නර්තන ගුරුවරියක් වීම මගේ බලාපොරොත්තුවයි
නර්තන
ගුරුවරියක් වීම මගේ බලාපොරොත්තුවයි
හංසනී විමංසනා
අපේ රටේ සතර අත පැතිර ඇති තාරුණ්‍යයේ ප්‍රතිභාව එක්තැන් කරන ජාතික යෞවන සම්මාන
ප්‍රදානෝත්සවය පසුගියදා නිමාවිය.
ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්‍රයත්නයක් හැටියටයි. අපේ වෑයම ඒසොයා ගත් තාරුණ්‍යයේ
ප්‍රතිභාව ඔබට හදුන්වා දෙන්නයි.
මේ ලිපි මාලාව ඒ යොවුන් පෙළ වෙනුවෙනුයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ , විජය යෞවන සමාජයෙන්, සබරගමු පළාත නියෝජනය කරමින් ජාතික
යෞවන සම්මාන 2012 ප්‍රදානෝත්සවයේ දී
පහතරට නැටුම් සමූහ කාන්තා අංශයේ දී සුරඹා වල්ලිය නර්තනය ඉදිරිපත් කරමින් ප්‍රථම
ස්ථානය හිමිකරගත් කණ්ඩායම් නායිකා රත්නපුර , මාදම්පෙ පදිංචි බී.කේ.හංසනී විමංසනා
බණ්ඩාර පිළිබඳව හදුන්වා දීමට අද යංග් ටැලන්ට් තීරුව වෙන් කෙරේ.
* හංසනී ඔබ ලද ජයග්‍රහණයන්ගෙන්ම අපේ කතා බහ අරඹමු?
2003 සිට 2011 දක්වා පාසල් සමස්ත ලංකා නර්තන තරගවල ප්‍රථමස්ථාන , දෙවන ස්ථාන, තෙවන
ස්ථාන හිමිකර ගත්තා.දිස්ත්‍රික් මට්ටමේ නර්තන ජයග්‍රණයන් වගේම ක්‍රිඩා, භාෂා, තරග
සඳහා සහතික පත් දිනා තිබෙනවා.
34වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදානෝත්සවයේදී අප කණ්ඩායම ලද මේ ජයග්‍රහණය නර්තන
ජිවිතයේ හැරවුම් ලක්ෂයක් ලෙස හැදින්විය හැකියී.
මේ ජයග්‍රහණය සඳහා මා මෙන්ම කැපවුණු
කුමුදුනී ප්‍රියංකා, මදුෂා අසන්ති, යසන්තා මදුෂානි, දේෂා ප්‍රභාෂිනි,
සුලෝචනමාලා දමයන්ති,
රුවනි මදුෂිකා, ලංකා උපේක්ෂිකා, නිශාදි සෙව්වන්දි, නිලක්ෂි මෙලනිකා, ඩෝෂිනි
උදේසිරි, අංජලී මලීෂා, බෙර වාදනයෙන් හා ගායනයෙන් සහාය වූ මලිෂ්ක
කල්හාන්, සජිත් රවින්ද්‍ර, තාරුකා, ලක්ෂ්මි, දිල්කි දැක් වූ දක්ෂතා මේ
ජයග්‍රහණය ලබන්නට බොහෝ දායක වුණා.
ඒනිසා මේ සැමටම ස්තූති කරන්නට
මෙය අවස්ථාවක් කරගන්න කැමතියි. මේ සෑම ජයග්‍රහණයකින්ම මගේ නර්තන හැකියාවන් වර්ධනය
වුණා වගේම, නර්තනය තුළින් ඉදිරියට යන්නට
පෙළඹීමක් ඇති වුණා කිව්වොත් නිවැරදියී.
* මවු පියන්ගෙන් ලද ආභාසයෙන්ද ඔබ නර්තනයට යොමුවෙන්නෙ?
නැහැ. මම මූලික අධ්‍යාපනය ලැබුවේ ර/මාදම්පේ විජය මහා විද්‍යාලයෙ හය වසරෙදියි.
මම නර්තනයට යොමු වෙන්නේ. උඩරට , පහතරට නර්තන ශෛලීන් දෙකම හැදෑරුවා. පාසලේ නර්තනය
භාරව කටයුතු කළ ඩයනා පුෂ්පරාණි, ශාන්ති වික්‍රමආරච්චි යන ගුරුවරියන් ගෙන් තමයි
නර්තනයන් හැදෑරුවේ.
කුඩා කල සිටම පහතරට නර්තනය හැදෑරීමට තිබූ ආශාව නිසා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ
උපාධි දෙවන වසරේ ශිෂ්‍යාවක් ලෙස පහතරට නර්තනය ප්‍රධාන විෂය ලෙස හදාරමින් සිටිනවා.
* හංසනී, ඔබේ ඉදිරි බලාපොරොත්තුව කුමක්ද?
නර්තන ගුරුවරියක් වීම තමයි මගේ ඒකම බලාපොරොත්තුව.මේ ඉලක්කය සපුරා ගැනීමට මගෙ තාත්තා
බුද්ධදාස බණ්ඩාර,
අම්මා පුෂ්පා චාන්දනී, බාල සොහොයුරු හංසන මාලිංග ගෙන් ලැබෙන සහයෝගය ඉතා ගෞරවයෙන්
සිහිපත් කරනවා.
අපහට මේ ජයග්‍රහණ ලබන්නට ගුරුහරුකම් දුන් සියලු ගුරුවරුන්ටත්, නන් අයුරින් අපට
සහාය දැක්කූ සැමටත් ස්තූති කරන්න කැමතියී.
තිස්ස ධම්මික
ඡායාරූපය - මාලන් කරුණාරත්න
|