වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




ඈ, ඔහු සහ අනෙකා තුන්දෙනෙක්

ඈ, ඔහු සහ අනෙකා තුන්දෙනෙක්

තුන් දෙනෙක්

එය අපූරු චිත්‍රපටයක්. චිත්‍රපට තුනක්. කතා තුනක් අධ්‍යක්ෂවරු තිදෙනෙක්. එනමුදු එක චිත්‍රපටයක් ලෙස දිග හැරෙන්නක්. ඈ, ඔහු සහ අනෙකා. ඒ තමයි සිනමාපටයේ ප්‍රධාන චරිත තුන. මෙය අධ්‍යක්ෂණය කොට ඇති තිදෙනා සම්මානිත අධ්‍යක්ෂවරුන්. ඈ ප්‍රසන්න විතානගේ ගේ අධ්‍යක්ෂණයක්. ඔහු විමුක්ති ජයසුන්දර තනා තිබෙනවා. අනෙකා අශෝක හඳගමගේ. ඔහු, ඇය, අනෙකා එකතු වුණු තැන තිදෙනෙක්ව සිනමාපටය ගලා යනවා.

ඈ සිනමාපටයේ නිෂ්පාදන කණ්ඩායම:

අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ

කැමරා අධ්‍යක්ෂණය - එම්. ඩී. මහින්දපාල

සංස්කරණය - ශීකර් ප්‍රසාද්

සංගීත අධ්‍යක්ෂණය - කේ.

සහාය අධ්‍යක්ෂණය - දමින්ද මඩවල

රේඛීය නිෂ්පාදනය - ඉරන්ති අබේසිංහ

නිෂ්පාදන කළමනාකරණය - දමයන්ති ෆොන්සේකා

කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම

අංග රචනය - සමරසිරි කඳනගේ

ඇඳුම් නිර්මාණය - බුද්ධික සංජය

ශබ්ද පටිගත කිරීම් - ලාල් දිසානායක

ශබ්ද සංස්කරණය - තපස් නායක්

වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ

නිෂ්පාදනය - ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශය

රංගනය - කේෂවරාජන්, අශෝක හඳගම, නිපුනි ශාරදා, ජුල්ස් කොලින්, ක්‍රිෂාන්ත ජයබාහු

ඈ, යුද්ධයෙන් මියගිය සෙබළකුගේ බිරියක්. ඇයට අමතන ත්‍රස්තවාදී කණ්ඩායමක කැමරාකරුවෙක්. එතැන් පටන් සෙබළා ලෙසට කැමරාකරු කාන්තාවට අමතයි. එතැනින් කතාව දිග හැරේ.

ඔහු සිනමාපටයේ නිෂ්පාදන කණ්ඩායම:

අධ්‍යක්ෂණය - විමුක්ති ජයසුන්දර

කැමරා අධ්‍යක්ෂණය - ඊ. නාරායන්

සංස්කරණය - සමන් ඇල්විටිගල

සහාය අධ්‍යක්ෂණය - චතුරංග රසිකලා පතිරගේ

රේඛීය නිෂ්පාදනය - ෆිල්ම් කවුන්සිල්

නිෂ්පාදන කළමනාකරණය - මයුරංග ජාගොඩ

කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත්

අංග රචනය - සමරසිරි කඳනගේ

ඇඳුම් නිර්මාණය - වසන්ත අල්විස්

ශබ්ද සංස්කරණය - තපස් නායක්

වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ

නිෂ්පාදනය - ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශය

රංගනය - ප්‍රදීප් රාමවික්‍රම, දර්ශන විද්‍යා අරවින්ද, ජුලියන් කෞශල්‍යා මෙන්ඩිස්, ජුලියන් කෞශල්යා ශලින්ද වත්ත, ෂර්ලි යස්වින්, රවි ශංකර්, එම්. සහීර්, වීරමන් ජනප්‍රිය වික්‍රමසිංහ

ඔහු - පුනරුත්පත්තියක් ලැබූ ත්‍රස්තවාදී නායකයෙක්. ඔහුගේ පෙර විස්තර සොයා යන කණ්ඩායමක්.

***************************

අනෙකා සිනමාපටයේ නිෂ්පාදන කණ්ඩායම

අධ්‍යක්ෂණය - අශෝක හඳගම

කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය

සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ

සංගීත අධ්‍යක්ෂණය - කපිල පූගලආරච්චි

සහාය අධ්‍යක්ෂණය -

අමල් අල්විස්, වතීශ් වරුණන්

රේඛීය නිෂ්පාදනය - නොවැම්බර් ප්‍රඩක්ෂන්

නිෂ්පාදන කළමනාකරණය - මංජුල පෙරේරා

කලා අධ්‍යක්ෂණය - උපුල් චමිල බණ්ඩාර

අංග රචනය - නාරද තොටගමුව

ඇඳුම් නිර්මාණය - පූර්ණිමා මුහන්දිරම්

ශබ්ද පටිගත කිරීම් - ලලිත් වසන්ත, ස්්ට්රයිනර් ඇඩම්ස්, සසක සංජීව

ශබ්ද සංස්කරණය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි

වර්ණ සංයෝජනය - දිනිඳු ජාගොඩ

නිෂ්පාදනය - ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශය

රංගනය - පර්ලිජා ජෙයරාජ්, එම්. රාජ්ශරි, රොෂාන් පොල්වත්තගේ, මොහොමඩ් අතීෆ්

අනෙකා - සමාන තැනැත්තන් දෙදෙනෙක්. ඔවුන් යුද්ධයට යන්නේ අන්ත දෙකකින්. එක් අයකුගේ ජීවිත අහිමි වෙයි. ඔහුගේ මව අනෙක් තැනැත්තා දැක ඒ තම පුතණුවන් යැයි කියා සිතයි.