|
|
පසුගිය සතියේ ඉතිරි කොටසරඟන්නට, ගයන්නට අයිතිවාසිකම් මෙන්නමෙවලම් වෙළඳපොෙල් වාත්තීය අනතුරේ
බොබී ජී. බොතේජු
සංගීත ප්‍රසංගයකදී වුණත් පැවතියේ එම තත්ත්වයමයි. එහෙත් පටිගත කිරීමේ යන්ත්‍ර, වීඩියෝ, ගුවන් විදුලි සහ රූපවාහිනිය ලැබීමත් සමඟ මෙම තත්ත්වය මුළුමනින්ම වෙනස් විය. නව තාක්ෂණික උපකරණ භාවිතයට ගැනීමත් සමඟ ඉදිරිපත් කරන්නන්ගේ වෘත්තීය ජීවිතය බරපතල අවදානමකට ලක් විය. අතීතයේදී වේදිකාවකදී සීමිත ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ රඟ දැක් වූ නාට්‍යයක් හෝ ගායනා කරන ලද ගීතයක්, ඉදිරිපත් කරන වාරයක් පාසා ගාස්තුවක් අය කර ගැනීමට ඉදිරිපත් කරන්නාට හැකි වෙයි. අද එම නාට්‍යය හෝ ගීතය අසීමිත ශ්‍රාවක සහ ප්‍රේක්ෂක පිරිසක් වෙත ඉදිරිපත් කරන්නන්ගේ අනුදැනුමකින් තොරව ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත. විඩියෝ පට නිෂ්පාදනයත් සමඟ ශබ්දය පමණක් නොව රූපය ද ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබී ඇත. රංගන ශිල්පියෙක් හෝ ගායක ගායිකාවක් එක් වරක් ඉදිරිපත් කරන නිර්මාණයක් සංයුක්ත තැටියකට හෝ වීඩියෝ පටයකට ඇතුළත් කිරීමෙන් පසු එය නැවත නැවත පාවිච්චි කිරීමටත් ප්‍රතිනිෂ්පාදනය කිරීමටත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශනය කිරීමටත් හැකියාව ඇත. මෙසේ නැවත නැවතත් ප්‍රචාරය කිරීමේදී ඉදිරිපත් කරන්නන්ගේ සේවය ලබා ගැනීම අවශ්‍ය නොවේ. සාහිත්යික හෝ කලාත්මක නිර්මාණයක් ගුවන් විදුලිය හෝ රූපවාහිනිය මගින් හෝ අන්තර් ජාලය ඔස්සේ විකාශනය කළ විට එය තම නිවසේ සිටම නැරැඹීමට හැකි වී ඇත. ඒ සඳහා අතීතයේදී මෙන් විශේෂ ශාලාවකට යාමට අවශ්‍ය නොවේ. තාක්ෂණික ක්ෂේත්‍රයේ සිදු වූ මේ විප්ලවීය වෙනස නිසා රංගන ශිල්පියකු හෝ ගායක ගායිකාවක තමන් පෞද්ගලිකව පෙනී නොසිටින අවස්ථාවක ඔවුන්ගේ ඉදිරිපත් කිරීම තාක්ෂණික උපකරණ ආධාරයෙන් මහජනතාවට දැක බලා ගැනීමට ඉඩකඩ සැලැස්වීමට තෙවන පාර්ශවයකට හැකියාව ලැබී ඇත. මේ නිසා සජීවීව පවත්වන වැඩ සටහන්වල අඩුවක් දක්නට ලැබේ. මේ නිසා රංගන ශිල්පීන්ගේ, ගායක ගායිකාවන්ගේ සහ අනෙකුත් ඉදිරිපත් කරන්නන්ගේ වෘත්තීය ජීවිතයට එල්ල වී ඇත්තේ බරපතල තර්ජනයකි. වීඩියෝ පට, සංයුක්ත තැටි, කැසට් පට ආදී නවීන තාක්ෂණික මෙවලම් විවෘත වෙළඳපළින් පහසු මිලට ලබා ගැනීමට හැකි වීම නිසා තත්ත්වය වඩාත් බරපතල වී ඇත. ගුවන් විදුලි සහ රූපවාහිනී ආයතන දෛනිකව ඉදිරිපත් කරන වැඩ සටහන් සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වෙයි. එසේ එක් ගුවන් විදුලි හෝ රූපවාහිනී ආයතනයක් විශාල පිරිවැයක් දරා නිෂ්පාදනය කරන වැඩ සටහනක පිටපතක්, එම ආයතනයේ අවසරයකින් තොරව, පිටපත් ලබා ගන්නා යන්ත්‍රයක ආධාරයෙන් ලබාගෙන, වෙනත් ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකාවක විකාශනය කිරීමේ හැකියාව ඇති බැවින් එය වැළැක්වීමට ද නීති ප්‍රතිපාදන අවශ්‍ය වේ. ඉහතින් සංක්ෂිප්තව සඳහන් කළ සංකීර්ණ ගැටලු නිසා ඉදිරිපත් කරන්නන්ගේ, තැටි සහ පටි නිෂ්පාදකයන්ගේ සහ ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන ආයතනවල අයිතිවාසිකම් නෛථිකව ආරක්ෂාව ලබා දීම අවශ්‍ය වේ. ඉදිරිපත් කරන්නන්ගේ, තැටි සහ පටි නිෂ්පාදකයන්ගේ සහ ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන සංවිධානවල අයිතිවාසිකම් දේශීය මට්ටමෙන් පමණක් නොව ජාත්‍යන්තර මට්ටමෙන් ද ආරක්ෂා කළ යුතු වන්නේ තාක්ෂණික මෙවලම්වලින් භූගෝලීය සීමාවන් ඉක්මවා යමින් සාහිත්‍යයක සහ කලාත්මක නිර්මාණ ප්‍රතිනිෂ්පාදනය කර අන්තර් ජාලය සහ වෙනත් විවිධ ක්‍රම මගින් ජාත්‍යන්තරයට මුදා හැරීමට කටයුතු කළ හැකි බැවිනි. ඉදිරිපත් කරන්නන්ගේ අයිතිවාසිකම් බුද්ධිමය දේපල පනතේ iiවන කොටසේ ii වන පරිච්ඡේදයේ 17 වගන්තියේ ඉදිරිපත් කරන්නන්ගේ අයිතිවාසිතම් දක්වා ඇත. රංගන ශිල්පීන්ගේ අයිතිවාසිකම් එම පනතේම ii වන කොටසේ 1 වන පරිච්ඡේදයේ 5 වන වගන්තියේ රංගන ශිල්පීන් පිළිබඳව අර්ථ නිරූපනය කර ඇත. ඒ අනුව රංගන ශිල්පීන් යන්නෙන් ගායකයන්, වාදන ශිල්පීන් සහ ශාස්ත්‍රිය සහ කලාත්මක කෘති හෝ ජනප්‍රවාද ප්‍රකාශනය කරන, ගායනා කරන, ඉදිරිපත් කරන, කථනය කරන, නිරූපණය කරන හෝ අන්‍යාකාරයකින් රඟ දක්වන වෙනත් තැනැත්තන් අදහස් වන බව දක්වා ඇත. මෙම අයිතිවාසිකම යටතේ තමාගේ ඉදිරිපත් කිරීම හෝ එහි සැලකිය යුතු කොටසක් විකාශනය කිරීම හෝ කිසියම් ආකාරයකින් සංනිවේදනය කිරීමේ පරම අයිතිවාසිකම ඉදිරිපත් කරන්නකු සතුවේ.
ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබූ මොහොතේ සිට එම ඉදිරිපත් කිරීම සිදු වූ වර්ෂයට පසුව එළඹෙන පනස්වන ලිත් වර්ෂයේ අවසානය දක්වා බල පැවැත්වේ. ශාබ්දික පටිගත කිරීමක් හෝ තැටිගත කිරීම නිෂ්පාදකයන්ගේ අයිතිවාසිකම ශාබ්දික පටිගත කිරීමක හෝ පටිගත කිරීමට නිෂ්පාදකයකුට පනතේ 21 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව පහත සඳහන් ක්‍රියාවන් කිරීමට හෝ ඒ සඳහා බලය දීම තමන්ට සීමා වූ අයිතිවාසිකමක් ලබා දී ඇත. එනම් ශාබ්දික පටිගත කිරීමක හෝ තැටිගත කිරීමක් සෘජුවම හෝ ඉන් සැලකිය යුතු කොටසක් සෘජුවම හෝ වක්‍රම ප්‍රතිනිෂ්පාදනය කිරීම. ශාබ්දික පටිගත කිරීමක හෝ තැටිගත කිරීමේ පිටපත් හෝ ඉන් සැලකිය යුතු කොටසක පිටපත් හෝ එහි නිෂ්පාදකයන්ගේ බලය දීම යටතේ ආනයන කරන්නේ නම් ඒ පිටපත් ආනයනය කිරිම. ශාබ්දික පටිගත කිරීමක හෝ තැටිගත කිරීමේ පිටපත් හෝ ඉන් සැලකිය යුතු කොටසක පිටපත් හෝ එහි නිෂ්පාදකයන්ගේ බලය දීම යටතේ හෝ තැටිගත කිරීමක් හෝ ඉන් සැලකිය යුතු කොටසක් හෝ අනුවර්තනය හෝ වෙනත් විපර්යාසයක් සිදු කිරීම. ශාබ්දික පටිගත කිරීමට හෝ තැටිගත කිරීමක හෝ ඉන් සැලකිය යුතු කොටසක හෝ පිටපතක් කුලියට දීම. ශාබ්දික පටිගත කිරීමක හෝ තැටිගත කිරීමක හෝ ඉන් සැලකිය යුතු කොටසක මුල් පිටපත හෝ අනු පිටපත් විකිණීම හෝ විකිණීම සඳහා අර්පණය කිරීම. බලපවත්වන කාල සීමාව එම ශාබ්දික පටිගත කිරීමක හෝ තැටිගත කිරීමක් පළ කිරීම එය පළ කරනු ලැබූ මොහොතේ සිට එම ඉදිරිපත් කිරීම සිදු වූ වර්ෂයට පසුව එළඹෙන පනස්වන ලිත් වර්ෂයේ අවසානය දක්වා බල පැවැත්වේ. ශාබ්දික පටිගත කිරීමක හෝ තැටිගත කිරීම පාවිච්චි කිරීම උදෙසා සාධාරණ පාරිශ්‍රමයක් ගෙවිය යුතු බවට ද බුද්ධිමය දේපළ පනතේ 11වන කොටසේ ii වන පරිච්ඡේදයේ 19 වගන්තියෙන් ප්‍රතිපාදන සලස්වා ඇත. ගුවන් විදුලි සහ රූපවාහිනී සංවිධානයක අයිතිවාසිකම බුද්ධිමය දේපළ පනතේ සඳහන් ආරක්ෂාව පිළිබඳ සීමාවන්ට යටත්ව පහත සඳහන් ක්‍රියාවන් කිරීම හෝ ඒ ක්‍රියාවන් කිරීම සඳහා බලය දීමට විකාශනය සංවිධානයකට පරම අයිතිවාසිකම ලබා දී ඇත. එනම් ඒ විකාශනය හෝ ඉන් සැලකිය යුතු කොටසක් නැවත විකාශනය කිරීම, මහජනයා වෙත සංනිවේදනය කිරීම, මාධ්‍යයක ස්ථාවර කිරීම හා ප්‍රතිනිෂ්පාදනය කිරීමේ අයිතිවාසිකම විකාශන සංවිධානයකට ලබාදී ඇත. ලපවත්වන කාල සීමාව එම අයිතිවාසිකම අදාළ විකාශනය සිදු කරනු ලැබූ මොහාතේ සිට එම ඉදිරිපත් කිරීම සිදු වූ වර්ෂයට පසුව එළඹෙන පනස්වන ලිත් වර්ෂයේ අවසානය දක්වා බලපැවැත්වේ.
|



20 වන ශත වර්ෂය
ආරම්භයේදී
වේදිකා නාට්‍යයක් රඟ දක්වන
ලද්දේ සීමාසහිත ප්‍රේක්ෂක
පිරිසක් ශාලාවක් තුළ වූ
වේදිකාවක හෝ එළිමහන්
වේදිකාවකයි. එහිදී රංගන
ශිල්පීහු සජීවීව එම නාට්‍යයේ රංගනයට
සහභාගි වූහ.
බලපවත්වන කාල සීමාව