FeedBack
වර්නන් පෙරේරා ගැයූ ගීත විද්‍යුත් මාධ්‍යය
නොසැලකීම
පුදුමයක්
එකල ජාතික ගුවන් විදුලිය ඔස්සේ නිතර දෙවේලේ ප්‍රචාරය වූ මනමාලියේ, රන් තැල්ලක් ගෙල
බැන්දේ, රූසිරිය ඈගේ, සමුගෙන යන්නෙමි ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගැයූ ගායක වර්නන්
පෙරේරාගේ ගීත දැන් දැන් ගුවන් විදුලි මාධ්‍ය තුළින් නෑසෙන තරම්ය.
ටිකිරිමලී, දෑස විදාලා ඔහු එන පාර බලාලා, තිළිණේ ලෙසින් වැනි ගී පද රචනා ද ඔහුගේ වන
අතර ඔහුගේ දක්ෂතාවයක් තුළින් ගායන දිවිය ආලෝකමත් කර ගත්තෝ බොහෝය. එනමුදු විද්‍යුත්
මාධ්‍ය ඔහු ගැනනොසැලකීම පුදුමයට කරුණකි.
දුනගහ බටහිර අධිකාරිමුල්ලේ
ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු
වත්සලාගේ රංගනය
හොඳයි
ඉතාම කෙටි කලකින් ජනප්‍රියත්වයේ ඉහළටම නැගි අමා ඇතුළු ටෙලි සිතුවම් හි කැපී පෙනෙන
රංගනයක යෙදෙන වත්සලා දියලගොඩගේ රංගනය ඉතාම ප්‍රශංසනීයයි.
මීගමුව කටුවපිටිය වතුයායේ
ක්ලෝඩ් ද ලිවේරා
නාලිනී ද ලිවේරා
‘අජිත්’ ඔබේ
කියා කිසිවක්
නෑ
ස්වර්ණවාහිනියේ මෙගාස්ටාර් වූ අජිත් වීරසිංහට,
අජිත්, ඔබ එදා ස්වර්ණවාහිනී මෙගා ස්ටාර් වැඩසටහනින් මියුරු සහ දක්ෂ ලෙස ගී ගැයුවා.
ඒ වගේම මෙගා ස්ටාර් කිරුළත් ජයග්‍රහණය කළා. නමුත් අද වනතුරු ඔබේම කියා ගීත
එකතුවකින් රසික අප වෙත ආවේ නැහැ. එය ඇත්තටම කනගාටුවට කරුණක්. ඉක්මනටම ඔබේම
ස්වතන්ත්‍ර නිර්මාණ ඔස්සේ අප අතරට එන්න කියායි මේ ආරාධනාව.
හබරාදූවේ- සකුරා හවුස් හි
ගාමා ගාමිණී සුබසිංහ
රාජෙෂ් ඛන්නා අමරණීයයි
ඔහු උපන්නේ භාරතයේය. ඔහු රැගුමෙන් භාරත සිනමාව එකළු කළේය. මෙරට සිනමා ලෝලීන්
හින්දි සිනමාව වැලඳ ගත් යුගයක් තිබිණ.
එවන් කාල වකවානුවක තරුණ සිත් පැහැර ගත් ආකර්ෂණීය නළුවකු වූයේ රාජේෂ් ඛන්නාය.
ආරාධනා, හාති මෙරේ සාති, අප්නාදේෂ්, මෙරේ ජීවන් සාති වැනි චිත්‍රපට රාශියකම ඔහුගේ
ප්‍රේමාන්විත රංගනයෙන් සොඳුරු සිනහවෙන් ආලෝකවත් විය. සොඳුරු රංගධරයාණෙනි ඔබේ වියෝව
නෙත කඳුළු නංවයි. සිනමාවෙත් රංගනයෙත් බලමහිමය නිසා ඔබ සදාකාලිකව අප හදවත් තුළ
අමරණීයයි.
මාතලේ - ධර්මා ඒකනායක
රෝෂන්ගේ
නිර්මාණ ලස්සනයි
සම්පත් ශ්‍රී රෝෂන් වැනි යොවුන් අධ්‍යක්ෂවරු අපිට අවශ්‍යයි. ඔහුගේ නිර්මාණ නිසා
කලකට පසු අප පුංචි තිරය නරඹා සතුටු වුණෙමු.
විහංගි ධර්මරත්න
පින්නදූව
කලා කරුවනි මතක තබාගනු
රසිකයා කලාකරුවන්ට දක්වන්නේ සුවිශේෂී වූ ගෞරවයකි. ඔවුන් කෙරෙහි හදවතින්ම ආදරය ගෞරවය
පුද කරති. එසේ වුවත් ඇතැම් කලාකරුවන්ට ළෙංගතු කම, මානව හිතවාදීත්වය නොමැති වීම
කනගාටුවට කරුණකි. ඇතැම් අය කුළුපගව කතා කරති. සිනහා වෙති.
නමුත් ඇතැමකුට සිනහවීමටත්
වෙලාවක් නොමැත. කලාකරුවා ජනප්‍රියව වැජඹෙන්නේ රසිකයන් නිසාබව මතක තබාගත
යුතුය.ජෝතිපාල, ගුණදාස කපුගේ, විජය කුමාරතුංග, ප්‍රේමකීර්ති ද අල්විස් වැන්නවුන්
තුළ තිබූ මානව හිතවාදී ගුණය හේතුවෙන් එවැනි කලාකරුවන්ට අද ද මිනිසුන් ආදෙර්ය.
වත්මනෙහි සිටින කලාකරුවන් බොහෝ දෙනකු රසිකයන්ට ගරු නොකිරීම නිසා වැඩිකල් නොගොස්ම
ජනප්‍රියත්වය අඩුවීමට හේතුවෙයි.
මනෝජ් වින්දන-
කොට්ටාව.
රට ජාතිය වෙනුවෙන් ගයන්න
ජාතික අභිමානය ඉහළ දමන අන්දමේ වැදගත් ගීත රැසක් මීට දශක දෙක තුනකට ඉහතදී නිර්මාණය
විණ. වර්තමානය වන විට එම තත්ත්වය මග හැරී ඇත. නවක නිර්මාණකරුවනි ඔබගෙනුයි මේ
ඉල්ලීම. ආදර ගීතම කිය කියා ඉන්නේ නැතිව රට ජාතිය වෙනුවෙනුත් ගීත ගයන්න.
වරුණ දිසානායක-මහනුවර

මේ කෙටි පණිවුඩ ප්‍රතිචාරය.
කලාකරුවන්ට ජීවත්වීමට මුදල් අවශ්‍යය. නමුත් මුදල් උදොසම කලා නිර්මාණවලට දායක වීම
නුසුදුසුකමකි. එවන් තත්ත්වයට පත් නොවූ අයවලුන්ට මාගේ ප්‍රණාමය.
අමා - කෑගල්ල
_
උදාරි අක්කි, ඔයා දැන් ඉස්සරට වැඩිය ගොඩක් ලස්සනයි. ළඟදීම ටෙලිඩ්‍රාමා එකකින්
ආයෙමත් අප හමුවට එන්න.
තිළිණි - වතුරුගම
_
බැද්දේගම ඇතුළු ටෙලි නිර්මාණ රාශියක රැඟූ විශිෂ්ට රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න
කලාකරුවාණෙනි, ඔබට නිදුක් නීරෝගී සුව පතමි.
හර්ෂනාථ බණ්ඩාර - නිකවැරටිය
_
කසුන් චාමිකරව සිකුරු වසන්තය ටෙලි නාට්‍යයෙන් පසුව කිසිම ඩ්‍රාමා එකකින් දැක්කේ
නැහැ.
වැලිගම - පාතිමා
_
ආදරියේ ටෙලි නාට්‍යයේ මේනකා පීරිස්ගේ රැඟුම් නියමයි.
බණ්ඩාර -
හොරගස්මුල්ල
_
සී. ටී. ප්‍රනාන්දුගේ පුත් ප්‍රියන්ත ප්‍රනාන්දු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා
අමතක කොට ඇති වග පෙනේ. එය කනගාටුවකි. සී. ටී.ගී අද අසන්නට හැක්කේ ඔහුගෙන් පමණි.
අනුරාධ - හබරකඩ
_
වසන්ත කුමාරවිල නිලංජනා නාට්‍යයෙහි රඟපෑ අයුරු අදටත් මතකය.
වික්‍රම - මිද්දෙණිය
_
සදාකාලික නොවූ ලෝකයේ සදාකාලික ගී හඬක් පවතියි. ඒ ජෝතියි.
පැතුම් - රද්දොළුගම
_
මේ තරම් සියුමැලිද කළුගල් ගීය ලියූ රජී වෙලේගම මෑත කාලයේ බිහි වූ අපූරු ගී පද
රචකයෙකි.
මනෝජ් වින්දන -පන්නිපිටිය
_
ෂර්ලි වෛජයන්ත ගායකයාණෙනි, වර්තමානයේ ක්ෂේත්‍රයෙහි ඇති බිඳ වැටීම පිළිබඳ කලකිරීමෙන්
නොසිට ඔබේ හඬ අවදි කරන්න. ඔබේ නව නිර්මාණ එනතුරු සුභාවිත ගීයට ළැදි අපි බලා හිඳිමු.
දමයන්ති කුමාරි -හොරණ
_
මිල්ලෑව වලව්ව ටෙලි සිතුවම හරහා ඉක්මනින් චම්පා ශ්‍රියාණිව දැකගන්න ආසයි.
විරාජ්
_
ටී. එම්. සහ නීලා යළිත් එකට ගී ගයන්නට ලැබීම අපේ වාසනාවක්.
එස්. ඩී. හෙට්ටිආරච්චි - පානදුර
_
මේනකගේ රංගනය ආකර්ෂණීයයි.
ගම්ලත් - පාදුක්ක/ චාමින්- කෑගල්ල
_
හෙළ නිළි රැජන මාලිනිය දෙව්දුව චිත්‍රපටයේ කන්‍යා සොහොයුරියකගේ චරිතයක් රඟපෑවා.
එවැනි චරිතයකින් ඇයව ආයත් දකින්නට ආසයි.
සංජීව - කුරුණෑගල
_
තරු පිරි අහසෙහි නෙහාරා පුංචි රෝස මලක් වගෙයි.
කන්නිමහරින් - තිළිණි/ භාග්‍යා-රක්වාන
_
නෙත් එෆ්. එම්. හි බැලුම්ගල වැඩසටහනට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි.
අමල් - පන්නිපිටිය
_
ශේෂාද්‍රි ටෙලි නාට්‍යවලට එනවා නම් හොඳයි.
දුලන්ජා - බදුල්ල
_
අමා ටෙලි සිතුවමෙහි මහේන්ද්‍ර සමරදිවාකර ලෙස චන්දික නානායක්කාර ඉතා උසස් රංගනයක
යෙදෙනවා. ඔහු සැබවින්ම ප්‍රසන්න නළුවෙක්.
රසාංගි - කළුතර
_
පුංචි තිරයට පැමිණ සිටින ශ්‍රියාණි අමරසේනට රිදී තිරය අමතක වෙලාද?
කවිඳු- කුරුණෑගල
ප්‍රතිචාර සැකසුම –
ප්‍රසාද් සමරතුංග
|