|
|
මැරිලින් මොන්රෝ ගැන තවත් කතාවක්
මැරිලින්, ජෝන් ජනපති සමඟ සබඳතාවක් පවත්වන බව පැවසූ විට ජැකී කියා ඇත්තේ ‘විශිෂ්ටයි, ඔබ පළමු කාන්තාව වී ධවල මන්දිරයට එන්න. එවිට මං නිදහස්. ඔබට තමයි ගැටලු සියල්ලම’ කියායි. ‘ද ෆයිනල් ඉයර් ඔෆ් ජැක් විත් ජැකී’ කෘතියේ මේ බව සඳහන් කර ඇත. කතුවරයා ක්‍රිස්ටෝපර් වැඩිදුරටත් කියා ඇත්තේ, ජෝන්ගේ චපලකම් ඉදිරියේ ජැකී නොදුටුවා සේ සිටියා වුවත්, මොන්රෝ සමඟ පැවැති සම්බන්ධතාව ඇයගේ හදවතට විස කටුවක් වූ බවයි. එයින් අදහස් වන්නේ මුවින් පැවසූ දෙය ජැකීගේ හදවතෙහි නොතිබුණු බවයි. පොතට අනුව මොන්රෝ, ජෝන් එෆ්. කෙනඩි සිය බිරියගෙන් වෙන් වී තමන් වෙත පැමිණෙනු ඇතැයි කියා විශ්වාස කළාය. ‘මාව රටේ පළමුවෙනි කාන්තාව විධියට දකින්න කැමැති ද?’ කියා වරක් ඇය මිතුරියකගෙන් අසා තිබේ.
රිහානාගේ සර්ප විලාසිතා
නයෙක් දුටු විට බියෙන් දුවන්න තරම් කාන්තා සිත සියුමැලියි. ඒත් සුපිරි පොප් ගායිකා රිහානාට නම් නයින් බිය පාටය. මෑතකදී ඇය ඡායාරූප එකතුවකට පෙනී සිටියේ නයි සමකින් තැනූ බිකිනියකින් සැරසීලායි. විසිපස් හැවිරිදි රිහානා අමුතුම තාලයේ බිකිනි විලාසිතාකාරියකි.
අලුත් අම්මාගේ දරු සුරතල්
කේට් ප්‍රයිස් සිව්වැනි වරටත් උතුම් වූ මවු පදවිය ලැබුවාය. තිස් පස් හැවිරිදි ඇයට මෙවර ලැබුණු දරුවා නම් හදිසිකාරයෙකි. ඔහු නොමේරූ දරුවකු ලෙස බිහි වූයේ අටවැනි මාසයේදීයි. බර කිලෝ ග්‍රෑම් 5 ක් වුණත් දරු පැටියා සුවෙන් සිටින බව ආරංචියි. තෙවැනි සැමියා හේලර්ස් ද දරු ප්‍රසූතිය සිදුකරන ශල්‍යාගාරයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියත් එයට අවසර ලැබී නැත.
ඒ ආදර කතාවත් අකුරටම
රොබට් පැටින්සන්, ක්‍රිස්ටින් ස්ටුවර්ට් ප්‍රේම වෘත්තාන්තය බොලිවුඩයේ සොඳුරුතම ආදර කතාවක් වුවත් එය දැන් අනාදරයෙන් අවසන් වී හමාරය. නව යෞවන වියට පිය මනිනවාත් සමඟ රොබට් මෝස්තර නිරූපණයට යොමු වුණේ සුරූපී තරුණියන් ඇසුරට ඇති කැමැත්ත නිසයි. 2008 දී ට්විලයිට් දර්ශන තලයේදී සුරූපී ක්‍රිස්ටීන් ස්ටුවර්ට් හමුවීමත් සමඟ ඔහුගේ තරුණ ගැහැනු දරුවන් හමුවීමේ ආසාවට නැවතීමේ තිත තැබිණි. එහෙත් සිව් වසරකට පසු ක්‍රිස්ටීන් – පැටින්සන් ප්‍රේමය බිඳ වැටුණේ ක්‍රිස්ටීන් විවාහක රූපට් සැන්ඩර්ස් අධ්‍යක්ෂවරයා සමඟ පෙමින් බැඳුණු නිසයි. තමා සමඟ පෙමින් බැඳී සිටියදී මෙබඳු චපලකමක් පෑ ක්‍රිස්ටීන් දැන් පැටින්සන්ට කෙතරම් අප්‍රියදැයි කිවහොත් ඔහු ඇය මඟ හැරීමට බෙවර්ලි හිල්ස් හි පදිංචියට ගොස් තිබේ. පැටින්සන්ගේ අලුත් අසල්වැසියන් වන්නේ ගවේන් ස්ටෙෆ්නි, ක්‍රිස්ටිනා ඇගියුලෙරා වැන්නියන්ය. බ්‍රිට්නි ස්පියර්ස් ද එම නිවෙසේ පදිංචි වී සිට ඇත.
ගරු කළ යුතු රංගනයක්
ෂෙයිලීන් වූඩ්ලි රංගනය සැබෑ ජීවිතයට සම්බන්ධ කරගෙන ඇත්තේ අපූරු ආදර්ශමත් අන්දමකටය. විසිඑක් හැවිරිදි ඇය පිළිකා රෝගියකු සේ ‘ද ෆෝල්ට ඉන් අවර් ස්ටාර්ස්’ සිනමාපටයේ රඟන්නීය. රංගනය නිසා ඇයට හිස බූ ගෑමට සිදුවන අතර ඒ කෙස් ඇය හිසකෙස් නැති දරුවන්ගේ හිසෙහි සිටුවීම සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුª වන්නීය.
|



තම සැමියා වෙනත් කාන්තාවක ඇසුරු කරන බව කන වැකුණොත් කලබල නොවන බිරියක් සිටිනවාද?
එහෙත් ජනපති ජෝන් එෆ්. කෙනඩිගේ බිරිය ජැකී කෙනඩි නම් එවැන්නියක් නොවේ. ජනාධිපති
සැමියා, සරාගී සුරූපී මැරිලින් මොන්රෝ තාරකාව සමඟ පෙමින් වෙළී සිටින බව ජැකී දැනගෙන
ඇත්තේ මොන්රෝගේ මුවින්මයි.

