|
|
මේ හැඟීම් හැමෝටම පොදුයි* නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක ලියූ ‘සිඳුපති කව් ගී’, ‘ඉරහඳ පමණයි’, ‘හර්ෂණට ලියූ ගී’ අද නෙළුම් පොකුණේදී ජාතියට පිදෙයි . .
* බොහෝ නිර්මාණ සඳහා පාදක වුණේ මගේ අත්දැකීම් . . .
රණ දෙරණ කේසර සිහ වෙසින් නිල් සයුර රන් වැට සිව් දිගින් උඩු ගුවන බැඳගෙන රන් වියන් මව්බිමේ නිදහස නාමයෙන් යෞවනය කැප කළ දිවි කුසුම පුද කළ දැයට පෙම් බැඳි දූ පුතුන්
ගාම්භීර්යය ශ්වේත වර්ණ නිල ඇඳුමත්, රුදුරු අවියත් ජීවිතය කර ගනිමින් බිහිසුණු යුද්ධය එහි ආත්මය කර ගනිමින් දශක තුනක් පුරා යුද වැදුණු අපේ රණවිරුවන් සමස්ත ජාතියට නිදහසේ ජීවත් වන්නට සාමකාමී රටක් උදාකර දුන්නාසේම, නිදහසේ හුස්ම ගන්නා ඔවුන්ගේ හදවත් තුළ නිදා උන් සෞන්දර්යාත්මක මිනිසා වර්තමානයේ අවදි වෙමින් සිටියි. රණවිරුවාගේ පන්හිඳෙන් සාහිත්‍යත්, හඬෙන් ගීතයත්, ගතින් නර්තනයත් ආදී වශයෙන් රණවිරුවන්, වීරවරියන් කරළියට පැමිණෙන්නේ ඒ නිසාය. උඩු ගුවන, නිල් සයුර, රණ දෙරණ දිනාලා සාමයේ අරුණැල්ල දස දෙසට බෙදාලා දුන් විරුන් නිදහසේ අද හිතින් පිබිදිලා කලා ලොව දිදුලවයි සපිරි තරු මෙන් වෙලා
‘සිඳුපති කව් ගී’ කෘතිය සමඟින් රසවත් වූත්, හරවත් වූත්, කවි ගී සමුච්චයක් අද සන්ධ්‍යාවේදී නෙළුම් පොකුණේදී විකසිත වන්නේ ඒ අයුරිනි. සෝමතිලක දිසානායක නම් වීරෝධාර නාවික නායකයාණන්ගේ සෞන්දර්යාත්මක හදවතින් උපන් අපූර්ව නිර්මාණ එකතුව සරස්වතියගේ ආශිර්වාදයෙන් එළිදක්වන මොහොතේ ඔහු සරසවිය සමඟ කළ පිළිසඳරයි මේ. මෙම කවි ගී පද රචනයේ ආරම්භය සිහිපත් කළොත්? පාසලේ උසස් පෙළ දක්වා විද්‍යා විෂයන් හදාරා වයස අවුරුදු දහනවයේදී විද්‍යා ගණිත උප ගුරුවරයකු වශයෙන් වසරක සේවයෙන් පසුව 1977 වසරේදී ශිෂ්‍ය භට නිලධාරියකු ලෙස නාවික හමුදාවට බැඳී නාවික හමුදාපති තනතුර තෙක් පැමිණි ගමනේදී කිසිදු කාල සීමාවක මට සාහිත්‍ය හෝ සෞන්දර්ය විෂයක් හැදෑරීමට අවස්ථාව ලැබුණේ නම් නැහැ. මම හිතන්නේ කවි ගී ලියන්නට හැකියාව ලැබුණේ උපතින්, හැදුන වැඩුන පරිසරය වගේම පෙර කළ පිනකින් කියලා. එ වගේම මට මගේ පුංචි කාලේ හොඳට මතකයි. මම තාමත් මගේ පුංචි කාලයේ ඒ රසය විඳිනවා. කතාවක් තියෙන්නේ හැම වැඩුණු මිනිසෙක් තුළම පුංචි දරුවෙක් ජීවත් වෙනවා කියලා. මගේ හිතේ ඒ පුංචි දරුවා හොඳටම ජීවත් වෙනවා. මගේ ඒ ළමා කාලයේ මතකය ගිලිහී නොයාම ළමා ගීත ලියන්නට ඉවහල් වුණා. ඒ වගේමයි පුංචි අයියාගේ පුතා හර්ෂණ. ඔහු වෙනුවෙන් මගේ අම්මා සිහිකර ‘අත්තම්මා නිවන් ගිහින්’ ගීතය ලිව්වේ. ඊට පස්සේ ‘පොඩි හාමුදුරුවෝ’ ගීතය. සෝමරත්න දිසානායක අයියාගේ ‘සූරිය අරණ’ චිත්‍රපටයේ සංකල්පයට පාදක වුණෙත් මේ ගීතය. එහි හර්ෂණ ගැයූ ‘ඉරෙන් හඳෙන්’ ගීතයට තිබූ ඉල්ලීම නිසා එය ඇතුළත් කර ඉරෙන් හඳෙන් ගීත තැටිය එළි දක්වන්න මම තීරණය කළා. එයට මගේ තවත් ගීත නිර්මාණ කීපයක් එකතු කළා. ඇත්තටම ඒ සඳහා විශාල ඉල්ලුමක් තිබුණා. අදටත් එහෙමයි. අත්තම්මා ගීතය නොවන්නට හර්ෂණ ගායකයකු නොවන්නට වගේම, මම ගීිත රචනා කෙරෙහි යොමු නොවන්නටත් ඉඩ තිබුණා. මෙවැනි කලාකාමී සංවේදී හදවතක් තියෙන ඔබ ඇයි හමුදා සේවයට බැඳෙන්නට හිතුවේ? මගේ මේ කෘතිය මඟිනුත් පෙන්වන්නේ එයයි. යුද්ධයට අවියක් අරගෙන ගිය හැම සොල්දාදුවෙක්ගේම ඇතුළත ඉතාම සංවේදී සොඳුරු මිනිසෙක් ජීවත් වෙනවා. ඒ මිනිස්සු එකිනෙකාට වෙනස් විදියට පෙනෙන්නේ තමන් සතුව තියෙන ඒ සංවේදිකම වගේම හදවත ඇතුළේ ජනිත වන හැඟීම් තව කෙනෙකුට ප්‍රකාශ කරන්නට තියෙන හැකියාව තුළයි. එවැනි සංවේදීව දැනෙන විදියට ප්‍රකාශ කරන්නට පුළුවන් එක් පුද්ගලයෙක් තමයි මම. මේ රටේ යුද්ධයට ගිය සොල්දාදුවන්ගෙන් සියයට අනූ නවයක්ම මේ වගේ සංවේදී පුද්ගලයෝ. නමුත් ඒ අතරේ පෙර කළ පුණ්‍යකර්මයකට මට මේ වාසනාව ලැබුණා. නමුත් යුද්ධයට ගිය අපේ හැම රණවිරුවෙක්ගේ ඇතුළත මේ වගේ සුන්දර සංවේදී මිනිස්සු ජීවත් වෙනවා. කලාව - ආරක්ෂක අංශය අන්ත දෙකක තියෙන්නේ. මේ අතර ඔබගේ බොහෝ නිර්මාණ බිහි වෙලා තියෙන්නේ මේ රටේ ත්‍රස්තවාදය පැවැති සමයක. මෙවැනි සිතුවිලි ජනිත වන සංවේදී හදවතක් එක්ක කොහොමද යුද්ධය වැනිදැවැන්ත ප්‍රශ්නයකට සම්බන්ධ වෙලා කටයුතු කරන්න පන්නරය ලැබුණේ? මම වටේ ඉන්න ගොඩක් අය කියන්නේ මම හරි සැරයි කියලා. ඒ වගේම දැඩි තීරණ ගන්නවා කියලත් කියනවා. සමහර අය කතා කරන්නත් බයයි. ඒ හමුදාව ඇතුළෙදි පමණයි. හමුදා නිලධාරියෙක් වුණාම ඕනවට වඩා මටසුමට වෙලා බැහැ. හැබැයි ඒක සාමාන්‍ය පුද්ගලික ජීවිතයයි රාජකාරියයි අතරේ පටලවා ගන්න හොඳ නැහැ. හමුදාාවේ නීති දැඩියි. සාමාන්‍ය පුද්ගලික සිවිල් ජීවිතයට වඩා. එහෙම හමුදාවක් තමයි චිත්ත ධෛර්ය ඇති කරල මැරෙන්න වුණත් ඉදිරියට යන්නේ. ඒ තුළ හොඳ විනයක් තියෙනවා. මේ විනය හොඳට තියෙනවා නම් මනුෂ්‍යයෙක් දැඩි වෙන්න වුවමනා නැහැ. විනය කඩන අයට වැරැදි කරන අයට දැඩි දඬුවම් දෙන්න නාවික හමුදාපති වගේම ඊට පෙර මා කටයුතු කළ නිලවලදීත් මම කටයුතු කරල තියෙනවා. සටන් බිමේදී ඒක අපගේ සේවයක්. අපේ රට ජාතිය වෙනුවෙන් තමයි මේ සියලු දේ කරන්නේ. ඒක තේරුම් ගන්න ඕනෑ. ඒ වෙලාවට සතුරෙක් වුණත් මරන්නේ සතුරන් අපව මරණ නිසා. හමුදාවක් සතුරන් විනාශ කරන්නේ ඔවුන් නැති කරන්න හිතාගෙන නෙවෙයි. මාතෘ භූමියේ නිදහසට බාධාවක් තර්ජනයක් වන සතුරන් තමයි සටන්බිමේදී මරණයට පත් වෙන්නේ. කවුරු කොහොම කිව්වත් අත්දෙක ඔසවාගෙන ඉදිරියට එන කිසිම පුද්ගලයකුට කවදාවත් අපේ හමුදාවේ සොල්දාදුවෙක් වෙඩි තියන්නේ නැහැ. ඉතිං ඒ නිසා දැඩි බව නිවැරැදි මතයක සිට නිවැරැදි ආකාරයෙන් කටයුතු කරන්න ඕනෑ. එහෙම වුණ පමණින්ම මනුෂ්‍යයකුගේ සංවේදී බව නැති වෙන්නේ නැහැ.
මේ බොහොමයක් නිර්මාණ සඳහා පසුබිම් වුණේ මගේ ජීවිතයේ යම් යම් අවස්ථාවල ලැබූ අත්දැකීම්. අතළොස්සක් නිර්මාණ පමණක් මම ඇසුරු කළ අයකුගෙන් හෝ වෙනත් අයුරින් ලද වස්තු බීජයක් ඇසුරින් නිර්මාණය වූ ඒවා. බොහෝ අවස්ථාවල මගේ හිතේ යම්කිසි සසලවීමක්, කම්පනයක් ඇති වුණාම තමයි මේ කාව්‍ය රචනා බිහි වුණේ. කම්පනයක් වෙන්නේ සංවේදී දේවල්වලට. නමුත් සටන් බිමේදී බැටකන අවස්ථාවලදී නම් සිත සසල වෙලා නැහැ. සතුරන් මගේ යාත්‍රාව විනාශ කළත් ජීවිතය ගලවා ගත්තා. එවැනි අවස්ථාවලදී මගේ හිත සසල වුණේ නැහැ. මගේ මාතෘ භූමියේ නිදහස රැක ගැනීමට ජීවිතය තියෙනවානේ කියලා තමයි හිතුවේ. හැබැයි පුංචි පුංචි දේට සිත සසල වෙලා කඳුළු වැටුණ අවස්ථා පවා තියෙනවා. මම ඉස්සර බලු පැටියෙක් ආදරයට හදා ගත්තා. ඒ වටිනා බලු පැටියෙක් නෙවෙයි. වල් බලු පැටියෙක්. එයා අවුරුදු 12 ක්ම මාත් එක්ක හිටියා. පුහුණුවක් සඳහා අවුරුදු තුනකට ඉන්දියාවට ගිය ගමනේදී පවා මම මේ සුරතලා රැගෙන ගියා. මේ සුරතලා මිය ගිය දිනයේ මම දැඩි කම්පනයට පත් වුණා. ඒ හේතුවෙන් තමයි ‘සුරතලියකගේ වියෝව’ ලිය වුණේ. මෙවැනි සංවේදී අවස්ථා මගේ ජීවිතයේ ගොඩක් තිබුණා. ඒ හැම අවස්ථාවකදීම මා අතින් කවි නිර්මාණය වුණා. ක්‍රියාන්විත රාජකාරියේදී සොල්දාදුවන්ගේ නිර්මාණත් ඔබ රස විඳින්නට ඇති නේද? අසූව දශකකයේ අග භාගයේදී යාපනය කෝමාරි තුඩුවේ වේග ප්‍රහාරක යාත්‍රාවක සේවයේ යෙදී සිටි අවධියේ එක් දවසක් මම දිය නෑමට එහි තිබූ එකම ළිඳ වෙත ගියා. එහි දිය නෑමට නිලධාරීන් සඳහා කාල වේලාව සටහන් කළ කාල සටහනට යටින් අපූරු කවියක් දැක්කා. උඩ වතුර තරු වලට මැද වතුර පටි වලට මඩ වතුර පොඩි අපට කොටි ගහල මදි තොපිට මේක දැකල අනිත් උසස් නිලධාරීන්ට නම් තරහත් යන්න ඇති. නමුත් මට නම් හිනා ගියා. මට හිතුණේ මේ කවිය මොන තරම් නිර්මාණශීලී ද කියලා. පසුව මම ඒක කොළයක ලියා ගත්තා. මෙවැනි බොහෝ හැඟීම් දනවන කවි තැන් තැන්වල බංකර බිත්තිවල දකින්නට තිබුණා. ඒවා හරිම ලස්සනයි. බොහොමයක් පිටපත්කර ගත්ත ද පසුව ඇති යූදමය වාතාවරණය සමඟ ඒවා සුරක්ෂිතව තබා ගැනීමට නොහැකි වුණා. ඒ දවස්වල අපට ජංගම දුරකථන, ඩිජිටල් කැමරා තිබුණේ නැහැ. එවැනි දියුණු තාක්ෂණික උපකරණ එදා තිබුණා නම් මෙවැනි බොහෝ කවි නිර්මාණ දැකගන්නට ඉඩ ලැබෙන්නට තිබුණා. මේ දේවල් සොල්දාදුවෝ නිර්මාණය කළ කවි. සොල්දාදුවන්ගේ නිර්මාණශීලිත්වය පෙන්වන්නට කදිම නිදසුන්. ඒ වගේමයි අලංකාර චිත්‍ර පවා දක්නට තිබුණා. නමුත් අපිට ඒවා සුරැකීමට තාක්ෂණය තිබුණේ නැහැ. එසේ වූවා නම් යුද සාහිත්‍යයේ නිර්මාණ එළි දකින්නට ඉඩ තිබුණා.
ඔව්. මෙහි තියෙන නිර්මාණ කීපයක්ම එයට උදාහරණ වෙනවා. මම සොල්දාදුවෙක් ලෙස දරුණු සටනේ හිටිය අයෙක්. එහෙම අවස්ථාවලදී මා ඔවුන් දුටු අන්දම තමයි ඒ නිර්මාණවලින් බිහි වුණේ. ‘පිච්ච කැකුළු’, ‘තංගවේලු මාමා’, ‘වැට කොටු බැමි බැඳි’, ‘මීනා’ ප්‍රභාකරන්ට සාමය සඳහා ආරාධනා කරන ‘ප්‍රභාකරන් වෙත හොඳ හිතින්’ වැනි නිර්මාණ සඳහා හේතු වුණේ ඒ හැඟීම තමයි. අපි තමයි වැඩිපුරම සාමයට කැමැති වුණේ. අපි තමයි වැඩිපුරම දුක් වින්දේ. යුද්ධ කරන්නට වුණේ වෙනත් විකල්පයක් නැති වූ නිසා මෙවැනි නිර්මාණ සඳහා ඔබට පවුලෙන් ලැබුණු සහාය? හැමදාම මගේ ගුණ දොස් විමසුවේ මගේ අයියා සෝමරත්න දිසානායක. අපේ පවුල කලා පවුලක්. අනිත් අයත් පුදුම විදියට මා අගය කළා. ඒ අගය කිරීමෙන් ලැබූ ධෛර්යය තමයි මට මේ දක්වා එන්නට උපකාරී වුණේ. මගේ බිරිඳ නිලූට, මගේම දියණිය මධූටත් ගීත ගායනා කිරීමේ හැකියාව තියෙනවා. පුතා රුවනාරත් මගේ මේ නිර්මාණවලට දායක වෙනවා. ඔහු දක්ෂ ගිටාර් වාදකයෙක් වගේම මගේ මේ ගීත තැටියේ ගීත දෙකක් ගායනා කරනවා.
මගේ තිස්පස් වසරක් වූ නාවික දිවියේ මෙය අංශු මාත්‍රයක් පමණයි. මම නාවික හමුදාවට බැඳුණේ යුද්ධය ආරම්භයට පෙරදීමයි. මා සිටින කාලය තුළදීම එය අවසන් කරන්නට ලැබීම සතුටක්. මේ කාලය තුළ රට වෙනුවෙන් තිබූ ආදරය, සතුරන් කෙරෙහි වූ ආකල්පය, සාමයට ඇති කැමැත්ත, යුද්ධය හේතුවෙන් රණවිරුවන් විඳි දුක් ගැහැට, වේදනා මේ සියල්ල අපි වින්ද දේවල්. රණවිරුවන් කළ සේවය, කැප කිරීම් තමයි පිළිබිඹු වෙන්නේ. ඒක අන් අයට දැනුණේ නැහැ. මේ කෘතිය බලන්න ඕනෑ නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක ලියපූ කෘතියක් විදියට නෙවෙයි. සටන් බිමේ සිටි රණවිරුවකුගේ කෘතියක් ලෙසයි. මේ හැඟීම් හැමෝටම පොදුයි. අද ඒවා රටට කියන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. යුද්ධය අවසන් නොවුණා නම් මේ අවස්ථාව උදා වෙන්නෙත් නැහැ. ඒ වගේමයි නාවික හමුදාපති නිලයේ සිටියදීම මට මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමාට වගේම ආරක්ෂක ලේකම්තුමාටත් විශේෂයෙන් ස්තුතිය පුද කර සිටිනවා. ඔබගේ ඉදිරි කලා කටයුතු ගැනත් සඳහන් කළොත්? විශ්‍රාම අරගෙන නිස්කලංකව ඉන්න කොට නම් වැඩිපුර කලා කටයුතු සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබේවි. ඒ ගැන ඉදිරියේදී බලමු. දැස වසා කුසුමන් පිපෙයි ඔබ නාමෙන් ඔබේ ජීවන සුවඳ නිබඳව දසත විහිදුවමින් නිදහසේ කිරුළෙන් සැරැසී ලක් මවගෙන් ලබයි බුහුමන් ඇඳෙයි ඔබ නම සදා රන් අකුරින් |



නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාගේ කවි සංකල්පනා ඇතුළත්
‘සිඳුපති කව් ගී’ කෘතිය සහ ඒ මහතා විසින් රචිත ගී සංකල්පනා ඇතුළත් ‘ඉරහඳ පමණයි’ සහ
‘හර්ෂණට ලියූ ගී’ සංයුක්ත තැටි දෙක දොරට වැඩීම අද (13) පස්වරු 6.30 ට ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. මේ
නිමිත්තෙන් පැවැත්වෙන සිඳුපති කවි ගී ප්‍රසංගය සඳහා මෙරට ප්‍රවීණ ගායක ගායිකාවන්
රැසක් සහභාගිවන අතර සංගීතය මෙහෙයවීම ආචාර්ය රෝහණ වීරසිංහගෙනි.
වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක නම් වූ සොඳුරු මිනිසාගේ ජන්මයේ සිට පැමිණි
නිර්මාණශීලී කවි, ගී පදවැල් කාර්යබහුල තිස්පස් වසරක නාවික දිවිය අතරතුරදීම රිසිසේ
කලඑළි දක්වන්නට අවස්ථාව අද උදා වී තිබේ.
ඔබ අතින් මෙවැනි කවි ගී පද නිර්මාණ බිහිවන්නට හේතු පාදක වුණේ?
ඔබගේ කාව්‍ය නිර්මාණ ඔස්සේ දමිළ ජනතාව කෙරෙහි වූ හැඟීම් ද එළි දක්වා තියෙනවා නේද?
‘සිඳුපති කව් ගී’ සමඟ ‘ඉර හඳ පමණයි’ සහ ‘හර්ෂණට ලියූ ගී’ එළි දකින මොහොතේ ඔබ
කියන්නේ?