වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




අවුරුද්දයි පහයි

අවුරුද්දයි පහයි

මේ යුගයේ ජනප්‍රියතම සහාය අධ්‍යක්ෂවරයා වන ඩොනල්ඩ් ජයන්තට මේ වසර අග භාගය තෙක් අතිශය කාර්යබහුලය. ඒ එම කාල වකවානුව වන තෙක් තම නිර්මාණ ශක්තිය වැය කිරීමට සිනමාපට ලැබී තිබීම හේතුවෙනි. ප්‍රවේගය සහ මායා යන සිනමාපටයන් අධ්‍යක්ෂණයෙන් පසුව නැවතත් අධ්‍යක්ෂණයට යොමු නොවුණ ඩොනල්ඩ් වැඩි වශයෙන් සහාය අධ්‍යක්ෂණයට යොමුව තිබේ. මේ දිනවල ඔහු මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කරන රස් සිනමාපටයේ සහාය අධ්‍යක්ෂණය කරමින් සිටියි. මෙම මස 15 නන්නත්තාරාවෝ නමැති සිනමාපටයේ රූගත කිරීම් ආරම්භ වේ. ඩොනල්ඩ් එහිද සහාය අධ්‍යක්ෂවරයාය. අප්‍රේල්් 24 ආරම්භ වන සුසිරන් ද සිල්වාගේ මිස් ජෙනිස් සිනමාපටයේ සහ අගෝස්තු ආරම්භ වන උදයකාන්ත වර්ණසූරියගේ ආදර හීනය සහ ගින්දරී ධ්ධ්ධ් යන සිනමාපටයන්හිද සහාය අධ්‍යක්ෂවරයා වනුයේ මේ ඩොනල්ඩ්ය.