වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




ගීතයට පෙම්බැඳි සුරාබදු නිලධාරියා

ගීතයට පෙම්බැඳි සුරාබදු නිලධාරියා

උපාලි චමින්ද

නීලනයන නෙත් බලාන ආදරේ කළා
ආදරේට කිව්ව දේට ඇයි තරහ වෙලා
කොච්චර සිත රිදුනත් සුදු ආදරේ නිසා
හැඬූ තරම් රත්තරනේ හද සුසුම් හෙලා

එච්.එම්. ජයවර්ධනයන් ස්වර රටා මවා චින්තක සේනාරත්න පදරචනා කළ මෙම ගීතය ගයනු ලබන්නේ නවක ගායන ශිල්පී උපාලි චමින්ද නෙත්තසිංහය. එය මේ දිනවල ගුවන් විදුලි නාලිකා කිහිපයකින්ම ප්‍රචාරය වනවා. සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට අපේක්ෂා කරන උපාලි ගැන පුංචි සටහනකි මේ.

උපාලි ගායනයට පිවිසෙන්නේ අනූව දශකයේ අග භාගයේ. ඒ විජය කුමාරතුංගයන්ගේ ගීත ගයමින්. ඔහු වඩාත් කාර්යබහුල වුණේ ප්‍රසංග වේදිකාවත් එක්කයි. උපාලි කලක් ආවර්ජනා සංකීත කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළා.

වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ උපාලි මේ වන විට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ලෙස සේවය කරනවා.

“නීල නයන නෙත් බලාන” ඔහුගේ කුලුඳුල් ස්වතන්ත්‍ර ගීතයයි. එය මේ දිනවල ලබා ඇති ජනපි‍්‍රයත්වය ගැන සතුටුවෙන බව උපාලි පවසා සිටිනවා. ඒ වගේම ඔහු සිය පළමු ගීත එකතුවත් පසුගිය දිනෙක එළිදැක්වූවා. ඒකෙ නම මුතු අහුරක්. එහි සංගීත නිර්මාණයන් සහ පද රචනා සඳහා ප්‍රවීණයන් රැසක් එකතු වී සිටිනවා. සංයුක්ත තැටියට ගීත දහසයක් ඇතුළත් වන අතර ඒවා රැල්ලට නිර්මාණය වී නොතිබීම විශේෂත්වයක්.

උපාලි ඒක පුද්ගල ප්‍රසංග කිහිපයක්ම පැවැත්වූ අයෙක්. ඉදිරියෙදීත් එවන් ප්‍රසංගයකින් ඔහු අප හමුවීමට නියමිතයි.

0779238810. මේ උපාලිගේ දුරකථන අංකයයි. ඒ හරහා මුතු අහුරරක් හි ගුණදොස් පවසන්නයැයි ඔහු රසික රසිකාවන්ගෙන් ඉල්ලීමක් කරන්නද අමතක කළේ නැහැ.