|
|
මගේ නාට්‍යයේ කිසිම පණිවුඩයක් නැහැ
ඉයෑස් සර් ගෙනෙන ආරියසේන ගමගේ
එදා මෙදාතුර චරිත අනූ නමයක් වේදිකාවෙහි රැඟූ ඔහුගේ සියවැන්න ලබන පහළොස් වැනිදා හැව්ලොක්ටවුන් ලුම්බිණි රඟහලේදී ‘ ඉයෑස් සර්’ හරහා නිරූපණය කිරීමට නියමිතය. විශේෂය වනුයේ ‘ ඉයෑස් සර්’ නම් වූ එය ඔහුගේම නිර්මාණයක් වීමය. මේ ඔහු සමඟ කළ සංවාදයකි. මොකක්ද මේ ඉයෑස් සර්? මේක හාස්‍යෝත්පාදක වේදිකා නාට්‍යයක්. තානායමක සිදුවන සොරකමක් හා බැඳෙන කතාවකුයි මෙයට ඇතුළත් වන්නේ. වගකීමෙන් කියන්න ඕනේ මෙය විකට එකක් වුණාට මේකේ දෙපිට කැපෙන වචන නැහැ. ඩිරෙක්ට් කියන්න තියෙන දේ කියනවා. ප්‍රේක්ෂකයන්ට හොඳට විනෝද වන්න පුළුවන් ‘ඉයෑස් සර්’ නරඹලා. මේ හරහා ඔබ කුමන අන්දමේ පණිවුඩයක් ද සමාජගත කරන්න උත්සාහ කරන්නේ? මගේ මතයට අනුව වේදිකා නාට්‍ය තියන්නේ පණිවුඩ දීලා සමාජය හදන්න නෙවෙයි. ඒකට තමයි ඉස්කෝල, දහම් පාසල් තියෙන්නේ. අනික වේදිකා නාට්‍යයක් බලන්න මිනිස්සු එන්නේ ශිල්ප හදාරන්න නෙවෙයි කියන එක මං අත්දැකීමෙන් දන්නවා. ඒක නිසා ‘ඉයෑස් සර්’ හි කිසිම පණිවුඩයක් නැහැ. ‘එන්න, නරඹන්න, සතුටු වෙන්න’ මේක තමයි මගේ තේමා පාඨය. ඔබේ ප්‍රකාශය අහලා කවුරුන් හෝ හිතයි ද දන්නේ නැහැ ‘ඉයෑස් සර්’ පුහු නාට්‍යයක් කියලා?
මේ දවස්වල වේදිකා නාට්‍යයක් කරන එක පහසු කටයුත්තක් නෙවෙයි? නාට්‍යයක දර්ශන දෙකක් සඳහා රුපියල් අසු දාහක්, ලක්ෂයක මුදලත් වැය වෙනවා. ඒක නිෂ්පාදකට හොයලා දෙන්නත් ඕනේ. හොඳට රිහසල් කළ යුතුමයි. වේදිකාවේ සිටි බොහෝ දෙනෙක් රූපවාහිනියට කැප වෙලා. රිහසල්වලට දින යොදා ගැනීමට දැඩි වෙහෙසක් දරන්න වෙනවා. ඔවුන්ගෙන් මෙවැනි තත්ත්වයන් මත හරිම අමාරුයි වේදිකා නාට්‍යයක් කරන්න. ඒ වුණත් වේදිකාවට ඇති ඇල්ම නිසාම ‘ඉයෑස් සර්’ හැදුවා. කවුද ඔබත් සමඟ ‘ඉයෑස් සර්’ වේදිකා ගත කරන්නට එකතුවන පිරිස? සඳුන් විජේසිරි, සනෝජා බිබිලේ, රාජා ගනේෂන්, උදය කුමාරි රණසිංහ, යූ ධනවංශ, නයන වීරමන්, ප්‍රේමලාල් වීරසිංහ වැනි මගේම සහෘදයන්. වේදිකාවේ චරිත සියයක් රඟන්නට හිමිවීම රංගන ශිල්පියකුට ලැබෙන විරල අවස්ථාවක්? මගේ ශතකාහී ගමන ගැන මං බෙහෙවින් සතුටුවනවා. කතරගම රූමතිය, ස්පාටකස්, නෙයිනගෙ සූදුව, මනාපේ, උතුරේ රාහුල හිමි, කොමාන්ඩෝ දියසේන, සයිබු නානා වැනි උසස් මට්ටමෙහි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වන්නට ලැබීම සැබවින්ම භාග්‍යයක්. වේදිකාවේ ඉදිද්දීම පාර්ලිමන්ට් ජෝක්ස්, වන්ෂොට්, මිලා, පිටගම්කාරයෝ වැනි නිර්මාණවලටත් දායක වුණා. මං ඒත් වේදිකාව නම් අතහැරලා ගියේ නැහැ. ඒ තරම්ම මං වේදිකාවට ප්‍රිය කළා. මගේ සිය වැනි චරිතය මගේම නාට්‍යයකින් ඉදිරිපත් කිරිමේ හීනයක් මට තිබුණා. ඒ හීනය පහළොස් වැනිදා සැබෑ වනවා. එදාට මගේ රසික රසිකයන්ට ලුම්බිණි රඟහලට ඇවිත් ‘ඉයෑස් සර්’ නරඹලා මගේ අඩුපාඩු පෙන්වා දෙනවට මං කැමැතියි. අවසන් පැනය ලෙස කලාවට තරමක් පරිබාහිර යමක් ඔබෙන් අහන්නට හිතුණා. ඔබ කතාබහ කරන විලාශයෙන් හිතෙන්නේ සිංහල ජාතිකයකු නොවන බවක්? ඒක වුණේ මෙහෙමයි. අසූව දශකයේ වේදිකා ගත වූ නෙයිනගෙ සූදුව නාට්‍යයේ මං කළේ ටැමිල් සාජන්ට් කෙනෙකුගේ චරිතයක්. ඒකෙ කතා කරන්න තිබුණේ කැඩුණුු සිංහල භාෂාවෙන්. මං ටැමිල් කෙනෙකු විදිහටම සිංහල කතා කළා. සෑහෙන දර්ශන වාර ගණනක් එය වේදිකා ගත වුණානේ. කොහොම හරි මගේ කතා කරන ශෛලිය ඒකම වුණා. මං කොච්චර වෙනස් කරගන්න හැදුවත් මගේ වචන පිටවුණේම අර විදිහට. හැබැයි නෙයිනගෙ සුදුව කරන්න කලින් මං හොඳට නියම විදිහට සිංහල කතා කළ අයෙක්. |



ආරියසේන ගමගේ ගේ
නාට්‍ය දිවිය ඇරැඹෙන්නේ
මීට දශක හතරකට පෙරය.
නාට්‍ය හැදීම පමණයි මා සතු කාර්යය. අදහස් දැක්වීම ප්‍රේක්ෂකයන්ට භාරයි. අනික මේක
සරල විනෝදාත්මකයි. එබැවින් එවැනි නාට්‍යකට එන්න පුළුවන් විවේචන වැඩියි. ඒවාට
ලැහැස්ති පිටයි මං ඉන්නේ.