ෂාරුක් කුක්
ෂාරුක්
කුක්
ෂාරුක්ගෙයි, අජේ දේව්ගන්ගෙයි සමානතාවයක් තිිබේ. මේ සමානතාවය ගොඩ නැඟී ඇත්තේ
රංගනයෙන් හෝ ගති ස්වභාවයෙන් නම් නොවෙයි. නරක පුරුද්දකිනි. ඒ දුම් පානය කිරීමේ
පුරුද්දයි. දැනටමත් මේ දෙදෙනා තමන් දුම් පානය කරන විට ඡායාරූප ශිල්පීන්ට ඡායාරූප
ගැනීමට ඉඩ නොදෙන ලෙස පෞද්ගලික ආරක්ෂක භටයන්ට දැනුම් දී ඇත.
ඉදිරියේදී ප්‍රසිද්ධියේ දුම් පානය නොකිරීමටත් මේ නළු පියවරුන් තීරණය කර අවසන්ය.
මීට පෙර මොවුන්ගේ ප්‍රසිද්ධියේ දුම් පානය කරන අවස්ථා මුද්‍රිත සහ විද්‍යුත්
මාධ්‍යයේ පෙන්වීමෙන් අනතුරුව දැඩි ලෙස විවේචන එල්ල විය.
අජේ දේව්ගන්, ෂාරුක් ඛාන් යනු ක්ෂේත්‍රයේ හිත මිතුරන් නොවෙයි. එහෙත් මේ සතුරු
පුරුද්දෙන් දෙදෙනාම අත් මිදුණොත් දෙන්නාම ‘අයියා මල්ලීයි’ වාගේ කියා එනිසාම වුණත්
කිව හැකිය.
අජේ දෙව්ගන්, ෂාරුක් මෙන්ම කිහිප වරක්ම දුම් පානය කිරීමේ පුරුද්දෙන් අත් මිදෙන්න
උත්සාහ කළ ද එය ගඟට ඉනි කැපීම හා සමාන නිරර්ථක ප්‍රයත්නයක් වී ඇත.
මේ ෂාරුක් ඛාන්ට සුබම සුබ කාලයකි. දීපිකා සමඟ රැගූ ‘ඕම් ශාන්ත ඕම්’ සේම ‘චෙන්නායි
එක්ස්ප්‍රස්’ ද අති සාර්ථකව තිරගත කෙරේ. ඒ නිසාමදෝ ෆාරා ඛාන්ගේ ඊළඟ සිනමාපටයට
ෂාරුක් සමඟ රඟපෑමට තෝරා ගෙන ඇත්තේ ද දීපිකාවමයි.
නව සිනමාපටය සඳහා ෂාරුක් – දීපිකා, සැප්තැම්බර් 2 වැනිදා ඩුබායි යන අතර ඩුබායි හි
ඔහුගේ නිවාසයේ මුළුතැන්ගෙය කෑම පිසීමට අවශ්‍ය සියලු නවීන පහසුකම්වලින් පරිපූර්ණ කර
තිබේ.
තමා සමඟ රඟන දීපිකාට, අභිෂේක් බච්චන්ට, බෝමන් අයිරාණිට, සියතින්ම කෑම පිස
දීමට ෂාරුක් කැමැත්තෙන් සිටින බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් හෙළිවේ. සහෝදර
නළු නිළියන්ට ෂාරුක්ගේ කෑම රස වැටුණොත් ඔහු සුපිරි නළුවකුට සීමා නොවී සුපිරි
සූපවේදියකු ලෙස ද ක්ෂේත්‍රයේ සම්මානයට පාත්‍ර වනු ඇත.
රවීනාගේ
බලු සෙනහස
රවීනා තන්ඩන් ‘මොහරා’ සිනමාපටයත් සමඟ අපේ මතකයට එන සරාගී රූමතියයි. සිනමාවේ
දඟකාරියක වුව ද ඇය කෙතරම් නිවුණු, ආදරණිය සිත් ඇත්තියක් ද? මුලින් ඇය අරන් හදා
ගත්තේ දූවරුන් දෙදෙනෙකි.
පසුව ඇයට ද දුවක හා පුතකු ඉපදුණාය. ‘හදා වඩා ගැනීමේ’
සද්කාර්යය සතුන් දක්වා ව්‍යාප්ත කිරීමට දැන් ඇය පියවරගෙන තිබේ. රවීනා ළඟදී වීදි බලු
පැටවුන් දෙදෙනකු හදා ගැනීමට ගත්තාය.
සීතලේ වෙවුලමින් සිටින බලු පැටවුන්ට හිසට නිවෙසක්, කුසට ආහාර දුන් විට ලැබෙන සැනසීම
අපමණ බව තිස් අට හැවිරිදි රවීනා පවසන්නීය.
එයා දැන්
ලොකු ළමයෙක්
ශතෘගන් සිංහ, පූනම් සිංහ යන නළු නිළි මවුපියන්ගේ පුතුන් දෙදෙනකුට සිටින එකම දියණිය
සෝනක්ෂි වසර 2010 දී බොලිවුඩයට පැමිණියේ මාපියන්ගේ මෙන්ම ක්ෂේත්‍රයේ ද පුංචි දියණිය
ලෙසයි. දැන් ඇයගේ රංගන දිවියට තෙවසරකි.
මේ වන විට අති සාර්ථක රංගනය නිසා ඇය ලොකු
දියණියක වී හමාරය. එහෙත් මවුපියන්ට නම් තවමත් සෝනක්ෂි පෙර සිටි පොඩි දෝණියමයි.
සිනමා රූගත කිරීමේදී වේලාවක්, අවේලාවක් නැති බව හොඳීන්ම දන්නා මවුපිය යුවළක වුණත්
ඇය අලුයම 1.30 වන විට අනිවාර්යයෙන්ම නිවෙසට පැමිණිය යුතු බවට අණක් ඔවුන් දී ඇත.
’මට තවමත් අම්මා තාත්තා සලකන්නේ පුංචි දුවකුට වගෙයි. ඒ ගැන සතුටුයි. ඔවුන් මට හැම
වෙලාවෙම මඟ පෙන්වනවා.’
සෝනක්ෂිගේ නිළි මව, පූනම් කෑගසන්නේ වෙලාවට නිවෙසට නොපැමිණි විටදී පමණක් නොවෙයි.
රූගත කිරීම්වලට දියණිය වේලාවට අවදි නොවූ විට ද සමාවක් නැත.
දැනටමත් සෝනක්ෂි රුපියල් කෝටි සියයක ආදායමක් ලබන සිනමාපටවල රඟන තාරකාවක ලෙස නම් දරා
අවසන්ය.
කෙසේ වුවත් සෝනක්ෂිට සියලු හපන්කම් පෑමට හැකි වන්නේ විවාහ වෙනතුරු පමණි. ඉන් පසු ඇය
ජීවිතයම කැප කිරීමට බලාපොරොත්තු වෙන්නේ සැමියා සහ දූ දරුවන් වෙනුවෙනි.
රිතික් යළිත් වැඩ
රිතික් රෝෂන් සටන් චරිත රඟපෑමට වාගේම රංගනය ඉදිරියේ ජීවිත සටන පරදුවට තැබීමට කැමැති
නළුවෙකි. මෑතකදී කළ මොළයේ සැත්කම නිසා ඔහු විවේක සුවයෙන් පසුවුණත් ඒ විවේකයට
නොවැම්බර් මාසයේ මැද දී සමුදීමට සිදු වී ඇත. ඒ ‘බෑන්ග් බෑන්ග්’ සිනමාපටයේ රූගත
කිරීම් ආරම්භ වන නිසයි.
චම්පිකා දීපානි රණසිංහ
|