වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




‘සඳ ඇති රැයක‘ එළිදකියි

‘සඳ ඇති රැයක‘ එළිදකියි

 

රේණුකා කරුණානායකගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය ‘සඳ ඇති රැයක‘ කෘතිය පසුගියදා එළිදැක්විණි. එහිදි ඒ කාව්‍ය සංග්‍රහයේ මුල් පිටපත යමුනා මාලිනි පෙරේරා කිවිඳීයට වෙත පිරිනැමූ අවස්ථාවයි මේ. ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ පසෙකින් සිටියි.


 

 


 

වෙල්ලස්සේ නිදහස් සටන 17 දා දොරට වඩී

මහනුවර මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර හේරත් මහතා විසින් රචිත 1817 - 18 විමුක්ති අරගලයේ අප්‍රකට තොරතුරු ඇතුළත් 'වෙල්ලස්සේ නිදහස් සටන' ඓතිහාසික ග්‍රන්ථය දොරට වැඩීම 2018 මාර්තු මස 17 වැනිදා සෙනසුරාදා සවස 2.30 ට මහනුවර ඊ. එල්. සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී '1818 නිදහස් සටන හෙවත් ඌව වෙල්ලස්ස කැරැල්ල' ප්‍රසිද්ධ දේශනයට සමගාමීව පැවැත්වේ.

'වෙල්ලස්සේ නිදහස් සටන' කොළඹ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ ප්‍රකාශනයක් වන අතර එම උත්සවයේ ප්‍රසිද්ධ දේශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්ය උපුල් අබේරත්න මහතා පවත්වයි. ඌව වෙල්ලස්ස සංසදය සහ මහනුවර විශ්ව කලා පදනම මෙම උත්සවය සංවිධානය කර ඇත.


කොළඹට ලේඛක සංවිධානයක්

කොළඹ දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින සියලුම ලේඛක ලේඛිකාවන් එක් කර ගැනීමේ පරමාර්ථයෙන් නව ලේඛක සංවිධානයයක් 'කොළඹ දිස්ත්‍රික් ලේඛක සංවිධානය' යන නමින් පසුගියදා කොළඹ දිස්්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පිහිටුවා ගන්නා ලදී.

මෙම නව ලේඛක සංවිධානය කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ මෙහෙයවීමෙන් සහ උපදේශකත්වයෙන් පිහිටුවා ගනු ලැබිණ.

කොළඹ දිස්ත්‍රික් ලේඛක සංවිධානය සඳහා පත් කර ගනු ලැබූ නිලධාරි මණ්ඩලය මෙසේය.

උපදේශකවරු - සුනිල් කන්නන්ගර මහතා (කොළඹ දිස්ත්‍රික් ලේකම්), අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය (සංස්කෘතික අධ්‍යක්ෂිකා)

සභාපති - එඩ්වඩ් චන්ද්‍රසිරි
ලේකම් - අනුරසිරි හෙට්ටිගේ
භාණ්ඩාගාරික - ගුණරත්න ඒකනායක
උප සභාපති - නවනැලියේ විජේතුංග
සම ලේකම්වරු - චන්ද්‍රිකා අඹේපිටිය, මේමන් කවි
සංවිධායක - රංග විජේසිංහ
සම්බන්ධීකාරක - ෂම්මි එදිරිසිංහ (කොළඹ දිස්ති‍්‍රක් සංස්කෘතික නිලධාරී)

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කය තුළ පවත්නා ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 13 ආවරණය වනසේ රාජ ශ්‍රී පීරිස්, රංජනි ප්‍රේමචන්ද්‍ර, ඒ. කේ. නන්දික රණවීර, කේ. එස්. සිවකුමාරන්, ජස්ටින් වැලිකන්ද, ජී. ආර්. දිසානායක, එම්. ඒ. මනුරත්න, ලයනල් ප්‍රනාන්දු, කේ. එම්. ජී. එල්. ඩයස්, ධර්මසේන බණ්ඩාර, ජයන්ත ධර්ම ශ්‍රී විතාන, අශෝක ප්‍රේමචන්ද්‍ර සහ සිරිමෙවන් සේනක යන අය කාරක සභිකයන් වශයෙන් පත්කර ගන්නා ලදී.

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම ලේඛක ලේඛිකාවන් හට තම සංවිධානය සමඟ එක් වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේඛක සංවිධානය ආරාධනා කර සිටී.

0714129943, 0715316568 යන අංකවලින් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.