වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 126

සිංහල සිනමා විස්තරය - 126

රතු මකරා

තිරගත වූ දිනය - 1983 නොවැම්බර් 25
ඉදිරිපත් කිරීම - විජය පික්චර්ස්
නිෂ්පාදනය - විජයවර්ධන රාජපක්ෂ
අධ්‍යක්ෂණය - තිලක් වේහැල්ලේ
කතාව, දෙබස් සහ තිර නාටකය - සෝමරත්න එදිරිසිංහ
සහාය අධ්‍යක්ෂණය - රංජිත් සිරිවර්ධන
කැමරා අධ්‍යක්ෂණය - නෝබට් රත්නසිරි
සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්
සංස්කරණ සහාය - චන්ද්‍රරත්න රූබසිංහ
අංග රචනය - ඩී. ඩී ඇන්ටනි
කලා අධ්‍යක්ෂණය - රංජිත් සිරිවර්ධන
සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු (බී. ඇස්. සී.) වී. සිවදාසන්
සැකසුම - විජය චිත්‍රාගාරය – හැඳල
නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ
නිශ්චල ඡයාරූප - රෝහිත බටගොඩ
නිෂ්පාදන කළමනාකරණය - සෙනරත් මාපිටිගම, උපුල් ප්‍රනාන්දු
නිෂ්පාදන විධායක – රාජා ද සිල්වා
සංගීත අධ්‍යක්ෂණය - ගුණදාස කපුගේ
ගීත ප්‍රබන්ධය – ආනන්ද එස්. විජේසිරි, හේමසිරි හල්පිට

ගීත -
කුරවි කෙවිල්ලනි අපේ - ලතා වල්පොල
හොඳ දවසක් මල්ලි - නිහාල් නෙල්සන්, පෝල් ප්‍රනාන්දු

ඇඳුම් නිර්මාණය - ඩ්‍රෙස් සෙන්ස්
දෙබස් පටිගත කිරීම - කේ. බාලසුබ්‍රමනියම්

නළු නිළියන් - රොබින් ප්‍රනාන්දු (රාහුල), ෆරීනාලායි (මධුරි), සොමී රත්නායක (සීමන්), මර්වින් ජයතුංග (කළු ඇැල්බට්), දොන් සිරිසේන (කරෝලිස්), බී. ඇස්. පෙරේරා (සිරිසේන), ජීවන් කුමාරතුංග (ජයන්ත), විජයරත්න වරකාගොඩ (පොලිස් පරික්ෂක) ක්ලීටස් මෙන්ඩිස් (ටියුඩර්), සෙනරත් මාපිටිගම, ශ්‍රීනාත් බස්නායක, බී. ජයසූරිය, හේමන්ත සෙනෙවිරත්න, ආරියදාස සතරසිංහ

ප්‍රදර්ශනය වූ සිනමා ශාලා - එල්ෆින්ස්ටන් – මරදාන, නිව් මෙට්රෝ - නුගේගොඩ, රීගල් - මීගමුව, එමෙස් - මොරටුව, අනුර – අම්බලන්ගොඩ, කිංග්ස් - බදුල්ල, ජීවනි – අලව්ව, සිනෙක්ස්පෝ - කුරුණෑගල ඇතුළු සිනමා ශාලාවලදී.

හිතත් හොඳයි වැඩත් හොඳයි

තිරගත වූ දිනය – 1983 දෙසැම්බර් 02
ඉදිරිපත් කිරීම – අනූෂා ෆිල්ම්ස්
සම තිර නාටකය - අධ්‍යක්ෂණය - ජේ. රාසරත්නනම්
කතාව, දෙබස්, තිර නාටකය – ආරියරත්න කහවිට
සහාය අධ්‍යක්ෂණය – වින්සන්ට් සෙනෙවිරත්න
කැමරාකරණය - ජේ. කනකරත්නම්, එච්. ආර්. විජේතුංග
කැමරා සහාය – ඇන්ටනි සිල්වා, රෝව් මිසියර්, කැනී ප්‍රනාන්දු
නිෂ්පාදන සහාය - කේ. ධනපාල, මර්වින් විජේරත්න
සංස්කරණය - ජේ. රාසරත්නම්
සංස්කරණ සහාය - නිව්ටන් වීරසිංහ, වින්සන් සෙනෙවිරත්න, උපාලි අමරතුංග, සුනිල් උපාලි
අංග රචනය – ඩී. ඩී. ඇන්තනි
කලා අධ්‍යක්ෂණය – වින්සන්ට් පෙරේරා
සටන් අධ්‍යක්ෂණය – බන්දු මුණසිංහ
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ්‍රමනියම්
ශබ්ද සහාය - ශ්‍රීලාල් අබේංහ, ආනන්ද අමරසිංහ, ඇලෝසියස් රුද්‍රිගු, ලෙනාඩ් ප්‍රනාන්දු, සුන්දර් රාජ්
රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු
රසායනාගාර සහාය – ජී. මුත්තුසාමි, එම්. රාමචන්ද්‍රන්, එම්. ප්‍රේමදාස
සැකසුම - විජය චිත්‍රාගාරය
නිශ්චල ඡායාරූප - මොහොමඩ් අලි
නාමාවලිය – ඇන්ටන් ජගත් ප්‍රසන්න
නිෂ්පාදන කළමනාකරණය – අයිසෙක් නිව්ටන්
පසුතල සැකසුම - සාලිය ඩයස්, ඩැනිස්ටර් සිල්වා
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, ප්‍රේමකීර්ති ද අල්විස්, ශ්‍රී නිහාල් ජයසිංහ

ගීත -
දෙවියෝ සිටි දැන් මේ ලොකේ - රේමන් වාස්
මේ රාත්‍රියේ දුවේ නිදන්නේ - ලතා වල්පොල
සැනසීලා නැළවිලා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
මුළු ජීවිතේ මේ ලෝකයේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
මේ ලෝ තලේ උල්පතයි ආදරේ – එච්. ආර්. ජෝතිපාල
රෑ අම්බරේ තරු ගිලි ගනඳුරේ – ඇන්ජලින් ගුණතිලක
මහරාජා මං ආවා - ෆෙ‍්‍රඩී සිල්වා

නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙණිය, ගීතා කුමාරසිංහ, රුක්මණී දේවි, ෆරීනාලායි, ෆෙ‍්‍රඩී සිල්වා, රෙක්ස් කොඩිප්පිලි, බී. ඇස්. පෙරේරා, හියුගෝ ප්‍රනාන්දු, සරණපාල සූරියආරච්චි, පියදාස විජේකෝන්, අකුස්ලා සෙල්ලයියා, වින්සන් වාස්, තලතා ගුණසේකර, දොන් සිරිසේන, තුෂාරා ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, ඩීන් කුමාර්, ශ්‍රියාණි ෆොන්සේකා, ජෝශප් සෙනෙවිරත්න, පර්ල් වාසුදේවි

ආරම්භක සිනමා ශාලා - රිට්ස් - බොරැල්ල, සෙයින්ස්තාන් – ග්‍රෑන්ඩ්පාස්, විජිත – රත්මලාන, අනූෂා - මහරගම, හිමාලි - කිරිබත්ගොඩ, ජයන්තා - ගම්පහ, නන්දා – ජාඇල, ඕඩියන් - මහනුවර, නිව්ඉම්පීරියල් - පානදුර, මොඩර්න් – කුරුණෑගල, ෂැම්රොක්- වෙන්නප්පුව, ටාසන් - කෑගල්ල

මුහුදු ළිහිණි

තිරගත වූ දිනය – 1983 දෙසැම්බර් 19
ඉදිරිපත් කිරීම – ප්‍රබුද්ධි චිත්‍රපට
නිෂ්පාදනය සහ කතාව, දෙබස්, තිර නාටකය - මෙරිල් සී. කාරියවසම්
අධ්‍යක්ෂණය – මහාචාර්ය සුනිල් ආරියරත්න
සහාය අධ්‍යක්ෂණය – අශෝක නිශ්ශංක, මෙරිල් කාරියවසම්, ඥානපාල වික්‍රම
කැමරා අධ්‍යක්ෂණය – ඩී. බී. නිහාල්සිංහ
කැමරා සහාය – රංජිත් පෙරේරා, එච්. ඩී. සුමතිපාල, එස්. ඩීන්, සරත් සූරියකුමාර්, සුනිල් ද සිල්වා, ලලිත් පේ‍්‍රමතිලක, එච්. යූ. රත්නසිරි, ජී ආරුමුගම්
සංස්කරණය - සෙක්ටස් අපොන්සු, සහාය - සුනිල් උපාලි පෙරේරා
අංග රචනය – රංජිත් මතඟවීර සහාය - රොනී නුගේරා
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා සහාය - සුගත් මුදලිගේ
නැටුම් අධ්‍යක්ෂණය - සෝමලතා සුභසිංහ (ළමා නැටුම)
ශබ්ද පරිපාලනය – කන්දස්වාමි බාලසුබ්‍රමනියම්
රසායනාගාර කටයුතු - සීමාසහිත යුනිවසල් ලැබ් - හොංකොං
රසායනාගාර සම්බන්ධීකරණය - වංශපාල රූපසිංහ
චිත්‍රාගාරය – විජය චිත්‍රාගාරය – හැඳල
නාමාවලිය – කමල් රත්නායක
නිෂ්පාදන කළමනාකරණය - මෙරිල් කාරියවසම්
කැමරා සහ විදුලි උපකරණ – ඩී. එන්. එෆ්. සී. ආයතනය
සංගීත අධ්‍යක්ෂණය – එච්. එම්. ජයවර්ධන

ගීත -
සිතිජ ඉමේ – ඩබ්ලිව්. ඩී. අමරදේව - පද – අජන්තා රණසිංහ
දේදුන්නේ පාට අරන් – නන්දා මාලිනී – පද - සුනිල් ආරියරත්න
තරු මල් එළියේ - ටී. එම්. ජයරත්න / මාලිනී බුලත්සිංහල – පද – ඔගස්ටස් විනයාගරත්නම්
රබානේ ඉපදී – ලලිත්කුමාර – පද - ප්‍රෙමකීර්ති ද අල්විස්
නිශ්චල ඡායාරූප – රංජිත් පෙරේරා
ධාවන කාලය – පැය 2 යි දිග ප්‍රමාණය - අඩි 12000
නළු නිළියන් - ජෝ අබේවික්‍රම, රවින්ද්‍ර රන්දෙනිය, රොබින් ප්‍රනාන්දු, ස්වරණා මල්ලවආරච්චි, අනෝජා වීරසිංහ, විමල් කුමාර් ද කොස්තා, අරුණ ශාන්ත, දෙනවක හමිනේ, ධර්මසිරි බණ්ඩාරනායක,නවනන්දන විජේසිංහ, ජයලත් මනෝරත්න, වින්සන්ට් වාස්, සෝමලතා සුභසිංහ, චන්ද්‍රා කළුආරච්චි, ආර්. මංගල, ගාමිණී සමරකෝන්, රෝහිත කරුණාරත්න කේ. එච්. විමලසේන, ඥානපාල වික්‍රම, ශ්‍යාමල්කා ප්‍රනාන්දු, සුනිල් ප්‍රනාන්දු, තිසර ද සිල්වා, බුද්ධිල කාරියවසම්, ඩබ්. පී. දයාරත්න, වින්සන් කුරුප්පු, ආර්. එම්. කැමිලස්, ඩබ්ලිව්. පී. බදුගේ, කේ එම්. පී. ප්‍රේමතිලක, මයිකල් ප්‍රනාන්දු

ප්‍රදර්ශනය - සම්භාවනීය පස්වන මණ්ඩලයේ රිගල්, ලිඩෝ, නැෂනල් - මහරගම ඇතුළු සිනමා ශාලා 11 කදී.

බෝනික්කා

තිරගත වූ දිනය – 1983 දෙසැම්බර් 23
ඉදිරිපත් කිරීම – එල්. වී. ෆිල්ම්ස්
නිෂෂ්පාදනය – එස්. කනපතිපිල්ලේ, ෆෙ‍්‍රඩී ඩේවිඩ්සන්, කිංස්ලි ඒ. වැන්ඩලාන්
කතාව, දෙබස් තිර නාටකය සහ අධ්‍යක්ෂණය – ලුවී වැන්ඩස්ට්‍රාටන්
සහාය අධ්‍යක්ෂණය - ඩෙරික් ගුණසේකර, ජයමාන්න පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා
කැමරා සහාය – ඇන්තනි පෙරේරා, නන්ද ඉඹුල්ගොඩ, සුබ‍්‍රමනියම්
සංස්කරණය – කාලිංග ද සිල්වා, එල්මෝ හැලිඩේ
සංස්කරණ සහාය - ජේ. විල්ෆ‍්‍රඩ් පෙරේරා
අංග රචනය – හිල්ටන් මෙන්ඩිස්, සනත් සී. විජේවර්ධන
කලා අධ්‍යක්ෂණය - ඩෙනිස්ටර් පෙරේරා
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර, නිමල් පෙරේරා, චව්වා
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න, සෙන්ට් ජෝන්
ශබ්ද සහාය – එච්. ඩී. පුංචිහේවා, ඒ. සී. එම් රියාස්, එම් ඒ. ඒබ්‍රහම්
රසායනාගාර කටයුතු - ඒ. අයි. ජොහාර්
රසායනාගාර සහාය – එම්. ඩබ්. එස්. පොන්නයියා, එස්. කමල්ඩීන්, නිමල් ඇතුලත්මුදලි, එස්. වේලායුධන්
ගීත පටිගත කිරීම – ටී. සෝමසේකරන්
සැකසුම – ලංකා චිත්‍රාගාරය, එස්. පී. එම්. චිත්‍රාගාරය
නාමාවලිය – ඩැනිස්ටර් පෙරේරා, කේ. පී ෆ‍්‍රැන්ක්ලින් ප්‍රනාන්දු
නිෂ්පාදන කළමනාකරු - ජයමාන්න පෙරේරා
සංගිත අධ්‍යක්ෂණය - ටෝනි වීරතුංග
ගීත ප්‍රබන්ධය – ලීලානන්ද ආර්. ගුණවර්ධන
ගීත ගායනය – නිහාල් නෙල්සන්, සිසිල් රුද්‍රිගෝ
ගීතය – ඉරෙන් ගෙනා බෝනික්කා
නළු නිළියන් – තිස්ස විජේසුර්න්ද්‍ර (ප්‍රගීත්), ගීතා කුමාරසිංහ (රේණුකා), රොබින් ප්‍රනාන්දු (බන්දු), උදේනි චන්ද්‍රසිරි (ජිමි), සෝමසිරි දෙහිපිටිය (ප්‍රගීත්ගේ පියා), මර්වින් ජයතුංග, රීටා රත්නායක, ජෝතිපාල,චන්ද්‍රකලා කුමාරතිලක, සීතා කුමාරි, වික්ටර් කන්නන්ගර, එමිල් ජැක්සන්, තුසිත ආර්. ඩයස්, සරත් ප්‍රනාන්දු, හාජා කරීම්, වී. ජී. කන්නංගර, අනුෂි විජේගුණවර්ධන, බී. චන්ද්‍රකාන්ති, ජෙනිඩිකුක්, ෂාමෙන් ස්පිට්ල්
ආරම්භක සිනමා ශාලා - අශෝකා, ග්‍රෑන්ඩ්පාස්, ඉම්පාලා, එමෙස් - මොරටුව, රත්නාවලී – ජාඇල, ලැවීනියා - නුගේගොඩ, අප්සරා – හෝමාගම, නිව් මිනර්වා - කළුතර, මුවිටෝන්- දළුගම, නිව් සිනමා -මොරටුව, රීගල් - මහනුවර, නිව් ඉම්පීරියල් - අවිස්සාවේල්ල, නිව් සිනමා - කුරුණෑගල, ජයන්ති - පොලොන්නරුව, නිව් විජේන්ද්‍ර – අනුරාධපුරය.


අපේ පාඨකයකු වූ උණවටුන, මැටරඹ කල්‍යාණ ජයනෙත්ති චණ්ඩි සිරියා චිත්‍රපටයේ ගීත හතරක් හා තුත්තිරි මල් චිත්‍රපට ගීත දෙකක් පිළිබඳ විස්තර එවා ඇත. එය මෙපරිද්දෙනි.

චණ්ඩි සිරියා චිත්‍රපටයේ ගීත මෙසේය.

1. දුර ඈත කඳුයාය පැතුමන් ගෙනෙයි – ක්ලැරන්ස් විජේවර්ධන

2. රිදී වතුර ගංගාවේ – චිත්‍රා සෝමපාල

3. තරුණ හිතක එඩිතරකම – මිල්ටන් පෙරේරා

4. දුප්පත්කම – ඉන්ද්‍රාණි විජේබණ්ඩාර

තුත්තිරි මල් චිත්‍රපටයේ ගීත 4 අතුරින් 2 ක් මෙසේය.

1. බඹර නෙතක බැල්ම නොදුටු – ජෝතිපාල

2. ප්‍රාර්ථනා නිම්නේ - ජෝතිපාල, චන්ද්‍රිකා සිරිවර්ධන

එසේම තුත්තිරි මල් චිත්‍රපටයේ සංස්කරණය ජයතිස්ස දිල්ලිමුනි නොව සිරි කේ. විතාරණයි.