ඊළඟට මොකද වෙන්නේ දර්ශන තලයේ රසමුසු හෝරා කීපයක්
හේමාල් රණසිංහ
මධුෂා රාමසිංහ
විවාහ ගිවිස ගන්නා අතරේ
ජයලත් මමෝරත්න
මිනී පෙට්ටි අස්සේ
ඊළඟට මොකද වෙන්නේ
දර්ශන තලයේ රසමුසු
හෝරා කීපයක්
නව පරපුරේ රංගන ශිල්පී හේමාල් රණසිංහ කාටත් රහසේම විවාහ ගිවිස ගන්නට සූදානම් වන බව
මට ආරංචි වුණා. හැබැයි ඒක නිල නොලත් පුවතක්. කොහොමද ඒකෙ ඇත්ත විස්තර සොයා බලන්නේ?
එහෙම සිතූ මං හේමාල් මේ දිනවල වැඩිපුරම ඇසුරක් පවත්වන කිහිප දෙනෙකුටම කතා කළා.
ඉතාම සමීපතම තොරතුරක් දුන්නේ ජයලත් මනෝරත්න.
ලබන සිකුරාදා ඉංගිරියේ කරන්දන ඇල්ල ගාව ගෙදර ආවොත් වැඩි යමක් ඔයාලට දැනගන්න
පුළුවන්.
හොඳ ඔත්තුවක් දුන්නා.
මනෝ කියූ දිනට මමත් අප ඡායාරූප ශිල්පි ටෙනිසන් එදිරිසිංහත් වහ වහා පිටත්ව ගියේ
හේමාල් හැමෝගෙන්ම වහං වෙලා කරන මේ කටයුත්ත දැක බලා ගන්න.
කවුද දන්නේ නැහැ හේමාල්ගේ මනමාලි? පුදුමයි, එයා දැන්ම බඳින අදහසකින් නෙවෙයි හිටියේ.
ටෙනි අයියා අතරමගදී කුතුහලයෙන් යුතුව කතා කළා.
උදෑසන දහයේ හෝරාව පහු වුණා. ඉංගිරියේ කරන්දන් ඇල්ල ගාව නිවසේ ඉදිරියෙහි අපි දැන්
ඉන්නේ.
මනෝ අයියා, අපි ආවා. ඔයාලා කොහෙද ඉන්නේ?
ටෙනී, මනෝට කෝල් එකක් දුන්නා.
මං මෙහෙ, සද්ද කරන්නේ නැතුව ඇතුළට එන්නකෝ’
මනෝ අපව කැටිව ගියේ නිවසේ ඉදිරි කාමරයට. එතකොටත් ටෙනී අයියා සිය කැමරාව මානාගෙන
සිටියේ අලුත් ජෝඩුවගේ අලුත්ම අලුත් සේයාරූ කිහිපයක් ගන්න.
මනෝ එක සැරයටම දොර විවෘත කළා. හේමාල් සහ ඔහුගේ මනාලිය ඉන්නවා. ඒත් එක්කම නාට්‍ය
කණ්ඩායමකුත් පසෙකින්. මට එය නම් මහත් ප්‍රහේළිකාවක් වුණා.
මෙන්න මේක තමයි මගේ අලුත්ම නාට්‍යයේ දර්ශන තලය. හේමාල් විවාහ වෙන්නේ ඒ නාට්‍යයට.
‘ඊළඟට මොකද වෙන්නේ’ ඔන්න ඕක තමයි නාට්‍යයේ නම.
මනෝ දිගු හෑල්ලක් කියාගෙන ගියා. ඔහු අපිට වැඩි විස්තර නොකියාම එක් කරගෙන ඇවිත්
තිබුණේ රස ගුලාවකට කියලයි මට හිතුණේ. මොකද මනෝ නාට්‍ය කරන අන්දම හරිම විනෝදජනකයි
කියා මං අසා ඇති නිසා.
මධුෂා රාමසිංහ . . .
මනෝගේ අලුත්ම නාට්‍යයේ ප්‍රධාන භූමිකාව මවන්නිය ඇයයි. හේමාල්ගේ මනාලිය ද ඇයයි.
මධුශා ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් මවන්නේ ‘ඊළඟට මොකද වෙන්නේ’ ටෙලි නාට්‍යයේ.
මේ අතරවාරයේ පොලිස් ජීප් රථයක් ඇවිත් නිවසේ මිදුලෙහි නතර වුණා.
අන්න අපේ ඕ අයි සී මහත්තයා එනවා . . .
කවුදෝ එසේ කියනු ඇසී අපි සැවොම ඒ දෙස බැලුවා. ඇඳුමින් පොලිස් ස්ථානාධිපතිවරයකු සේ
සැරැසී සිටින්නේ අන් කවරෙකුවත් නොව ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණියයි.
ළඟට ආවම මිසක දුර තියා නම් රවී අයියාව අඳුන ගන්න බැහැ.
මම කිව්වා.
ඒක නම් ඇත්ත මඟ හිටපු රාළහාමිලා කිහිප දෙනෙකුත් මාව අඳුර නොගෙන සැලියුට් ගැහැව්වා.
මනෝරත්නගේ නව වැනි නාට්‍ය අධ්‍යක්ෂණය වන ‘ඊළඟට මොකද වෙන්නේ’ රහස් පරික්ෂක කතාවක්.
මනෝ එහි සීලංක්කු නම් අවමංගල අධ්‍යක්ෂවරයකුගේ චරිතය රඟපානවා.
මේ දවස්වල ඉතිං මං වැඩිපුරම ඉන්නේ මිනී පෙට්ටි අස්සේ.
මනෝ එහෙම කියමින් හයියෙන් සිනාසුණා.
මනෝරත්න නාට්‍ය අධ්‍යක්ෂණය කරන අන්දම සිත් ගන්නා සුළුය. යම් හෙයකින් දර්ශනයක දෙබසක්
වැරැදුණොත් ඔහුට කේන්ති යන්නේ නැහැ.
‘ඒ සීන් එක හොඳට ආවා. ඒත් තව එකක් කෝකටත් ගමු’
කුමන හෝ වැරැද්දක් වුවහොත් ඔහු පවසන්නේ ඒ වචන පේළිය.
රොෂාන් රවීන්ද්‍ර සහ ජෙහාන් ශ්‍රිකාන්ත් යන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් දෙපොළ
දැන් මෙතැනට පැමිණ සිටිනවා. ඔවුන්ට දැන් ඇත්තේ මධුෂා පැහැරගෙන යන්නට.
මමෝ ඇක්ෂන් කිව්වා.
රොෂාන් සහ ජෙහාන් මංකොල්ලකාරයින්ගේ වෙස්ගෙන මධුෂාව පැහැර ගැනීමට උත්සාහ කළා. ඇයගේ
කෑ ගැසීමෙන් පළාත දෙවනත් වුණා.
කට් . . කට් . . කට් . .
කවුද කිව්වේ ඔච්චර හයියෙන් කෑගහන්න කියලා. අහල පහළ මිනිස්සු බය වෙයි.
මනෝ කියාගෙන කියාගෙන ගියා.
ඉතිං රොෂාන් අයියලානේ කිව්වේ හයියෙන් කෑගහන්න කියලා.
මධුෂා වටපිට බලා එසේ කියද්දී අවටවුන් සිනහ වූයේ එය ලණුවක් බව ඇයට එත්තු ගන්නට.
මෙවන් වූ තව ලණුවක් ඇයට සහ හේමාල්ට ලබා දුන්නා. ඒ සඳහා පෙරමුණ ගත්තේ ඊළඟට මොකද
වෙන්නෙහි කැමරා අධ්‍යක්ෂ චන්දන ධර්මප්‍රිය. හේමාල් සහ මධුෂා මෝටර් බයිසිකලයකට නැඟී
යන දර්ශනයක් තිබුණා.
මමෝ අයියා ඇක්ෂන් කිව්වාම ඔයාලා දෙන්නා දිගටම යන්න.
චන්දන උපදෙස් ලබා දුන්නා.
මනෝගේ විධානයට දෙදෙනා බයිසිකලයේ නැග යන්නට පටන් ගත්තා. එවිටත් චන්දන සිය කැමරාව
හිතාමතාම ක්‍රියාත්මක කොට තිබුණේ නැහැ. ඒ බව නොදත් හේමාල් සහ මධුෂා දර්ශනයට සහභාගි
වුණා. ඔවුන් දෙපොළ යළි දර්ශන තලයට එද්දී අපි සැවොම දිවා ආහාරය ගනිමින් සිටියා. හොඳ
ලණුවකට අහුවුණ බව දැන ගත් දෙදෙනා බොහෝ වේලාවක් යනතුරු අපිත් සමඟ කතා කළේ නම් නැහැ.
සටහන –
ප්‍රසාද් සමරතුංග
සේයරූ –
ටෙනිසන් එදිරිසිංහ
|