වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




මජිඩි රහුමාන් සුසංයෝගයක්

මජිඩි රහුමාන් සුසංයෝගයක්

Beyond the Clouds චිත්‍රපටය හින්දි, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම
ඉරාන සිනමාකරු මජීඩ් මජිඩි අධ්‍යක්ෂණයක්

මුම්බායිහි වෙසෙන අමීර්හට නිරන්තරයෙන් කරදරවලට මුහුණ දීමටසිදුවී තිබෙන්නේ ඔහු මත්කුඩු ජාවාරම් සමඟින් යම් පමණකින් සම්බනධකම් පැවැත්වීම හේතුවෙන්. එක්තරා මත්කුඩු වැටලීමකදී ඔහු පොලිසියෙන් බේරි පළා යන අතරතුරදී නවතින්නේ තමන් සමඟින් අමනාප වී සිටින එකම සහෝදරිය තාරාගේ නිවෙස ඉදිරිපිටයි.

සම්භාවනීය ඉරාන සිනමාකරු මජීඩ් මජිඩි විසින් අධ්‍යක්ෂණය කළ නවතම ඉන්දීය සිනමා නිර්මාණය Beyond the Clouds නමින් නිර්මාණය වී ඇත. ආදරය, ජීවිතය සහ සියුම්ව වෙනස් වන මනුෂ්‍ය සම්බන්ධතා එයට පාදක වී තිබේ. පසුගිය වසරේ පැවති ලන්ඩන් චිත්‍රපට උලෙළේදී සිය මංගල දර්ශනය සිදු කළ Beyond the Clouds මාර්තු 23 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සූදානම්.

Beyond the Clouds චිත්‍රපටය හින්දි, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම නිර්මාණය වී තිබේ.

මුම්බායිහි වෙසෙන අමීර්හට නිරන්තරයෙන් කරදරවලට මුහුණ දීමටසිදුවී තිබෙන්නේ ඔහු මත්කුඩු ජාවාරම් සමඟින් යම් පමණකින් සම්බනධකම් පැවැත්වීම හේතුවෙන්. එක්තරා මත්කුඩු වැටලීමකදී ඔහු පොලිසියෙන් බේරි පළා යන අතරතුරදී නවතින්නේ තමන් සමඟින් අමනාප වී සිටින එකම සහෝදරිය තාරාගේ නිවෙස ඉදිරිපිටයි. සියලු අමනාපකම් පරදා සහෝදර ප්‍රේමය ඉස්මතු වන එම අවස්ථාවේදී සිය බාල සහෝදරයා බේරා ගැනීමට ඉදිරිපත් වන තාරාහට සිරගත වීමට සිදු වන්නේ අමීර් සැඟවීමත් සමඟින්. කෙසේ නමුත් තමාගේ එකම ගැලවීම සහෝදරයා බව තාරා ගේ සිතුවිල්ලයි. මේ සමඟින් අමීර් සහ තාරා සිය අඳුරු කාලය නිමා කර ආලෝකය දකින්නේ කෙසේ ද යන්න Beyond the Clouds නුදුරේදීම කියනු ඇත.

මජීඩ් මජිඩි සහ මෙහෙරාන් කෂානිගේ Beyond the Clouds හි තිරරචනයට දෙබස් රචනා කර තිබෙන්නේ ෆිල්ම්ෆෙයාර් සහ ඉන්දීය ජාතික සම්මාන ලාභි තිරරචක විශාල් භාරද්වාජ් විසිනි තිරරචකයකු සේම අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසින්ද ප්‍රකට විශාල් Omkara (අධ්‍යක්ෂණය), Haider, Rangoon (අධ්‍යක්ෂණය, තිරරචනය, නිෂ්පාදනය, සංගිත අධ්‍යක්ෂණය), Talvar (තිරරචනය, නිෂ්පාදනය, සංගිත අධ්‍යක්ෂණය), Drishyam (සංගිත අධ්‍යක්ෂණය) වැනි නිර්මාණ රැසකට සිය දායකත්වය ලබා දී ඇත. මෙහි සංගීත නිර්මාණය කර තිබෙන්නේ ඔස්කාර් සම්මාන ද්විත්වයකට හිමිකම් කියන සංගීතඥ ඒ. ආර් රහ්මාන් විසිනි.

මෙය රහ්මාන් සහ මජිඩ් සිනමා ලොව, එකම නිර්මාණයකට දායක වන දෙවන අවස්ථාවයි. මජිඩ් මජිඩිගේ අධ්‍යක්ෂණයක් වූ ඉරානයේ නිෂ්පාදනය වූ චිත්‍රපට අතරින් ඉහළම පිරිවැයක් දරා නිම කළ චිත්‍රපටයක් සේ සැලකෙන ඉස්ලාමීය වීර චිත්‍රපටයක් වන Muhammad: The Messenger of God  (2015) චිත්‍රපටය ද ඒ. ආර් රහ්මාන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කෙරුණු චිත්‍රපටයකි. එය සම්බන්ධයෙන් ඉන්දියාවේ ක්‍රියාකාරී මුස්ලිම් කණ්ඩායමක් වන රාසා ඇකඩමි විසින් විසින් සංගීතඥ ඒ. ආර් රහ්මාන් සහ අධ්‍යක්ෂ මජීඩ් මජිඩිහට ෆත්වා වරෙන්තු පවා නිකුත් කළා. ඒ මෙම චිත්‍රපටයෙන් මුහම්මද්තුමාට අපහාස කෙරෙන වැරදි ආකල්පයක් ඇති බවට චෝදනා කරමින්.

Beyond the Clouds චිත්‍රපටයේ අමීර් ලෙසින් ප්‍රධාන භූමිකාව නිරූපණය කරන්නේ විසි දෙහැවිරිදි ඉෂාන් ඛේතර් විසින්. ජනප්‍රිය බොලිවුඩ් නළු ශහීඩ් කපූර්ගේ සුළු සොයුරා වන ඉෂාන්, සිය සිනමා ජිවිතයේ පළමු වැඩිහිටි චරිතයට පණ පොවන්නේ ඕඥරධදඤ බඩඥ ඛ්තධභඤඵ චිත්‍රපටයෙනි. ඔහු 2005 වසරේදී Vaah! Life Ho Toh Aisi!  චිත්‍රපටයට දායක වී ඇති අතර 2016 වසරේදී Udta Punjab චිත්‍රපටයේ විශේෂ දර්ශනයකට දායක වී තිබුණේ සොයුරු ශහීඩ් කපූර් සමඟින්. මලයාලම් චිත්‍රපටයක් වන Pattam Pole සමඟින් සිනමාවට පා තැබූ මලාවිකා මෝහනන් මෙහි තාරාගේ චරිතයට පණ පොවන අතර හින්දි, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන්ගේ යුතු චිත්‍රපටයකට දායක වන පළමු අවස්ථාව මෙය යි. වේදිකා නාට්‍ය ක්ෂේත්‍ර යෙන් සිනමාවට පිවිසි ඇය මීට පෙර Naanu Mattu Varalakshmi කණ්ණඩ චිත්‍රපටයට සහ Nirnayakam, The Great Father ~ƒ Naale නම් මලයාලම් චිත්‍රපටවලට සිය රංගන දායකත්වය ලබා දී ඇත. මලාවිකා මෝහනන් ඉන්දියාවේ සිනමාවේ කීර්තිමත් කැමරා ශිල්පියකු වන කේයු මෝහනන්ගේ දියණිය යි. මීට පෙර තාරා චරිතය ජනප්‍රිය නිළි දීපිකා පදුකෝන් විසින් නිරූපණය කෙරෙන බවට ප්‍රසිද්ධ වූ අතර ඒ වෙනුවෙන් ඇය තිර පරීක්ෂණයකට පවා සහභාගි වූ බවට ඉන්දීය පුවත් වාර්තා කළා. තනිෂ්තා චැටර්ජි, ශාරධා, ගේතම් ගෝෂේ, මියා මෙල්සර්, ධවානි රාජේෂ් ඇතුලු පිරිසක් Beyond the Clouds හි සෙසු චරිත මවති.

මේ වනවිට පනස්අට වැනි වියේ පසුවන සම්භාවනීය සිනමාකරුවකු වන මජීඩ් මජිඩි කලාවට පිවිසියේ ද වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයෙනි. ඒ වයස අවුරුදු 14දීය. අනතුරුව කෙටි සහ වාර්තා චිත්‍රපට රැසක් නිර්මාණය කළ ඔහුගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වූයේ, Badud (1992) චිත්‍රපටය යි. ඉන්පසුව Father, Children of Heaven, The Color of Paradise, Baran, The Willow Tree, Song of Sparrors වැනි චිත්‍රපට රැසක් ඔහු අධ්‍යක්ෂණය කළේය. 1998 වසරේදී අධ්‍යක්ෂණය කළ Children of Heave ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදෙස් චිත්‍රපටය වෙනුවෙන් නාම යෝජනා ලැබීය. එය ඇකඩමි සම්මාන උළෙල නියෝජනය කළ ප්‍රථම ඉරාන චිත්‍රපටය යි. 1999 වසරේ දී අධ්‍යක්ෂණය කළ The Color of Paradise චිත්‍රපටය මොන්ට්‍රියල් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන ලැබු අතර එම වසරේ ලොව නිර්මාණය වූ හොඳම චිත්‍රපට 10 අතරට ද ඇතුළත් විය.