GOSSIP
චන්න ගුවන් යානයේ එල්ලෙයි
චන්න
පෙරේරාගේ අලුත්ම
චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න
පසුගියදා චන්න ඉන්දියාව බලා පිටත්
වුණා.
ඔහු පිටත් වන වේලාව පැමිණෙන විටත් එම චිත්‍රපටයේ පරිගණක ග්‍රැෆික් නිර්මාණ අවසන්කර
තිබුණේ නැහැ. හරියටම ඔහු කටුනායකින් පිටත් වෙන්න පැය කිහිපයක් තිබියදීත් ඔහු එහි
ග්‍රැෆික් වැඩ කටයුතුවලයි නියැලී සිටියේ.අවසාන මොහොතේ ඔහු ඉන්දියාව බලා යන ගුවන්
යානයට නගින්නට ගොස් තිබෙන්නේ අපේ ප්‍රයිවට් බස් එකකට නගින විදියට කඩිමුඩියේ බව
ආරංචි වුණා. ඒ වන විට නම් ඔහුගේ චිත්‍රපටයේ ග්‍රැෆික් වැඩ යාන්තම් අවසන්කර තිබුණා.
චන්නගේ අලුත් චිත්‍රපටය අපට පෙන්වන තුරු අපි මඟ බලාගෙන සිටිනවා.
සෞම්‍ය ලංකාවේ
ලංකාවේ සිටින දක්ෂ රංගන ශිල්පීන්
අතර සම්මානනීය නමක් තමයි
සෞම්‍ය ලියනගේට තියෙන්නේ.
ඔහු වසර හතරකට අධ්‍යයන කටයුතු සඳහා ඕස්ට්‍රේ‍්‍රලියාවේ ඇඩිලේඩ් හි ෆ්ලින්ඩර් විශ්ව
විද්‍යාලයට ඇතුළත් වුණා. දැන් හරියටම ඔහු එහි ගොස් වසර දෙකයි.
පසුගියදා ප්‍රසන්න ජයකොඩිගේ ‘කර්ම’ චිත්‍රපටයේ මාධ්‍ය ප්‍රදර්ශනය පැවැත් වූ දවසේ
සෞම්‍ය ලියනගේ එය බැලීමට පැමිණ සිටියා. හැමෝම සෞම්‍යගෙන් විමසුවේ ඇයි
ඕස්ට්‍රේලියාවෙන් ආවේ යනුවෙනි.
ඔහු පැවසුවේ සති පහක් වැනි කාල සීමාවකට ලංකාව ආවේ, ඔහුගේ පර්යේෂණ නිබන්ධනයේ වැඩ
කටයුත්තකට බවයි. සෞම්‍යගේ ආචාර්ය උපාධිය සඳහා පාදක වන්නේ ‘Body
Mind Relation of Acting and Theatre’ යන මාතෘකාවයි.
සඳරුවන් අඬයි
පසුගියදා ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය වූ ‘රන් සමනලයෝ’
ටෙලි නාට්‍යයේ ශිල්පින්ට විශේෂ සම්මාන පිරිනැමීමේ
උත්සවයක් සංවිධානය කර තිබුණා.
ඒ නාවල කොස්වත්ත ඔපියුලන්ට් හෝටලයේදී.
නොයෙක් විසිතුරු කතා මැද ගෙවුණ මේ රාත්‍රිය අයි. ටී. එන් සභාපති රොස්මන්ඩ් සේනාරත්න
මහතාත් සහභාගි වූවා. විවිධ කතා මැද අවසන් කතාව හිමිව තිබුණේ ‘රන් සමනලයෝ’ අධ්‍යක්ෂ
සඳරුවන් ජයවික්‍රමටයි. වේදිකාවට පැමිණි සඳරුවන් හැඬුම්බරව, සංවේදීව තමන් නිර්මාණය
කළ ටෙලි නාට්‍ය ගැන කතා කළා.
එසේ හැඬුවේ ඇයි ද කියා සොයා බලන විට ආරංචි වූයේ
සඳරුවන් අති සංවේදී පුද්ගලයකු නිසා හැඟීම්බර දේවල් කතා කරන විටදී නිතරම හඬන බවය. ඒ
හැඬුම එදා ‘රන් සමනලයෝ’ සම්මාන උළෙලේදී නම් විශාල ලෙස කැපී පෙනුණා.
සංජීව සම්පත් බාලසූරිය
සේයා - මාලන්, ප්‍රසාද්, ඉන්දික
|