|
|
ප්‍රවීණයන් රැසකගේ සහභාගිත්වයෙන් රූපාන්තරණ රූ ගැන්වීම් ඕස්ට්‍රේලියාවේ
ඒ නාලක විතානගේ ගේ දෙවැනි සිනමා කෘතිය වන රූපාන්තරණ සඳහාය. ප්‍රකට නාට්‍යවේදී බන්දුල විතානගේගේ පුත්‍රයා වන නාලක මීට ප්‍රථම අනිත්‍ය යනුවෙන් චිත්‍රපටයක් නිර්මාණය කොට තිබේ. එය ළඟදීම තිරගතවීමට ඬයමිතය. රූපාන්තරණ හරහා නවක නළු නිළියන් සිවු දෙනකු හඳුන්වා දෙන්නට නාලක බලාපොරොත්තුවේ. ඒ අමිල කරුණනායක, ෂයිලා න්‍යතානියල්, මිලින්ද මඩුගල්ල සහ කැළුම් කුලරත්නයි. රූපාන්තරණ වෛද්‍ය අරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.
දෙරණ සම්මාන හෙටමෙරට ප්‍රථමවතාවට රූපවාහිනී නාලිකාවක් සංවිධානය කරන සිනමා සම්මාන උළෙල “දෙරණ ලක්ස් ෆිල්ම් අවෝඩ්ස්” හෙට සවස කොළඹ මියුසියස් විද්‍යාලයෙහි පැවැත්වේ. දෙරණ නාලිකාව මඟින් පවත්වනු ලබන මෙහි දී 2011 වසරේ තිරගත වූ චිත්‍රපට අගයමින් සම්මාන පිරිනමනු ඇත.
සාහිත්‍ය මාසය වෙනුවෙන් අර්නස්ට් වඩුගේ ගෙන් ග්‍රන්ථ හතරක්
මේවා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙහි පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මිලදී ගත හැකි බව වඩුගේ මහතා වැඩිදුරටත් පවසා සිටියි.
ප්‍රියන්ත කොළඹගේ ගේ ප්‍රථම ටෙලිය ‘සොඳුරු ගිම්හානය’ 22 දා සිට සිරසේ
හොර ජාවාරම්, මත්ද්‍රව්‍ය ග්‍රාමීය ජීවිතවලට කරන බලපෑමත් මෙය මැඬලීමට වෙර දරන කාන්තා පොලිස් නිලධාරිනියකගේ ජීවිතය මෙන්ම එය හා බැඳෙන තවත් චරිත රැසක් වටා ‘සොඳුරු ගිම්හානය’ ගොඩ නැංවේ. ලබන 22 වැනිදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම රාත්‍රී 7.30 ට සොඳුරු ගිම්හානය සිරස ටී.වී. ඔස්සේ විකාශය වේ. මෙහි තිර රචනය වජිර කස්තුරි, කැමරාකරණය ලක්ෂ්මන් වික්‍රමතිලක, සංස්කරණය ඩිරාන් විජයසිංහ සහ අංග රචනය රුචිර සංජීව ගෙනි. උද්දික ප්‍රේමරත්න, තරුෂි පෙරේරා, රුවංගනී රත්නායක, දුලිකා මාරපන, ඩබ්ලිව්. ජයසිරි, අජිත් ලොකුගේ, උදේනි අල්විස්, මිහිර සිරිතිලක, බන්දුල විජේවීර, වසන්ති රංවල ඇතුළු නළු නිළියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වෙති.
උදය තිලකරත්නගේ සත්සරණී ප්‍රසංගය 15 දා මාතලේ
දෙදහස් දෙක රාජ්‍ය නාට්‍ය උළෙලේ වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂ වූ උදය තිලකරත්නගේ ගැයුම් වැයුම් ඇතුළත් ප්‍රසංගයක් ‘සත්සරණී’ නමින් මේ මස 15 වැනිදා සවස මාතලේ හෝටල් පාසල් නෘත්‍ය ශාලාවේදී පැවැත්වේ.
චන්ද්‍රිකා සිරිවර්ධන ගී රන් ගී’ සමඟ නැවතත්
මෙලෙස ‘ගී රන් ගී’ ගීතමය ප්‍රාසාංගික ප්‍රසංගය දෙවැනි වරටත් පැවැත්වෙන්නේ පළමු ප්‍රසංගය පවත්වා මාස තුනකට පසුවය. බොහෝ දෙනෙකුගේ ඉල්ලීමට ගරු කිරීම සඳහා නැවතත් ගී රන් ගී ප්‍රසංගය පැවැත්වෙන බව පැවසූයේ ගායන ශිල්පිනී චන්ද්‍රිකා සිරිවර්ධනයි.
|



රවීන්ද්‍ර රන්දෙණිය, රන්ජන් රාමනායක, ජීවන් කුමාරණතුංග, තිස්ස විජේසුරේන්ද්‍ර‍්‍ර,
ඇන්ජලා සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා සහ වීණා ජයකොඩි යන මෙරට සිනමාවේ අතිශය
ජනප්‍රිය රූපනවේදීන් තව නොබෝ දිනකින් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත.
බොහෝ පාඨකයන්ගේ ඉල්ලීම පරිදි සාහිත්‍ය මාසය වෙනුවෙන් අර්නස්ට් වඩුගේ මීට පෙර නිකුත්
කර ඇති ග්‍රන්ථ හතරක් නව මුද්‍රණය යටතේ එළිදැක්වීමට කටයුතු කොට ඇත. ඒ මගෙ මැණික,
මගෙ මැණික II සංකලනි, යුග දිවිය සහ අමරණීය ජෝති
II හදවත රත්තරං වේ.
‘අරුමෝසම් වැහි, ‘විමුක්ති’ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත කොළඹගේ ‘සොඳුරු
ගිම්හානය’ සමඟින් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසියේය.
ගායන ශිල්පිනී චන්ද්‍රිකා සිරිවර්ධනගේ ‘ස්වර සමාධි කේන්ද්‍රය’ සංගීත කේන්ද්‍රයේ
ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ගේ එකතුවෙන් දෙවැනි වරටත් ඉදිරිපත් කරන ‘ගී රන් ගී’ ගීතමය
ප්‍රාසාංගික ප්‍රසංගය මෙම මස 15 වැනිදා පස්වරු 6.00 ට ආනන්ද කුලරත්න ශාලාවේදී
පැවැත්වේ.