වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 72

සිංහල සිනමා විස්තරය - 72

දෑස නිසා

තිරගත වූ දිනය - 1975 දෙසැම්බර් 26
ඉදිරිපත් කිරීම - නෝර්ත් වෙස්ටර් එන්ටර්ප්‍රයිසස්
නිෂ්පාදනය – ඊ.ඇන්තනි පිල්ලේ
අධ්‍යක්ෂණය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
කතාව,තිර නාටකය,දෙබස් - ගුණසේන ගලප්පත්ති (දෑස නිසා නාට්‍යය ඇසුරිනි)
සහාය අධ්‍යක්ෂණය – උපාලි පෙරේරා
සංස්කරණය – ග්ලැඩ්වින් ප්‍රනාන්දු
සහාය - ලාල් පියසේන
කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ
සංස්කරණ උපදේශිකා - සුමිත්‍රා පීරිස්
අංග රචනය – ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය – ආරියවංශ වීරක්කොඩි/ධර්මසේන හේමපාල
අංග රචනා සහාය – රංජිත් මතඟවීර
ප්‍රධාන කැමරා සහාය - සෝමපාල ධර්මපි‍්‍රය
කැමරා සහාය – එම්.ජී.සී.මනමේන්ද්‍ර/සෝමරත්න ඉධුලේගම
ශබ්ද,දෙබස්,පටිගත කිරීම –නිමල් වීරක්කොඩි
ශබ්ද පරිපාලනය - කේ.පී.කේ.බාලසිංහම්
රසායනාගාර පාලක – එස්.තිරනාවුකරසු (බී.ඇස්.සී)
නිෂ්චල ඡායාරූප - ජෙරාඩ් ප්‍රනාන්දු
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්ධය - සුනිල් ආරියරත්න

ගීත – ලා හිරු දහසක් ලා සඳු දහසක් – ටී.එම්.ජයරත්න
රෑ නිදි පැදුරෙන් පිටවී – නීලා වික්‍රමසිංහ
කවි ගායනා - ඩබ්ලිව්.ඩී.අමරදේව
චිත්‍රාගාරය – විජය හැඳල
ධාවන කාලය – පැය 1 විනාඩි 50 දිග අඩි 9315
ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස් මණ්ඩලයේ සිනමා ශාලා 18 ක ආරම්භක ප්‍රදර්ශනය ඇරඹීය

නළු නිළියන් - ජෝ අබේවික්‍රම (නිරුදක) ශ්‍රියාණි අමරසේන (සුන්දරී) දෙනවක හාමිනේ (මව) රවීන්ද්‍ර රන්දෙණිය (මාධව) ලාල් හේවා පතිරණ (ගැමි තරුණයා) සෝමපාල ධර්මප්‍රිය (ගැමි තරුණයා) සීතා කුමාරි (නැන්දා) ප්‍රිති සෙනෙවිරත්න (ගැමි තරුණිය)අග්‍රා සජීවනී අල්විස් (ගැමි තරුණිය) ජේ.අබේගුණවර්ධන (වයසක මිනිසා) ශ්‍රියාණි පෙරේරා,වික්ටර් වික්‍රමගේ,එස්.එම්.ජයලත්,බිසෝ මැණිකේ,එස්.කේ.සෙනරත් යාපා,පාලිත බණ්ඩාර,බන්දුල සූරියබණ්ඩාර.

මේ සමඟින් “මහවැලි රජරට ගලයි” වාර්තා චිත්‍රපටය පෙන්වීය.

මංගල දර්ශනය බම්බලපිටිය මැජෙස්ටික් සිනමා ශාලාවේ දී කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීය.
 


ප්‍රදීපේ මා වේවා

තිරගත වූ දිනය – 1976 ජනවාරි 02
ඉදිරිපත් කිරීම – රංජීව මූවීස්
නිෂ්පාදනය – කරීම් හසන්
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – යසපාලිත නානායක්කාර
සහාය අධ්‍යක්ෂණය - ෂර්ලි පී. විජේරත්න, සුනිල් සෝම පීරිස්
කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්
කැමරා සහාය - ජේ. ආර්. ෆ‍්‍රැන්සිස්, එච්. ප්‍රේමරත්න, ඒ. ජේ. යෝගරාජා
සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්
සහාය – කාලිංග ද සිල්වා, එල්මෝ හැලිඩේ
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
සහාය – නිමල් රාජපක්ෂ
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
ශබ්ද පරිපාලනය - මර්වින් බෙන්ස්
ශබ්ද සංකලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර පාලක – ඒ. අයි. ජොහාර්
අතිරේක ශබ්ද - ලෙස්ලි ප්‍රේමසිරි
චිත්‍රාගාර – ලංකා චිත්‍රාගාරය, එස්. පී. එම්. චිත්‍රාගාරය
ශබ්ද සහාය – ජී. ඇස්. මහියම්, බර්නාඩ් ප්‍රනාන්දු, ලයනල් ගුණරත්න
නිශ්චල ඡායාරූප - ප්‍රේමදාස කූරගම
නිෂ්පාදන කළමනාකරු - කුමාරදාස ජයසිංහ
සංගීත අධ්‍යක්ෂණය – ලයනල් අල්ගම

ගීත -
තටු මැවුනා දැන් - එච්. ආර්. ජෝතිපාල - ශ්‍රී නිහාල් ජයසිංහ
මන්මත් කරවන වීණා - එච්. ආර්. ජෝතිපාල, ෂෙල්ටන් පෙරේරා - දයා ආනන්ද
සතුට සිතේ වෙළුණා- ඇන්ජලින්, සුජාතා -ශ්‍රී නිහාල් ජයසිංහ
ඉරයි මාගේ සඳයි මාගේ – ජෝතිපාල, ඇන්ජලින් - ශ්‍රී නිහාල්
දැන් වරෙල්ලා දැන් - ජෝතිපාල, ඇන්ජලින් සහ පිරිස - ශ්‍රී නිහාල්
ඉරයි මාගේ - ජෝතිපාල - ශ්‍රී නිහාල්
මේ භව සංසාරේ - මොහිදීන් බෙග් - ශ්‍රී නිහාල් ජයසිංහ

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
ගීත තැටි – ලුවිස් බ්‍රවුන්

නළු නිළියන් - විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, සෝනියා දිසානායක, වොලී නානායක්කාර, මාක් සමරනායක, එඩී ජූනියර්, පියදාස විජේකෝන්, බී. ඇස්. පෙරේරා, බැප්ටිස්ට් ප්‍රනාන්දු, තේරේසා වීරසිංහ, සෝමසිරි දෙහිපිටිය, ෂර්ලි පී. විජේරත්න, ඩී. ගුණපාල, උස්මාන්, සුනිල් සෝම පීිරිස්, කුමාරදාස ජයසිංහ, සුවඳරත්න, මහේෂා වීරසිංහ, සෝමසිරි අලකොලංග

ප්‍රදර්ශනය - සැවෝයි, සෙයිස්න්තාන්, විජිත ඇතුළු සිනමාස් දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 19 කදී.
 


නයනා

තිරගත වූ දිනය – 1976 ජනවාරි 09
ඉදිරිපත් කිරීම – ඒ ජේ. ඕගනයිෂේසන්
නිෂ්පාදනය – ආනන්ද ජයසිංහ
තිර නාටකය සහ අධ්‍යක්ෂණය – එච්. ඊ. ජයසිංහ, අමරසේන
කතාව - ටී. බී. ඉලංගරත්න
(නයනා නවකතාව ඇසුරිනි)
සහාය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන
කළමනාකරණය - පියසේන සිරිමාන්න
සංස්කරණය – එම්. පී. රූපසේන
වේශ නිරූපණය - රෝහන මුදන්නායක, සනත් සී. විජේවර්ධන, රෙජී සිල්වා
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
නැටුම් අධ්‍යක්ෂණය - හෙන්රි ජයසිංහ
කැමරා අධ්‍යක්ෂණය - නොයෙල් පෙරේරා
චිත්‍රාගාරය – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිලපාලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර කටයුතු - ඒ. අයි. ජොහාර්
සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල

ගීත -
නයනා නයනා නන්දනියේ – එච් ආර්. ජෝතිපාල – පද – කරුණාරත්න අබේසේකර
සිහිනෙන් කී නමක් සොයා - ඩබ්. ප්‍රේමරත්න, ලතා වල්පොල - සිරිල් ඒ. සීලවිමල
සිරිකත සේ මා රූ සිරියෙන් – ධර්මදාස වල්පොල – චාල්ස් ඩයස්
කිරිකැටි චූටි කටේ – ලතා වල්පොල - සිරිල් ඒ. සීලවිමල
හායි හායි සුන්දරී - ෆෙ‍්‍රඩී සාල්වා -ප්‍රේමකීර්ති ද අල්විස්
ලස්සන කෙල්ලන් – එම්. එස්. ප්‍රනාන්දු - සිරිල් ඒ. සීලවිමල
මේ ජීවිතයම මල් - ඩබ්. ප්‍රේමරත්න, ලතා වල්පොල - සිරිල් ඒ. සීලවිමල
රන් පාට රන්වන් වලා - ලතා, ධර්මදාස වල්පොල – ධර්මසිරි ගමගේ

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
නළු නිළියන් -

ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, ලයනල් දැරණියගල, පර්ල් කුරේ, එඩී ජයමාන්න, රුක්මණී දේවි, ශාන්ති ලේඛා, පියදාස විජේකෝන්, සීතා කුමාරි, තිලකසිරි ප්‍රනාන්දු, පියසේන සිරිමාන්න, වී. ටී. ජී. කරුණාරත්න, එච්. ආර්. ජෝතිපාල, බී. ඇස්. පෙරේරා, ලලිතා අල්මේදා, ඇග්නස් සිරිසේන, බන්දු මුනසිංහ, දයා හෙට්ආරච්චි, හෙන්රි පියසිංහ

ප්‍රදර්ශනය - සැවෝයි, රිට්ස්, අශෝකා ඇතුළු සිලෝන් තියටර්ස් දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 20 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.
 


තිලක හා තිලකා

තිරගත වූ දිනය – 1976 පෙබරවාරි 20
ඉදිරිපත් කිරීම - සීමාසහිත සිනේජය
නිෂ්පාදනය - වෛද්‍ය ජයන්ත බී. එදිරිසිංහ
කතාව - ටී. බී. ඉලංගරත්න
(නවකතා ත්‍රිත්වය ඇසුරිනි)
තිර නාටකය සහ දෙබස් - ධර්මසිරි ගමගේ
අධ්‍යක්ෂණය – අමරනාත් ජයතිලක
කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ
සහාය අධ්‍යක්ෂණය – අයි. එන්. හේවාවසම්
සංස්කරණය - ඇම්. පී. රූපසේන
වේශ නිරූපණය - රෝහන මුදන්නායක
කලා අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල
නිෂ්චල ඡායාරූප - බෝධි විජේනායක
නාද ශික්ෂණය – නිමල් වීරක්කොඩි
රසායනාගාර පාලක – ඇස්. තිරනාවුකරසු
(බී. ඇස්. සී)
සැකසුම (ශබ්ද) -ලංකා චිත්‍රගාරය
පිටපත් මුද්‍රණය – විජය චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරු - ජයවීර ඒකනායක
සංගීත අධ්‍යක්ෂණය - ෂෙල්ටන් ප්‍රේමරත්න
ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ

ගීත -
නිල්වන් නිල් කඳු රැල්ලයි – ඩබ්. ඩී. අමරදේව, ලතා වල්පොල
ළසඳා ළසඳා සිහිවේ ළසඳා - ඩබ්. ඩී. අමරදේව, චන්ද්‍රිකා සිරිවර්ධන
නළු නිළියන්

කරුණරත්න හඟවත්ත (තිලක), වජිරා නිර්මලී (තිලකා), සෝමලතා සුබසිංහ (තිලකගේ මව), ජී. ඩබ්. සුරේන්ද්‍ර (ආදායම් බදු නිලධාරි), ජී. ටී. වික්‍රමසිංහ (ප්‍රධාන ලිපිකරු), ඩැනියෙල් මුතුමාල (ඇතුගල), ධර්මදාස කුරුප්පු (මැතිවරණ සංවිධායක), ජෝ දඹුලුගල (තිලකාගේ පියා), ඇස්. ඒ. ජේමිස් (තිලකාගේ මාමා) මයිකල් සුබසිංහ, දයා අල්විස්, නිශ්ශංක දිද්දෙනිය, ජයලත් මනෝරත්න, විජය නන්දසිරි, රංජිත් සුරංග, බන්දුල ශ්‍රී ගුණවර්ධන, සුමනා ද මෙල්, ශ්‍රීයානි ෆොන්සේකා, ආනන්ද ෆොන්සේකා, රසාදරී ෆොන්සේකා, කුවින්ටස් වීරකෝන්, ලයනල් ප්‍රනාන්දු, චන්ද්‍රලාල් ජයවර්ධන, සුනිල් ද සිල්වා, ෂෙල්ටන් පී. අමරසේකර, එස්. සමරසිංහ, මෛත්‍රී පනාගොඩ, සත්‍යනාදන්, සෝමසිරි ලියනගේ, චන්න විජේසේකර, එන්. වීරකෝන්, ජී. ඒ. ජී. නෝනිස්, ඒ. ජේ. ද සොයිසා

ධාවන කාලය – පැය 2 යි
දිග ප්‍රමාණය - අඩි 11800
ප්‍රදර්ශනය – ලිබර්ටි, එල්ෆින්ස්ටන්, ඉම්පාලා, ඕඩියන් ඇතුළු සිලෝන් තියටර්ස් පළමු මණ්ඩලයේ සිනමා ශාලා 20 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.
මංගල දර්ශනය - කොළඹ රීගල් සිනමා ශාලාවේදී ජනාධිපති විලියම් ගොපල්ලව, අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක, ටී. බී. ඉලංගරත්න මහතා ඇතුළු ඇමැතිවරුන්, තානාපතිවරුන් ප්‍රධානව 1975 ජූලි 31 වන දින පවත්වන ලදී.