නජිත් අබේසුන්දර, රංජිත් වීරප්පුලි, ලොයිඩ් ජානක, විල්සන් හැරල්ඩ්, එච්. කේ. කල්‍යානන්ද, ඇලෙක්ෂි ප්‍රනාන්දු, ප්‍රේමනාත් ජයසේකර, තිස්ස කාරියවසම්, පියසේන ජයමහ, සුනෙත් නෙරංජ