වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




කන්දෙන් කන්දට....

කන්දෙන් කන්දට....

කන්දෙන් කන්දට – ලන්දෙන් ලන්දට
මල් මුවරද රස විසිරී යනවා
රංචු ගැසීලා පියා සළාලා
බමන බඹර කැල රොනට වඩිනවා
චන්දන මල් සිහිල උරා
කුන්ද සමන් මල් අතුරා
මන්දහාස මුව තවරා
සැඟවී යනවා
රංචු ගැසීලා පියා සළාලා
බමන බඹර කැල රොනට ඇදෙනවා....

නිල්ගිරි කුළු මතින් ඇදී
ඇල් ගඟුලැල් තරග දිදී
නටමින් යනවා
රංචු ගැසීලා - පියා සළාලා
බමන බඹර කැල රොනට ඇදෙනවා....
කන්දෙන් කන්දට....


ජීවිතේ තරුණ කාලේ....

ජීවිතේ තරුණ කාලේ
එකසේ නොරැඳේ
සොයමී සෑම වේලේ
සිතු දේ පැතුදේ - //
ආදර රසේ සිතු සේ ලබන සේ
බඹරා බමන සේ යමි මං නිදහසේ
සතුටයි දුකයි එකසේ දැනෙයි
අනන්ත සුන්දර දිවිමල් උයනේ
ජීවිතේ තරුණ කාලේ.....
රෑ ගනඳුරේ දිලෙනා පහනසේ
බාධා මැද මෙසේ බලමී ලොව රසේ
අහසයි බිමයි නිවසයි මගේ
ෙ හටක් කෙරේ නෑ විශ්වාසේ
ජීවිතේ තරුණ කාලේ......


පාළු සුසානේ ප්‍රේම පුරානේ...

පාළු සුසානේ පේ‍්‍රම පුරානේ
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ
ඔබට මතක නෑ - මට අමතක නෑ....
ප්‍රාණය අද හෝ හෙටින් නිමාවී
ආදරයක් මිය යාවිදෝ
හදවත ගොළු වී ඔබේ නාමයෙන්
ජීවිතයක් නවතීවිදෝ
මා විමසන්නෙමි කියන්නකෝ මට
කෙළෙසද මේ ලෙස කුරිරු වුණේ
මගෙ අත්තටු බිඳ පියා සලාලා
යන්නට ඔබ පැතු චේතනා
ඔබයි දිනූවේ පරාජිතයි මා
මේකද මට දුන් වාසනා
ආදර රේඛා සුසුම් හෙළාවී
කම්පා කරවා මහී තලේ
දෛවය මේ නම් සුදු අපි නාඬමු
හමුවෙමු මතු සංසාරයේ
කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා
ඇවිළෙන මේ ගිනි මා ළයේ
ඔබ නොව ළඳුනේ මමයි සදා කල්
අසරණ වූයේ කුමරියේ


ආදර මධුර අතීතේ....

ආදර මධුර අතීතේ ඔබයි සංගීතේ
මගේ හද මන්දීරේ මේ
රසවන්තී මිහිරී....රසවන්තී මිහිරී....//

පැතුම් විලේ කුසුම් පිපේ
සුසුම් මැදින් ආදරයේ
ශෲංගාර මධුලෝල ජීවනයේ.....
ශෲංගාර මධුලෝල ජීවනයේ.....
ආදර මධුර අතීතේ.....

සැලෙන බඳේ එතෙමි ළඳේ
මිහිර පතා ආදරයේ
චලලෝචනී ප්‍රේම ආකරයේ.....
චලලෝචනී ප්‍රේම ආකරයේ.....
ආදර මධුර අතීතේ.....//


සම්මා සම්බුදු අම්මේ....

සම්මා සම්බුදු අම්මේ – බැති ගීත ගැයෙන්නේ
නිම්මා නැති ගුණ සුවඳට – පුද පූජා වෙන්නේ

කරුණාවට උල්පත වේ හද ප්‍රේම සුඟන්දේ
දූ දරුවන් යන මාවත පහනක් ලෙස ඉන්නේ ්
මව් නැති පුතුනේ.......//
මව් නැති පුතුනේ කෙළෙසද ලොව තනියෙන් ඉන්නේ
ලොව තනියෙන් ඉන්නේ
නෑ තනියක් මව් සුවඳයි ඔබ ළඟ දැවටෙන්නේ
සම්මා සම්බුදු අම්මේ – බැති ගීත ගැයෙන්නේ

මව් පාමුල සිව් දෙවිවරු සිව් දෙසකිනි වැන්දේ
බුදු වූ සිදුහත් කුමරුත් මව් කුස පිළිසින්දේ
මව් නැති පුතුනේ කෙළෙසද ලොව තනියෙන් ඉන්නේ
ලොව තනියෙන් ඉන්නේ
සසරින් සසරට මතුදා ඔබෙ සෙවණ සදන්නේ
සම්මා සම්බුදු අම්මේ.....


හිටින්න පොඩ්ඩක් හිටින්න....

හිටින්න පොඩ්ඩක් හිටින්න
දුවන්නෙ ඇයි ඔයා
පනින්න ඉස්සර බලන්න
පනින්නෙ කොහේ කියා.....//

ඔච්චර කේන්ති ගියෝතින් වයසට යයි ඔයා
ලස්සන හාමිනෙ පොඩිත්ත නාකිවෙයි ඔයා....
ලස්සන හාමිනෙ පොඩිත්ත නාකිවෙයි ඔයා....
හිටින්න පොඩ්ඩක් හිටින්න.....

ශාන්ත දාන්ත වුණාම මාළඟ ජෝඩු වී
නෝනට කේන්ති ගියාම මට හරි පාඩුවේ....
නෝනට කේන්ති ගියාම මට හරි පාඩුවේ....
හිටින්න පොඩ්ඩක් හිටින්න.....//



නින්ද නේන රාත්‍රියේ....

නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ
නින්ද නේන රාත්‍රියේ....

කුමුදූ කුමාරියේ
ඔබ නිදනා යහන් ගැබේ
කවු‍්‍රළුව සමීපයේ
මම ඉන්නම් පවන් දැලේ
ඉඳුනිල් නුවන් පියා සැතපෙම්
රෑ නිසංසලේ....
නින්ද නේන රාත්‍රියේ....

අරුණෝදයේ ඔබේ
නෙතු සඟළේ කැලුම් හෙළා
සූරිය පෙරම්බරේ
දිනු අයුරින් සිනාසිලා
සෙනෙහේ විජිණි පතින් සනහන්
මට පවන් සලා..
නින්ද නේන රාත්‍රියේ


එපා එන්න කියලා....

එපා එන්න කියලා
මොකෝ මැණිකේ කීවේ
සිනා වෙන්න ආවත්
ඇඬෙව්වේ ඔයානේ
එපා එන්න කියලා....

අතේ රන් රුවන් නෑ - මැණික් මාළිගා නෑ
අහංකාර කම හෝ - උදාරම් හිතක් නෑ
පෙමේ ගී ගයන මාගේ - පොහොසත් කමක් නෑ
මැණිකෙ වාගෙ මට ලෝකෙ වෙන වස්තුවක් නෑ
මළත් ආදරෙයි මැණිකෙ – දිවුරා කියන්නම්
එපා එන්න කියලා.....

හිතේ දුක නිවා ගන්න ඕනෑ කියාලා
කොහේ හෝ ඔබත් එක්ක – එන්නම් කියාලා
එදා ආවෙ හැමදාම එන්නම් කියාලා
මැණිකෙ ඇයි ද කීවේ – එපා යැයි කියාලා
මළත් ආදරෙයි මැණිකෙ – දිවුරා කියන්නම්
එපා එන්න කියලා....


පෙර දිනෙක එදා....

පෙර දිනෙක එදා හමුවූයේ කොතැනකදෝ
මට මෙන්ම ප්‍රියේ ඔබටත් එය අමතකදෝ
ඔබ නොදැක එදා එක දවසක් ගතවුනිදෝ
ඒ දවසද කල්පයකට වැඩි දිග නේදෝ....//

සා දෙනකු ලෙසින් අවිහිංසක මගෙ සෙවණේ
ඒ ගෙවූ අතීතේ....//
ඔබ වෙනුවෙන් මා නෙත් හෙළු කඳුළූ රේඛා....//
අද මල් පුබුදා ඇත එහි පැතිරී ශාඛා....
පෙර දිනක එදා.....

කටු පඳුරු පිරුනු වන පෙදෙසක ඔබ පිපුනේ
මගෙ ආදර අරණේ.....//
වාසනාවෙ අඩ සඳ දැන් අහසේ මෝරයි.....//
මා මියෙන තුරුම මගෙ ජීවිතෙ ඔබටම බාරයි....
පෙර දිනෙක එදා.....//



නීල දෑස පුරා....

නීල දෑස පුරා සිහින ලොවින් පෙරා
වෑහෙ කැලුම් නුරා මා ඔබෙ පෙම්බරා
සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා
ගියෙද නොසිතු යුරා මා ඔබෙ පෙම්බරා....

මිහිරි සුවඳ ඔබේ මහද වතට එබේ
පෙරදි දිනක භවේ ලදිමි එවන් සුවේ
සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා
ගියෙද නොසිතු යුරා මා ඔබෙ පෙම්බරා....

මාද ඔබද මෙසේ දෙපොළ දෙතැන වෙසේ
දිනක මෙලොව කුසේ පතමි රැඳෙන ලෙසේ
සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා
ගියෙද නොසිතු යුරා මා ඔබෙ පෙම්බරා....
නීල දෑස පුරා....//


මල් පිබිදෙන....

මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා
පෙරුම් පුරා මග බලා උනිමි මම
ඇයි තව නාවෙ දයා....//

උදේ රැයින් - සිසිල අරන්
මලින් මලට රොන් බඹරු ගියා
මගේ පැතුම් – මගේ සිතුම්
සදා සුසුම් වී බිඳිලා ගියා
හදෙහි දයාවිය නොලද පි‍්‍රයාවිය
ආදර ලොව අප බිඳිලා ගියා....
මල් පිබිදෙන.....

ඔබේ සිනා නෙතින් ගෙනා
මගේ හදෙහි තුරුළට ගනිමි
මගේ ලොවේ සැදූ සුවේ
සසර වසන තුරු මම රකිමි
හදෙහි දයාවිය නොලද පි‍්‍රයාවිය
ආදර ලොව අප බිඳිලා ගියා
මල් පිබිදෙන....//


කඳුළැල් සලා....

කඳුළැල් සලා දෙනෙත් පියවිලි
නෑවිලා ඔබේ
ඇයි මිහිරියේ තනි වී කිව මැන
කල්පනා ලොවේ....//

මතුවේ සිහින් සුසුම් රැළි
හද විල් දියේ මගේ.....
කිසිවක් නොවේ වෙනත් නැත
මට ඔබ තරම් අගේ....
රැජිනී ඔබයි උදාරියේ මගෙ දිළිඳු ලෝකයේ
ඇයි මිහිරියේ තනි වී කිව මැන කල්පනා ලොවේ
කඳුළැල් සලා....

මා වෙසෙන තුරු ලොවේ
ඔබ කිසි දිනක තනි නොවේ....
හමුවෙන්න එනු ප්‍රියේ
අද මෙන් මතුද මේ භවේ....
පිළිගන්න මා රජෙක් ලෙස සනසා දයාවියේ
ඇයි මිහිරියේ තනි වී කිව මැන කල්පනා ලොවේ
කඳුළැල් සලා....//


ඔබ දැකුමෙන් මා....

ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
ඇති ඉහළම සතුටයි මෙලොවේ....//

සඳ කිඳුරියෙ ඔබෙ පිය සෙවණේ
ලොව සොඳුරුය පින්බර ළඳුනේ
ඔබ දැකුමෙන්.....

මිහිරියෙ ඔබ අහසෙයි සඳුවේ
මගෙ සිතිවිලි එහි ඇති කඳු වේ....//
ඒ තරමට සෙනෙහස මතු වී
නිහඬව නිදියයි සිත නතුවී....//
ඔබ දැකුමෙන් මා....//

සපු මලේ පිපුණු තනි ඉත්තේ
මගෙ සුවඳ ද ඔබ අර ගත්තේ....//
මතු දින මා පරවිය යුත්තේ
ඔබෙ මොළකැටි අත් යුග මත්තේ....//
ඔබ දැකුමෙන් මා....//


සමන් මල් පියල්ලේ....

සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
පී‍්‍රතී වලාවන් එක්වී සංගීත රාවෙන් මත්වී
මගේ රංගනීයේ....
සමන් මල් පියල්ලේ.....

වනේ මල් නෙළාලා ඔබේ ගෙල බඳින්නම්
රීදී පිනි දියෙන් මා ඔබේ නෙත් තෙමන්නම් ආ..ආ..
ආදරෙන් සොයාලා නිල් නෙලුම් ගෙනැල්ලා
ඔබගේ වරලේ ගසලා ලස්සන බලන්නම්
සමන් මල් පියල්ලේ....

සුදෝ සුදු වලාවෙන් සිහින් ඉඟ ඔතන්නම්
ගංගාව ඉවුරේ ළං වී ඉඳින්නම් ආ...ආ..
අමරණීය ප්‍රේමේ සිහසුන් දරාලා
ඔබගේ කවදා හෝ මං දෑතම ලබන්නම්
සමන් මල් පියල්ලේ....//


මේ දෑස මගේ ....

මේ දෑස මගේ පින්වන්තයි - තේරුනේ දැන් තමයි
රන් රූපෙ ඔබේ පෙම්වන්තයි - තේරුනේ දැන් තමයි
මේ දෑස මගේ.....

ළඟ දුනුකේ මලකී – දුර මානෙල් මලකී
උඩ වැඩියා මලකී – මල් මැද මල් ළඳකී....//
මේ දෑස මගේ....

රණ මයුරා වරලයි – අඩසඳ වන් නළලයි
නීළ උපුල් දෙනෙතයි – නාරිලතා ගමනයි....//
මේ දෑස මගේ.....

අද බැඳෙනා වයසේ - පහන ලෙසේ නිවසේ
ඔබ සැරදේ සුවසේ - පතනෙමි මම් එකසේ....//
මේ දෑස මාගේ....//



පෙරදා එක්වී ගී ගයමින්....

පෙරදා එක්වී ගී ගයමින් නැළවූ රාණී
කෝ මැණිකා ගම්මානය ඔප කළ රුචිරාණී
කෝ සුන්දර රාණී....
පෙරදා එක්වී....

ඈ ගම හැරදා ගිය පසු වන මල් නැහැ පිපුනේ...ඕ..ඕ...//
වෙනදා පැවතී කුරුලු කොබෙයි හඬ නෑ ඇසුණේ
ගම පාළුව දැනුණේ....
පෙර දා එක්වී....
වෙනදා දොළ ළඟ නාන තොටේ ඈ හමුවන්නේ...ඕ..ඕ...//
පවසා සුරතල් බොළඳ කතා මා සනසන්නේ
සතුටින් හිනැහෙන්නේ....
පෙරදා එක්වී....

පූදින ගොයමේ තුරු වදුලේ පියවැල් මත්තේ...ඕ...ඕ...//
ඈ රුව මට හමුවේ අද ඇයි ඇය නැත්තේ
පෙරදා එක්වී....//



පැතුම් මාලිගාවේ....

පැතුම් මාලිගාවේ රැඟුම් වාසනා
නිවී යාවිදෝ සුපෙම් මල් හිනා
හැඟුම් මාවතේ රුවන් ආකරේ
ඔබේ ආදරේ නැවුම් කල්පනා
දයාබර කුමාරී..

තුරුල් වී බැඳීලා පුංචි පැල්පතේ
පැතූ ඒ වසන්තේ අනන්තේ දැවේ
සුසුම් සාගරේ රුවල් ඔරු බිඳී..//
අනාතේ ඇදේ
පැතුම් මාලිගාවේ....


රිදී තරු දැවීලා...
සීතල නොදේවී සඳේ රැස් පවා
ආසිරි පතා මා ඔබෙන් සමුගමී
සදා වෙන්වෙමී
පැතුම් මාලිගාවේ....//



නවමිණි රන් මුතු ඇත....

නවමිණි රන් මුතු ඇත පිරිලා
කප්රුක මැවිලා අතු ලියලා
ඔබෙ ප්‍රතිමාවක් නැති රජ දහනක
කුමටද සක්විති රජෙකු වෙලා
නවමිණි රන් මුතු....

වැලි කතරෙහි කෙම් බිම් හැදිලා
දිය නැති විල් තුළ මල් පිපිලා
ඔබේ සුවඳවත් නැති ලිය ගොමුවක
කුමටද මට සමනලෙකු වෙලා

නවමිණි රන් මුතු....

දිනපති තරුපති එකතු වෙලා
දෙපසේ සිටියත් සිනහ සලා
ඔබේ දසුන නැති පාරාදීසෙක
කුමටද සිය වසරක් ඉඳලා

නවමිණි රන් මුතු....//


සසරේ පිපාසේ....

සසරේ පිපාසේ නිවාගන්න ආවා
න වාතැන මෙලෝකේ අහෝ දුක නොවේවා
සසරේ පිපාසේ.....

උපන්නොත් මැරේමයි වළක්වන්න නම් බෑ ඕ..ඕ....//
තනියෙන් උපන්නේ තනියෙන් මැරෙන්නේ
සසරේ පිපාසේ.....

හෙට හෝ අනිද්දා කියා කල් ගනු බෑ..ආ...ආ....//
මරු මෙහි ආදා නැත කිසි බාධා
කුමටද කා බී නිති සැරසෙන්නේ
කොතනද මේ කය අරගෙන යන්නේ
සසරේ පිපාසේ....//


මෙලෝකේ සියල්ලෝ....

මෙලෝකේ සියල්ලෝ - සිනහවෙන්නෙ ඇයිදෝ
බීල යයි කියා මන් – හිතා ඉන්න හොඳ නෑ
බොන්න යයි කියාලා - මට බල කරලා
මේ උසස් සමාජේ - සුරා පානෙ පෙව්වා
මෙලෝකේ සියල්ලෝ.....

මගේ ජීවිතේ මේ - ගෙවී හොඳම කාලේ
ලැබූ පුහු විනෝදේ – දැනුයි මට දැනෙන්නේ
මුලින් ගෙවපු කාලේ - අලුත් ජීවිතේ මේ
වෙනස හොඳට තේරේ – පලක් නෑ එයින් නම්
මෙලෝකේ සියල්ලෝ.....

නැටීමෙන් ගැයීමෙන් - සුරාවෙන් විනෝදෙන්
හොඳක් නම් නොවේ ඉන් - ලොවේ හැටි දැනේ දැන්
මැරුණදාට ලෝකේ – නෑ නැටුම් විනෝදේ
පෙම් කෙරූ සියල්ලන් – දමා තනිව යන්නේ
මෙලෝකේ සියල්ලෝ.....//