|
|
දෙබස් කියා ගන්න බැරුව විනාඩි පහක් විතර හිටියාඉනෝමි අලුත්වල
ඇය ඉනෝමි අලුත්වල. මේ දිනවල මුතුපලස, හේඩි නරඹන ඔබට නම් ඇය හඳුනා ගන්න අපහසු නැහැ.
මේ දිනවල තිරගත වන සිරිපැරකුම්
* මේ දිනවල නිර්මාණ කිහිපයකම ඔබ දකින්න ලැබෙනවා? ඔව්. මුතුපලසේ අමාගේ යෙහෙළිය වගේම හේඩි ටෙලි නාට්‍යයේ නිල්මිණිිගේ චරිතයටත් පණ පොවනවා. ඒ වගේම සිිරි පැරකුම් චිත්‍රපටයේ අන්ත:පුර පාලිකාව ලෙසත් මේ දිනවල රිදී තිරයේ රංගනයෙන් එක් වෙනවා.
* ඉනෝමි ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක්ද? මම මීගමුවේ පාසලක ගණිත ගුරුවරියක් ලෙස සේවය කරනවා. ඒ අතර ලැබෙන අවස්ථා අනුව තමයි රංගන කටයුතුවල නිරත වෙන්නේ. ඊට අමතරව බ්‍රයිඩල් මොඩ්ලින් වගේම රූපලාවණ්‍ය කටයුතුත් කරනවා. * රංගනයට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ? මුලින්ම විසුල අහස ටෙලි නාට්‍යයෙන් තමයි රංගනයට එක් වුණේ. සංජීවනී වීරසිංහ අක්කා තමයි මාව එක් කරගෙන ගියේ. * මුලින්ම කැමරාවට මුහුණ දෙන කොට මොකද හිතුණේ? ඇත්තටම මට රඟපාන්න ලොකු ආසාවක් තිබුණට රඟපාන්න පුළුවන්ද කියල පුංචි බයකුත් තිබුණා. සංජීවනී අක්කා ඔයාට පුළුවන් කියලා මාව ධෛර්යමත් කළා. සම්මුඛ පරීක්ෂණයේදී මුලින් දෙබස් කියා ගන්න බැරුව විනාඩි පහක් විතර හිටියා. ටික වෙලාවකින් ඒක හරි ගියා. ඊට පස්සේ බය නැතුව ගියා. * ඔබ දැන් රංගන ශිල්පිනියක් වගේම ගුරුවරියක්. ඒ නිසා රංගනයේදී ඔබ සීමා පනවාගෙන තියෙනවද? රංගනයට සීමා පනවලා නම් නැහැ. ඒ වුණාට ඇඳුම් පැලඳුම්වලදී නම් ටිකක් වැඩිපුර හිතනවා. ගුරුවරියක් නිසා විශේෂයෙන් ඒ ගැන නම් සැලකිලිමත් වෙනවා. * ඉනෝමි වැඩිපුර කැමැති ටෙලි නාට්‍යවලට දායක වෙන්නද? නැත්නම් චිත්‍රපටවලට දායක වෙන්නද? ටෙලි නාට්‍යවලට වගේම චිත්‍රපටවල රංගනයටත් මම කැමැතියි. ටෙලි නාට්‍ය තුළින් තමයි බොහෝ දෙනා අපිව හඳුනා ගන්නේ. ඒ වගේම වේදිකා නාට්‍යයක් සඳහාත් දායක වෙන්න කැමැතියි. * පෞද්ගලික විස්තරත් කියමුද? මගේ ගම වැලිගම. දැනට පදිංචි වෙලා ඉන්නේ මීගමුවේ. මගේ මවුපියන් දැනට ජීවතුන් අතර නැහැ. මගේ මාමයි නැන්දයි, පුංචි සහ බාප්පා මාව ආදරෙන් බලා ගන්නවා. රංගන කටයුතු සඳහාත් මේ සියලු දෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. * ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙන ඔබේ මීළඟ නිර්මාණ? ඉන්ද්‍රා වීරසේකර අධ්‍යක්ෂණය කරන ‘දුවන මුවන්’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. එහි මම නිරූපණය කරන්නේ කාන්ති කියලා ගුරුවරියකගේ චරිතයක්. ඊට අමතරව මේ දිනවල මුතුපලස නාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙනවා. මීට අමතරව තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබිල තියෙනවා. එහි රූගත කිරීම් ලබන මාසයේ ආරම්භ කරන්න නියමිතයි. * ඉදිරිය ගැනත් කෙටි සටහනක් තියමු? ගුරු වෘත්තියේ නියැළෙන ගමන්ම රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මාව රංගන ක්ෂේත්‍රයට කැඳවාගෙන ආ සංජීවනි අක්කාට වගේම මට උපකාර කළ හැමෝටම මේ වෙලාවේ මම ස්තුති කරනවා.
|



චිත්‍රපටයෙනුත් ඔබ හමුවට එන ඉනෝමි සරසවිය හමු වූ
මොහොතයි මේ.