හෙළ නිළි රුජන මාලිනියගේ රංගන දිවියට පනස් වසරයි
හෙළ නිළි රුජන මාලිනියගේ
රංගන දිවියට පනස් වසරයි
දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානයෙන් සිනමා සතියක්
හෙළ නිළි රුජනගේ රංගන දිවියට පනස් වසරක් සපිරීම නිමිති කර ගන්මින් විශේෂ
කර්තව්‍යයන් කිහිපයක් එළැඹෙන නොවැම්බරයේ සිදු කිරීමට දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානය
මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටී. ඒ අනුව ඇයට උපහාර පිදීමේ උළෙලක් සහ ඇය රංගනයෙන්
දායක වූ සිනමා පට හතක් ඇතුළත් කොට සිනමා සතියක් ද පැවැත්වෙනු ඇත.
දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානයේ පසුගිය මහ සභාවේ දී මෙම යෝජනාව සම්මත වී තිබේ.
එහිදී මෙයට අමතරව දේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් තවත් තීරණ කිහිපයක් සම්මත වූ බව
සංධානයේ කැඳවුම්කරු එරංග සේනාරත්න වැඩිදුරටත් දන්වා සිටියි.
- ප්‍රසාද්
|