ඩුබායිවලදී ප්‍රතිචාර බොහොමයි
ඩුබායිවලදී ප්‍රතිචාර බොහොමයි
සම්පත් සෙනෙවිරත්න
සම්පත් ශ්‍රී සෙනෙවිරත්නගේ තිස් වසරක කලා දිවියේ සැමරුම හා මොරටු පුර සම්ප්‍රාප්තිය
වෙනුවෙන් ගැයෙන ‘සම්පත් ගී තරු’ ප්‍රසංගය මේ මස 25 වැනිදා සවස 7.00 ට මොරටුව බෞද්ධ
මන්දිර ශාලාවේදී පැවැත්වේ.
නුවර තම ගම් ප්‍රදේශයෙන් මොරටු පුරවරයට පැමිණෙන සම්පත් ශ්‍රී සෙනෙවිරත්න සිය කලා
ගමන අරඹන්නේ ගායනය හා රංගනයෙනි. ඒ අසූව දශකයේයි. හේමසිරි හල්පිට ලියූ, ස්ටැන්ලි
පීරිස්ගේ සංගීතයෙන් හා සම්පත්ගේ මියුරු ස්වරයෙන් ගැයුණු ‘ ස්වර්ණ හංසියේ’ ගීතය එකල
රසිකයන් අතර බොහෝ ජනප්‍රිය වුණි. ඔහු මෙවර ද ඔබ හමුවට පැමිණ සිටියි. ඒ ‘සම්පත් ගී
තරු’ ප්‍රසංගය ද රැගෙනය.
‘මේක මගේ හිතේ කාලයක පටන් තිබුණු හීනයක්. ඒ හීනය 27 වැනිදා සැබෑ වෙනවා. මේ
ප්‍රසංගයේදී ගැයෙන ගීත අතරට මවු පිය උපහාර ගී, කිරි අම්මා ගැන ගැයූ ගී වගේම පැරැණි
හින්දි ගීත කිහිපයකුත් අයත් වෙනවා. මේ වෙනකොට රසිකයන්ට නෑසෙන ප්‍රවීණ ගායකයන්ගේ ගීත
කිහිපයකුත් එදිනට ගැයෙනවා. ඒ විතරක්ම නෙමෙයි මීට නවකයන් කිහිප දෙනෙකුගේ ස්වරයෙන්
ගැයෙන ගීත කිහිපයකුත් ඇතුළත්.
සහන්, නිරෝෂා, හිරාණි, සුනිල්, ජානකී කියන ඔවුන්
එදිනයි ගායන ශිල්පීන් හා ශිල්පිනියන් ලෙස කල එළි බසින්නේ. ඒ ඔවුන්ට අතදීමක් වශයෙන්.
ඒ වගේම සංගීත කණ්ඩයමක් ලෙස දිගටම ඉදිරියට යෑමේ යම් බලාපොරොත්තුවක් ද අප සතුයි.
ප්‍රසංගය දවසේ සංගීතයෙන් සහාය වෙන්නේ සරත් වික්‍රමයි. කථනයෙන් ප්‍රදීප් නිශාන්ත
සහාය වෙනවා. ආරාධිත ශිල්පීන් ලෙස සහභාගි වෙන්නේ නිහාල් නෙල්සන්, නාමල් උඩුගම හා
ආරියරත්න යාපා කියන ශිල්පීන්. මේ සියලු දෙනාගේම එකමුතුවෙන් හැඩවන සම්පත් ගී තරු,
ප්‍රසංගයට ඔබටත් පැමිණිය හැකියි.
සම්පත් ශ්‍රී සෙනෙවිරත්න මොරටුව පුරවරයේ ජනතාවට ආරාධනා කරයි. ඔහුගේ ප්‍රසංගයේදී නවක
ගායක ගායිකාවන් කිහිප දෙනෙකුගේ දොරට වැඩීමද සිදු වෙයි. ඒ වෙනස්ම සිතුවිල්ලකි.
සම්පත් ඒ පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කළේ මෙසේය.
‘අපෙන් පස්සේ අපේ තැන භාර ගන්නත් පිරිස සිටිය යුතුයි. ඒ පසුබිමයි මා මේ නිර්මාණය
කරන්නේ. දක්ෂකම් තියෙන දරුවන්ව ඉදිරියට රැගෙන ආ යුතුයි. එවිටයි අපෙන් පසුව
පරම්පරාවක් නිර්මාණය වන්නේ.’
කන්ද උඩරටින් බිහිවුණු මේ ගායකයා ගයන්න වගේම රංගනයටත් දක්වන්නේ බොහොම කැමැත්තකි. මේ
නිසාම ඔහු ගායනයත් සමඟ රංගගනයට ද යොමු වූයේය. මේ වන විට ඔහු රංගනයෙන් නිර්මාණ
හැත්තෑවකටත් වඩා වැඩි සංඛ්‍යාවකට දායකත්වය දක්වා ඇත. පහන් තරුව, වෙද හාමිනේ, නියං
උකුසු, ගොළු යහන, කතරක සෙවණැලි, සිහින ඉසව්ව, යක්දෙහි ගෙදර ඒ අතරින් කිහිපයකි. මේ
දිනවල ඔහු ඔබගේ නිවෙසට පැමිණෙන්නේ දෙරණ රූපවාහිනියෙහි විකාශය වන ‘අත්තම්මා’ ටෙලි
නාට්‍යයෙනි.
‘මලී 2 – අත්තම්මා ටෙලි නාට්‍යයෙහි ග්‍රාම සේවකගේ චරිතය රඟපාන්නේ මමයි. ඒ සමඟින්ම
ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණෙන අතරම ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයක්ම විකාශය වීමට
නියමිතයි. සුදත් රෝහණගේ ‘සඳ දරුවෝ’ ටෙලි නිර්මාණයත් කඳපල කුමාරතුංගගේ ‘ගිනිගත්
රාත්‍රියත්’ හා නිරෝෂන්ගේ සිහින අරන් එන්න කියන චිත්‍රපටවලයි.
මේ වන විට ‘සංගීත්සාගර්’ නම් හින්දි ගීත රැගත් කැසට් පටය හා ‘ස්වර්ණ හංසි’ කැසට්
පටයත්, ‘සංගීත සාගර් – 2’ යන සංගත තැටියත් එළි දක්වා ඇති සම්පත් ශ්‍රී සෙනෙවිරත්න
පසුගිය කාලයෙහි විදේශ ගත වූයේ ගී ගැයීම සඳහායි.
‘සුපර් කැන්ඩියන් වාදක මණ්ඩලයත් සමඟ මම ඩුබායි රටට ගියා. ඒ රටේදී ලැබුණු ප්‍රතිචාර
බොහොමයි. ජයන්ත වීරසූරියගේ ‘වර්ණ’ කියන වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේ ප්‍රධාන
චරිතයට මට ආරධනා ලැබුණා. අලුත්ම ගීත ඇතුළත් සී. ඩී. එකක් කිරීමේ පුංචි
බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ ගීත එකතුවේදී ගීත ලියන අලුත් අයට ඉඩක් ලබාදීමටයි මා
සිතාගෙන සිටින්නේ. ලියන්න කැමැති අයෙක් සිටී නම් 110/1, කල්දෙමුල්ල, පාර, මොරටුව යන
ලිපිනයට ඒ ගීත රචනා එවිය හැකියි.
96 වසරෙහි කලා භූෂණ සම්මානයෙන් පුද ලද සම්පත් ශ්‍රීී සෙනෙවිරත්නට ඔබත් කතා කරන්න
කැමැති නම් 0713002039, 0758468342 යන දුරකථන අංකවලට අමතන්න.
තිලානි ශානිකා විතානාච්චි
ඡායාරූපය –
මාලන් කරුණාරත්න
|