වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




සතියේ ගීතය

සතියේ ගීතය

කස්තුරි සුවඳ

ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නොතැවීලා
හද සැණකෙළියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ

ජීවන බරකින් පැටලීලා
නෑ නෑ වෙන්නෙ මුලා
සිතු දේ පැතු දේ කරලා
නිම් නැති ගමනක යෙදිලා
අරමුණ කොහිදැයි නෑ දන්නේ
රහයි ජීවිතේ

දුක සැප කිර කිර බල බලා
ඇතැමුන් දිවා රෑ තැවේ
පල නැත හෙට ගැන සිතලා
හිනැහෙනු ලස්සන ළඳේ
උපනත් කුමට ද රජ වී
හඬ හඬ ඉන්නට සිදු වී
විනෝද දහනක අපි ඉන්නේ
රහයි ජීවිතේ

පද රචනය - ජෝරජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - එච්. ආර්. ජෝතිපාල
අධ්‍යක්ෂණය - සේන සමරසිංහ