වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




YOUTH WITH TALENT GENERATION NEXT - GRAND FINALE

YOUTH WITH TALENT GENERATION NEXT - GRAND FINALE

මෙන්න මෙහෙමයි වැඩ
වීල් චෙයා වටයෙන් සුදුසුකම් ලැබූයේ නිමේෂ් මධුවන්ත
අපූර්වතම රියැලිටි අත්දැකීමක්
සංකීර්ණ ගණිත ගැටලු විසඳූ මොහොමඩ් නිෂ්ෆහාන්

ස්වාධීන රූපාවාහිනී සේවය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කළ YOUTH WITH TALENT GENERATION NEXT - GRAND FINALE වැඩ සටහනේ අවසන් මහ තරගය පසුගියදා මහරගම යොවුන් රඟහලේදී පැවැත්විණි.

අපූර්වතම රියැලිටි අත්දැකීමක් ශ්‍රී ලාංකික ප්‍රේ්ක්ෂකයන් වෙත ඉදිරිපත් කළ මෙම තරගය සඳහා දිවයිනේ නන් දෙසින් විසිරී සිටින විවිධ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් තරුණ තරුණියන් 64000 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. මුලික වටය සඳහා තරගකරුවන් 160 දෙනකු ද, දෙවන වටය සඳහා 96 දෙනකු ද අර්ධ අවසන් වටය සඳහා 38 දෙනකු ද, අවසන් මහා තරගය සඳහා 10 දෙනකු ද තෝරා පත් විය.

මෙහි මූලික වටයට තේරීපත් වූ තරගකරුවන් 160 දෙදෙනා අතරින් විනිශ්චය මණ්ඩලයේ තීරණය අනුව, මැදවච්චියේ උපුල් රංජිත් ජිම්නාස්ටික් අංශයෙන් ද, හඟුරන්කෙත ජනක කාංචන සැන්ඩෝ අංශයෙන් ද, පොළොන්නරුවේ මේනක කෞෂල්‍ය සර්කස් අංශයෙන් ද, අනුරාධපුරයේ දිලංක ප්‍රියත්ම, සහ චමෝද් මධුශංඛ දෙදෙනා සැන්ඩෝ අංශයෙන් ද සහභාගී වූහ.

අර්ධ අවසන් වටයෙන් නිර්දේශ වූ තරගකරුවන් පස් දෙනා අතරට මනෝමයෙන් සංකීර්ණ ගණිත ගැටලු විසඳූ නාවලපිටියේ මොහොමඩ් නිෂ්ෆහාන් ද, කොළඹින් එමිල් එරංග මැජික් අංශයෙන්, මහනුවරින් සුභා හංසිනී ගිනිසිසිල නර්තනයෙන්, රාජාංගනයෙන් ජනිත් දිමුතු, සැන්ඩෝ අංශයෙන් මල්වානේ ජී. ඩී. ජනකජීව ද ඉදිරිපත් වූහ.

වීල් චෙයා වටයෙන් සුදුසුකම් ලැබූ තරගකරුවා වූයේ රත්මලානේ නිමේෂ් මධුවන්ත නර්තන අංශයෙන් ද තරගය සඳහා අවසන් මහා තරගයට ඉදිරිපත් විය.

මෙම දස දෙනා අතරින් පළමුවැනි ස්ථානය හඟුරන්කෙතින් ඉදිරිපත් වූ ජනක කාංචනත් (සැන්ඩෝ අංශය), දෙවන ස්ථානය හිමි වූයේ නාවලපිටියෙන් ඉදිරිපත් වූ මොහොමඩ් නිශ්ෆහාන්ටත්, රත්මලානෙන් ඉදිරිපත් වූ නිමේෂ් මධුවන්ත තෙවැනි ස්ථානයත් හිමි කර ගත්හ. පිළිවෙළින් පළමුවැනි, දෙවැනි, තෙවැනි තරගකරුවන්ට මුදල් ත්‍යග සහ අමතර ත්‍යාග ද හිමි විය. පළමුවැනි, දෙවැනි දෙදෙනාට මෝටර් රථයක් ද හිමි විය.

තරගකරුවන් සඳහා ත්‍යාග පිරිනමනු ලැබුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය හා තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, තරුණ සේවා සභාවේ සභාපති එරංග වැලිඅංග, ස්වාධීන රූපාවාහිනි සේවයේ ප්‍රධාන විධායක නිලධාරි චන්දන තිලකරත්න යන මහත්වරුන් අතින් ත්‍යාග ප්‍රදානය සිදු විය. මේ මහා අවසන් තරගයේ විශේෂ අවස්ථා කීපයකි.