|
|
සුදුයි උසයි කළුයිශිරෝමි නදීෂානි
* කොහොමද අනුරාධපුරේ ඉඳන් කලා ලෝකෙට ආ මේ ගමන? පුංචි කාලේ ඉඳලම මං ආසාවෙන් හිටියේ නර්තන ශිල්පිනියක් වෙන්නයි. නර්තනයට ඇලුම් කළ මා ඒ පිළිබඳ හොඳ හැදෑරීමක් ද කළා. කලකට පසුව අධ්‍යාපන කටයුතු අහවර වෙලා මම නර්තන කණ්ඩායමක සාමාජිකත්වය ලබා ගත්තා. නර්තන කටයුතු සමඟ නිරතුරුවම කලා ලෝකයේ දැවැන්ත චරිත ආශ්‍රය කරන්නට ලැබුණා. ඉන් පසුව තමයි රංගනයට යොමු වුණේ. මුලින්ම රඟපෑවේ කෝපි කඩේ ටෙලි නාට්‍යයෙන්.
* එදා මොකද හිතුණේ? පුංචි බියකුත් එක්ක ලොකු සන්තෝෂයක් දැනුණා මට. ඒත් මෙච්චර දුර ගමනක් එන්න පුළුවන් වේවි කියලා මං එදා හිතුවේ නැහැ.
* මේ දවස්වල මොකද කරන්නේ? චාමර ප්‍රසන්න අධ්‍යක්ෂණය කරනු ලබන සතුටු ස්වර ටෙලි නාට්‍යයේ උප ප්‍රධාන චරිතයකට සම්බන්ධ වෙලා ඉන්නවා.
* ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම සන්තෝෂයි. ප්‍රවීණයන්ගෙන් ඉතා ඉහළ උදව් ලැබෙනවා. ඒ වගේම බොහොම සන්තෝෂයෙන් කටයුතු කරන පිරිසක් ඉන්නවා.
* කවුද කැමැතිම නිළිය? අයිරාංගනී සේරසිංහ මහත්මියගේ රඟපෑමට මං ඉතාමත් ආසයි. ආදරෙයි. එතුමියට මං පෞද්ගලිකව ගොඩාක් කැමැතියි.
* ඇයි ඒ? එතුමියගේ රඟපෑම ඉතාමත් තාත්ත්විකයි. ඒ වගේම ප්‍රියමනාපයි. ප්‍රවීණ නිළියන් හැමෝටම මං ආදරෙයි.
* මොනවද විනෝදාංශ? බයිසිකල් පදින එකයි චිත්‍රපට බලන එකයි තමයි නිදහසේ ඉන්න වෙලාවට කරන්නේ.
* බයිසිකල් ධාවන සූරියකගේ චරිතයක් භාර දුන්නොත්? අනිවාර්යයෙන්ම කරනවා. ඒක මට කරන්න පුළුවන්.
* කැමැතිම චරිතයක් තියෙනවද හිතේ? මා දඟකාරයි. සාමාන්‍ය ජීවිතේ වගේ දඟකාර චරිතයක් ලැබෙනව නම් මං ආසයි.
* දැන් වයස කීයද? 21 යි.
මට ආදරය කරන ක්ෂේත්‍රය තේරුම් ගත්ත සුහදශීලී කෙනෙක් තමයි මං හොයන්නේ.
* රඟපෑමට අමතරව මොනවද කරන්නේ? කලා අංශයෙන් බාහිර උපාධිය හදාරන්නට අධ්‍යාපන කටයුතුවලට යොමු වෙලා ඉන්නවා. ඒ වගේම නර්තනය ගැන වැඩිදුර අධ්‍යාපන කටයුතුª සඳහාත් කාලය කැප කරනවා.
* ඔබේ බලාපොරොත්තුව ජනප්‍රිය නර්තන ශිල්පිනියක් වීමද, නිළියක් විමද? අංශ දෙකම හොඳින් කරගෙන යාම තමයි බලාපොරොත්තුව.
* චිත්‍රපටවලට දායක වුණාද? ඔව්. මායදේවි චිත්‍රපටයේ නැටුම් ජවනිකාවකට සහභාගිවීමට පැමිණියා. එතනදි මාව දැකල මට ඒ චිත්‍රපටයේ චරිතයක් ලැබුණා.
* විද්‍යුත් තැපැල් ලිපිනය කියමු? |



ශිරෝමි නදීෂානි ගේ රුවෙන් අද ගැලරි ඉඩ පිරෙයි. නර්තන ශිල්පිනියක ලෙස කලා ලොවට
පිවිසි ශිරෝමි රංගන ලොවට පිවිසෙන්නේ කෝපි කඩේ හරහාය. මේ දිනවල විකාශය වන අපේක්ෂා,
සුදුයි උසයි ටෙලි නාට්‍යවල චරිත මවමින් ඔබ හමුවන ශිරෝමි සමඟ අපි කතා කරමු.
* විවාහ වෙන්නෙ මොන වගේ කෙනෙක් එක්කද?