දඩුවම් මාරුවෙන් සරසවිය මුල් පිටුවටසිංහල සිනමා විස්තරය - 78
සිංහල සිනමා විස්තරය - 78
සජා

තිරගත වූ දිනය – 1977 ජූලි 30
ඉදිරිපත් කිරීම - ගිහාන් චිත්‍රපට
නිෂ්පාදනය – හෙන්රිකස් පීරිස්
සම අධ්‍යක්ෂණය - සිරිල් පී. අබේරත්න,
ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්
කතාව සහ සහාය අධ්‍යක්ෂණය –
චන්ද්‍රදාස ප්‍රනාන්දු
දෙබස් සහ තිර රචනය - සිරිල් පී. අබේරත්න /චන්ද්‍රදාස ප්‍රනාන්දු
කැමරා අධ්‍යක්ෂණය – ලලිත් ගුණවර්ධන
සංස්කරණය - සෙක්ස්ටස් අපෝන්සු
වේශ නිරූපණය - රෙජී සිල්වා
කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්
සැකසුම – විජය චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු,
සහාය වී. සිවදාසන්
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්,
එස්. පී. එම්. චිත්‍රාගාරය
පසුබිම් සංගීතය – ප්‍රේමසිරි කේමදාස
ගී තනු හා සංගීත අධ්‍යක්ෂණය – ටෝනි වීරතුංග
ගීත සංඛ්‍යාව - 06
ගීත -
සමාවෙන්න මගේ අතින් – එච්. ආර්. ජෝතිපාල
- පද මාලාව - චන්ද්‍රදාස ප්‍රනාන්දු
රෝද හතර ගලවල දාමු - ෆේරඩී සිල්වා -
පද මාලාව - චන්ද්‍රදාස ප්‍රනාන්දු
සිතුම් පැතුම් ඉටු වෙලා – ජෝතිපාල සමඟ
නවක ගායිකාවක් – පද – චන්ද්‍රදාස ප්‍රනාන්දු
පායන සඳ මෙන් මුහුණ ඔබේ - ජෝතිපාල /
ඇන්ජලින් – පද – චන්ද්‍රදාස ප්‍රනාන්දු
හති හති හති හෙලා - ලතා වල්පොල –
පද – චන්ද්‍රදාස ප්‍රනාන්දු
මතකද මතකද හාපුරා - එච්. ආර්. ජෝතිපාල /රංජනී පීරිස් - පද ඔගස්ටස් විනයාගරත්නම් /
තනුව - ප්‍රේමසිරි කේමදාස
ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
ගීත තැටි - ජෙම්ටෝන් – පිටකොටුව
නිෂ්පාදන කළමනාකරු - පියසේන අලහාකෝන්
නළු නිළියන් -
තිස්ස විජේසුරේන්ද්‍ර, බියුලා ඩයස් කරුණාරත්න, ලයනල් දැරණියගල, අග්‍රා සජීවනී
අල්විස්, රීටා රත්නායක, පියදාස ගුණසේකර, ඩොමී ජයවර්ධන, රුක්මණී දේවි, ඇලෙක්සැන්ඩර්
ප්‍රනාන්දු, රොබින් ප්‍රනාන්දු, උපාලි ජයමාන්න, ෆේරඩී සිල්වා, පූජිත මෙන්ඩිස්,
දොන් සිරිසේන, බී. ඇස්. පෙරේරා, ෆරීනාලායි, දයානන්ද සල්වතුර, විමල් කුමාර ද කොස්තා
ප්‍රදර්ශනය ගාමිණී ඇතුළු 2 වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී
සිකුරු දසාව

තිරගත වූ දිනය – 1977 අගෝස්තු 12
ඉදිරිපත් කිරීම – හස්ති සිනෙරු චිත්‍රපට
නිෂ්පාදනය – ආතර් ද සිල්වා
අධ්‍යක්ෂණය - සිරි කුලරත්න
කතාව - තිර නාටකය – පතිරාජ එල්. එස්. දයානන්ද
කැමරා අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා
සහාය කැමරා - කේ. ඒ. විජයරත්න
සහාය අධ්‍යක්ෂණය – අශෝක නිශ්ශංක
සංස්කරණය - ජී. ඩී. කිංස්ලි පෙරේරා
වේශ නිරූපණය – එස්. පී. කොස්තා
සටන් අධ්‍යක්ෂණය – එස්. කමල්ඩීන්
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායානාගාර පාලක – ජෙරල්ඩ් බී. ජයවර්ධන
නිශ්චල ඡායාරූප - කේ. ඒ. විජයරත්න / බන්දුල කුරේ
නිෂ්පාදන කළමනාකරු - මහින්ද කුරේ
නිෂ්පාදන අධිකාරි – ඒ. එච්. එම්. රාජා
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
සංගීත අධ්‍යක්ෂණය - සරත් බාලසූරිය
ගීත -
අද ඇති දේ හෙට නැති වෙනවා - මිල්ටන් පෙරේරා / රූපා ඉන්දුමතී –කරුණාරත්න අබේසේකර
සසලව තෙරපේ මහදේ සිතුවිලි - ලතා වල්පොල - සිරි කුලරත්න
ආවේ කාගේ කවුදෝ - ලක්ෂ්මන් රුද්‍රිගු/ ප්‍රියා සූරියසේන / බන්දු රණසිංහ -
ප්‍රේමකීර්ති ද අල්විස්
ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
ධාවන කාලය – පැය 2 යි
මෙහි මුල් නම ‘ගවරා’ නමින් ද, පසුව ‘කැකුලී’
නමින් ද නම් කොට තිබිණ.
නළු නිළියන් -
ඔස්වල්ඩ් ජයසිංහ, ශ්‍රියාණි අමරසේන, වොලී නානායක්කාර, ජයසේකර අපොන්සු, දෙනවක
හාමිනේ, අශෝක හේවාවිතාරණ, පතිරාජ එල්. එස්. දයානන්ද, ශ්‍රියාණි ෆොන්සේකා, එච්. ආර්.
ජෝතිපාල, නිමල් ජයවර්ධන, ශිරෝමාලා, වින්සන්ට් වාස්, ජයන්ත රණවක, සොමී රත්නායක, තලතා
ගුණසේකර, ප්‍රසන්න ෆොන්සේකා, ප්‍රේමසිරි කල්පගේ, ෆ‍්‍රැන්සිස් වන්නිආරච්චි,
රාජාබ්දීන්
මංගල දර්ශනය – කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ
නියෝජ්‍ය ඇමති ඩී. බී. වෙලගෙදර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මොඩර්න් සිනමා
ශාලාවේදී පැවැත්විණ.
ප්‍රදර්ශනය ලිඩෝ ඇතුළුව හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරඹීය.
‘චණ්ඩි පුතා’

තිරගත වූ දිනය – 1977 අගෝස්තු 19
ඉදිරිපත් කිරීම – පතිරූ චිත්‍රපට
නිෂ්පාදනය – ආරියරත්න පෙරේරා
අධ්‍යක්ෂණය - චිත්‍රපටයේ නමක් සඳහන් නොවේ
කතාව, තිර රචනය සහ දෙබස් - සෝමපාල ලීලානන්ද
කැමරා අධ්‍යක්ෂණය – එම්. වී. හේමපාල (තලේ)
සංස්කරණය – බර්නාඩ් රෙජිනෝල්ඩ්
සහාය අධ්‍යක්ෂණය – තිලක් වේහැල්ල
වේශ නිරූපණය - ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
සටන් අධ්‍යක්ෂණය - වේල් අල්ගම
නැටුම් අධ්‍යක්ෂණය - ස්පීරෝ ඇන්ඩ් සෙලීනා
සැකසුම – විජය චිත්‍රාගාරය, හැඳල
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
නිෂ්චල ඡායාරූප -
නිෂ්පාදන කළමනාකරු - තිලක් වේහැල්ල
නිෂ්පාදන විධායක – රත්නකුමාර රත්නසේන
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත -
තනියේ ආවාරේ – එච්. ආර්. ජෝතිපාල -සෝමපාල ලීලානන්ද
තනියේ ආවාරේ - ජෝතිපාල /
ඇන්ජලින් – සෝමපාල ලීලානන්ද
අම්මලා දුක් ගන්නේ – ලතා වල්පොල - සෝමපාල ලීලානන්ද
මල් වර මල් රැඟුම් දේ - ජෝතිපාල /
ඇන්ජලින් - කරුණාරත්න අබේසේකර
බඹරා වගේ ඇත තවම විසේ -
ජෝතිපාල - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
අර නම්පු කොම්බු - ජෝතිපාල /
එම්. එස්. - වේහැල්ලේ පියතිලක
පෙම් පෙම් සිනහා – එච්. ආර්. ජෝතිපාල - සෝමපාල ලීලානන්ද
බඹරා වගේ ධ්ධ් - ජෝතිපාල - සෝමපාල ලීලානන්ද
ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන
ගීත තැටි - සිල්වලයින්
නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා (ගාමිණී), ගීතා කුමාරසිංහ (ගීතා),
මර්වින් ජයතුංග (මර්වින්), ජෙනිටා සමරවීර (ශීලා), ශාන්ති ලේඛා, එඩී. ජූනියර්,
සෝමසිරි දෙහිපිටිය, ඇන්තනි සී. පෙරේරා, බන්දු සමරසිංහ, සේනක පෙරේරා, බී. ඇස්.
පෙරේරා, පර්ල් වාසුදේවි, මාක් සමරනායක, අරුණ ශාන්ති, සිසිර කුමාරතුංග, ජයන්ත
විජේගුණවර්ධන, පියරත්න එම්. සෙනරත්
ප්‍රදර්ශනය - මෙම චිත්‍රපය ප්‍රදර්ශනය අරඹා දින තුනකට පසුව ඇති වූ ජාතිවාද කලබල
නිසා ප්‍රදර්ශනය නතර කරන ලදී. ඒ වන විට සිනමා ශාලා 16 කදී තිරගත විය. පසුව නැවත
සැප්තැම්බර් 09 වන දින සිට සිනමා ශාලා 17 කදී ප්‍රදර්ශනය අරඹන ලදී.
ප්‍රදර්ශන කාලය - මෙම චිත්‍රපටය තිරගත වූ පළමු මණ්ඩලයේ සිනමා ශාලා 11 ක දින 50
සම්පූර්ණ වූ අතර, එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේ දින 100 පසු කරන ලදී.
‘සිරිපාල සහ රන් මැණිකා’

තිරගත වූ දිනය – 1977 සැප්තැම්බර් 16
ඉදිරිපත් කිරීම - සීමාසහිත සිනමාංජලී
නිෂ්පාදනය – චන්ද්‍ර අබේවික්‍රම
අධ්‍යක්ෂණය – අමරනාත් ජයතිලක
කතාව, තිර රචනය සහ දෙබස් - ධර්මසිරි ගමගේ
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න / ලාල් හෑගොඩ
සහාය අධ්‍යක්ෂණය – අයි. එන්. හේවාවසම්
සංස්කරණය - එම්. බී. රූපසේන
වේශ නිරූපණය - රෝහන මුදන්නායක
කලා අධ්‍යක්ෂණය - ජෝ දඹුලුගල
සටන් අධ්‍යක්ෂණය - රොබින් ප්‍රනාන්දු
සැකසුම – ලංකා චිත්‍රාගාරය
පිටපත් මුද්‍රණය – විජය චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර පාලක – ඇස්. තිරනාවුකරසු
නිෂ්පාදන කළමනාකරණය - ජයවීර ඒකනායක
පසුබිම් සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
සහාය සංගීත අධ්‍යක්ෂණය – රංජිත් යාපා ද අල්විස්
කවි ගායනා – ටී. එම්. ජයරත්න
ධාවන කාලය – පැය 2 විනාඩි 10
පිටපත් ප්‍රමාණය - 18 (කළු - සුදු)
නළු නිළියන් -
රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා, රොබින් ප්‍රනාන්දු, ඇස්. ඒ. ජේමිස්, ඩී. ආර්.
නානායක්කාර, බන්දු මුණසිංහ, පියදාස විජේකෝන්, පියදාස ගුණසේකර, ජෝ අබේවික්‍රම, එඩී
අමරසිංහ, ගීතාල් පෙරේරා, ජෝ දඹුලුගල, චන්ද්‍රලාල් ජයවර්ණ
මංගල දර්ශනය – නිවාස ඉදි කිරීම් හා පළාත් පාලන ඇමති ආර්. ප්‍රේමදාස මහතා සහ එම
මැතිනියගේ ප්‍රධානත්වයෙන් ලිබර්ටි සිනමා ශාලාවේදී.
ප්‍රදර්ශන කාලය – ආරම්භක සිනමා ශාලා අතරින් 16 කදී දින 50 ක්ද, නුගේගොඩ ලැවීනියා හි
දින 81 ක් ද පෙන්වන ලදී.
1977 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය ද විය.
විශේෂතා –
1978 මාර්තු 28 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති ඕ. සී. අයි. සී. උත්තමාචාර
උළෙලේදී නිර්මාණශීලී තිර රචනය වෙනුවෙන් ධර්මසිරි ගමගේ ද, කැමරාකරණය වෙනුවෙන්
ඩොනල්ඩ් කරුණාරත්න ද, රවීන්ද්‍ර රන්දෙණිය හා මාලිනී ෆොන්සේකා සම්මානයෙන් පිදුම්
ලැබීම.
හය වැනි දිල්ලි උළෙලට ඉදිරිපත් කරන ලදී.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
|