|
|
||||||||||||
සුන්දර දිවයිනට පෑයූ රටවිරු තරු කැට
රටවිරුවෝ වේදිකාව දැන් ඉදිවෙලා තියෙන්නේ සුන්දර මාලදිවයිනේ. මැද පෙරදිග රටවල් කිහිපයක සංචාරයෙන් අනතුරුව රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වැඩසටහන මාලදිවයිනට පැමිණි මේ අවස්ථාවේදී එහි රට විරුවන් හය දෙනෙකු සිය ගායන නර්තන කුසලතා දක්වා අවසන්. මීළඟට එහි දෙවැනි වැඩසටහන යටතේ තවත් රටවිරුවන් හය දෙනෙකු තම ගායන කුසලතා දක්වන්නට සූදානම්. ඔවුන්ගේ එම හැකියාවන් ලබන 25 වැනි ඉරිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ ඔබට දැක බලා ගැනීමට අවස්ථාව උදාවෙනවා. මේ එම රටවිරුවන් ගැන කෙටි සටහනකි.
|
||||||||||||





