වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




පහුගිය දවස්වල මෙයාට පාරේ බැහැලා යන්න බැරුව හිටියේ

පහුගිය දවස්වල මෙයාට පාරේ බැහැලා යන්න බැරුව හිටියේ

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි.

අද එතැන් සිට...

‘සුදු නෝනේ යාළුවෙක් ඇවිත් ඉන්නවා’

කාමරයට වැදුණ ඩික්සන් කියා සිටියේය.බිනරි කාමරයෙන් එළියට යන්නට පෙර සිය ඇඳුම දෙස බැලුවාය.

‘එහොම හොඳයි.යන්ඩකෝ’

ඇය එළියට ගියේ ඔහු දෙස කුතුහලයෙන් බලමිනි.ආගන්තුකයන් දෙදෙනා ඇය දකින විට සිටියේ නිවසට ඇතුල් නොවී දොරකඩය.ඔවුන්ට පසෙකින් වත්තට ඇතුල් කළ මොටර් රථයකි.

‘දසයා ?’

ඇය සිනාසුණාය.දසයා හෙවත් දර්ශණ නිවසට ඇතුල්වුයේ තවත් සගයෙක් සමගය.දර්ශණ සමග සිටි සගයා දැක පුරුදුයැයි ඇයට වැටහිණ.එහෙත් ඔහු කවුදැදැයි කියන්නට ඇය නොදත්තීය.

‘ටෙලි නාට්‍ය වල ඉන්නවා නේද ?’

ඇය විතාලාය.

ඔහු සිනාසුනේය.ඔහු සිනහසෙන විට ඔහුගේ නළ දත පැහැදිලිව පෙනිණ.

ඇය ඔවුන්ට ගෙතුළට එන්නට අතින් සන් කළාය.

‘එන්න අප්පේ’

‘මට දවසකත් මෙයා කිව්වා.දසයා හම්බ වුණා කියලා.මං හිතුවේ නෑ මාව මතකයි කියලා“

ඉන් අනතුරුව ඇය කියන්නට ගිය දෙය ගිල ගත්තාය.දර්ශන හෙවත් දසයා තම මගුල් ගෙදරට ආ වග ඇයට සිහිපත් වුණේ දැන්ය.

දින පතා වළලා ලන්නට වුවමනා කරන අතිත.ය හැම විටම ඉස්මතු වෙයි.

‘මාව නම් දන්නවා මෙයා නම් අඳුනා ගත්තා නේ’

‘කමක් නෑ මාව ඔය ගොල්ලන අදුනා ගත්තේ ඔය නමින්නේ’

ආගන්තුකයාගේ සිනහව සිත් ගන්නා සුළුය.මුහුණ පුරා වැවුන තුනී රැවුල ලස්සනට සකසා තිබේ.සිනමාවේ සිටියා නම් ඔහු ජනප්‍රිය නළුවෙකු වනවා නියතය.පසුගිය දවස්වල ඔහුගේ විකාශය වූ තවත් ටෙලි නාට්‍ය ඇත්දැයි බිනරි කල්පනා කළාය.ඔහුගේ ජනප්‍රිය ටෙලි නාට්‍ය විකාශය වූයේ තමා මෙරටට පැමිණි දවස්වලය.ඒ දවස්වල නම් ඔහු ගැන පත්තර වල ලිපි කිහිපයක් පළ විණ.

‘කොයි යන ගමන් ද අප්පේ’

බිනරි ඇසුවේ දර්ශණගෙනි.දර්ශන ඒ අතරවාරයේ එදාට වඩා පිරිපුන් බිනරි ගේ සිත රුවින් ගිල ගත්තේයය.

‘දසයා මහත්වෙලා’

අනතුරුව ඇ පැවසුවාය.

‘කොහේවත් නෙවේ මෙහෙමයි ආවේ.අපි දවසක් කතා වුණා.’ ඩික්සන් කිව්වා සප්‍රයිස් එකටත් නොකියා යමු කියලා.භාතිය එක්ක’

භාතිය පෙන්වා දර්ශන පැවසුවේය.

‘මෙයා මේ දවස්වල හොඳයි පහුගිය දවස් වල මෙයාට පාරේ බැහැල යන්ඩ බැරුව හිටියේ’

‘සුදු නෝනේ අපේ අමුත්තන්ට හොඳට සලකන්ඩ ඕනෑ.’

ඩික්සන් පැවසුවේය.

‘නෑ ඩික්සන් අය්යා .අපි වෙන දවසක සෙට්වෙමු.’

භාතිය ඔහු වළකාලන්න තැත් කළේය

‘පිස්සුද මල්ලි කිසි දේකට බය වෙන්ඩ එපා .අපි රෙඩි .කරදරයක් නෑ.ආපු එකයි සන්තෝශේ’

බිනරි උන් තැනින් නැගිට කුස්සියට ගියේ ආගන්තුක සත්කාරයට ය.ඩික්සන් ඔහු පසුපස ආවේය.

‘ඒ මිනිස්සු මොනවා හදන්ඩ ද මන්දා’

බිනරි පැවසුවේ ආඩපාලියක ස්වරූපයෙනි.

‘සුදුනෝනේ කරදර වෙන්ඩ එපා. ඒ අයට මං සලකන්නම්’

ඩික්සන් පැවසුවේ බිනරිගේ උකුලට පහරක් දෙමිනි.

අනතුරුව ඔහු අතැති ජංගම දුරකතනයේ අංක එබුවේ අසල වාරය එනතුරු බලා සිටින ත්‍රිවිල් රියැදුරෙකුටය.ඒ රස මසවුළු ඇනවුමකටය.

‘ඔය බොන්ඩද ලෑස්ති වෙන්නේ’

ඩික්සන් ඇසක් ගසා සිනහසුනේය.

‘අදට විතරයි සුදු නෝනේ’

‘අදට විතරයි කිය කියා මේ දවස් ටිකේම’

ඇය කියන්නට ගිය දේ ගිලගත්තාය.ඩික්සන් පිළිබඳ පිළිකුලක් ඇතිවනු දැක්මට ඇය බිය වූවාය.

‘සුදු නෝනේ එපා කියනවා නම් මං නවත්තන්නම්.’

‘නෑ කමක් නෑ අද ආපු අයට කරන්ඩකෝ’

ගෙතුළට ගිය ඩික්සන් කාමරයේ සඟවා තිබූ මත්පැන් බෝතලයක් ගෙනන අයුරු බිනරි දැටුවාය.ගේ ඇතුලේ මත්පැන් බෝතලයක් ඇතැයි බිනරි දැන සිටියේ නැත.ඩික්සන් ඒ ගැන කියන්නට ගියේ ද නැත.බෝතලය අමුත්තන් ළග තිබූ ඩික්සන් සාලයේ කැබිනෙට්ටුවෙන් වීදුරු ගන්නවා බිනරි බලා සිටියායා.අනතුරුව ඔහු විවර කළේ ශිතකරණයයි.ඒ අයිස් කැට ගන්නට බව බිනරි ගෙතුළ සිට බලා සිටියාය.

ඩික්සන් දර්ශණ හා ජීවන්ත එක්ව සාදය ඇරඹිණ.බිනරි එහි ගියේ දර්ශණ දෙවරක්ම කතා කළ පසුය.

‘මොනාද අනේ අපි මෙහෙම ඉඳලා ඔයා ඔහොම හිටියම අපිට හිතෙන්නේ අපි ආවාට කැමැති නෑ වගේ නේ’

දර්ශණ ආඩපාලියක ස්වරූපයෙන් පැවසුවේය.

පිස්සුද මංම මේ කට්ටියට කෑම උයනවා

‘ඕන නෑ සුදු නෝනේ.’

ඩික්සන් ඇය අස්වසමින් පැවසුවේය.අනතුරුව ඔහු තම අතැති වීදුරුව ඇය වෙතට පෑවේය.ඇය එය ප්‍රතික්ෂප කළාය.

‘බය වෙන්ඩ එපා බිනරි’

දර්ශණ පැවසුවේය.

‘මොනවාද? සුදු නෝනේ මාත් සවුත්තු වෙනවානේ.මංම කියනවාට ටිකක් රහ බලන්ඩ පොඩ්ඩක්’

ඩික්සන් ගේ ස්වරයේ මිනිසකු වශී කරවන අමුතු ස්වරූපයක් ඇතැයි බිනරිට හැඟිණ.

ඩික්සන් විසින් ඇය මුව මත තැබූ වීදුරුවෙන් බිදක් දෙතොල් මතින් උගුරට ගලා ගියේය. පපුව පිචිච් යන වැනි හැඟිමක් ඇයට ඇතිවිණ.ඇය අප්පිරියාවෙන් මුහුණ ඇලුම් කළාය.

‘ඒකනේ බිනරි ඕගොල්ලො හිතන් ඉන්නේ අපි මේවා ආසාවට බොනවා කියල ද ?’ පේනවාද අපි මේ කොච්ච්ර අමාරුවන් ද මේ බොන්නේ කියලායැයි මහ හඩින් පැවසූ දර්ශණ අසල මේසය මත තිබූ කුකුල් කකුලක් ගිජු ලෙස ගිල දැම්මේය.එබසට භාතිය හඩ නගා සිනාසුණි.

‘ඩික්සන් ආස නැද්ද පිච්චර් එකකට සල්ලි දාන්ඩ‘

එකවරම දර්ශන ඇසුවේය.ඩික්සන් හඩ නගා සිනාසුණි.

‘නෑ මේ ඇහුවේ මම මේ දවස්වල දැක්කා ඩික්සන් ගේ චිත්‍රපට වලට තියෙන කැමැත්ත.නොබලපු පික්චර් එක්ක නෑනේ.අනික පික්චර් වල විස්තර අපිවත් දන්නේ නෑනේ.’

ඩික්සන් බිනරි දෙස බලා සිනාසුනේය.ඔහු තුළ ආඩම්බරයක් ඇතිව තිබේ.

‘ඉස්සර බිනරිත් ආසා කළා නේ ෆිල්ම්ස්වලට’

දර්ශන සිහිපත් කළේය.ඩික්සන් යළිත් වීදුරුව බිනරිට පෑවේය.ඇය එවර හිස වනා එය ප්‍රතික්ෂප කළාය.ඩික්සන් යළිත් ඇයට බල කළේ නැත.

‘ඈ ඩික්සන් අය්යා ෆිල්ම් එකක් ගහමු’

එවර යෝජනාව භාතිය ගෙනි.

‘පිස්සුද මහත්තයෝ.ඒවා සල්ලි කාරයන්ගේ වැඩ.මේ අපි ට මොන පිච්චර්ද’

ඩික්සන් පැවසුවේ වදෙන් ගැලවෙන්ඩ ලෙසය.

‘පිස්සුද ඩික්සන් දැන් එහෙම හිතන්ඩ එපා.ඒ ඉස්සර ඔයා හිතන්නේ දැන් පික්චර් ගහන ඔක්කොම සල්ලිකාරායෝ කියලාද? පිස්සුද ?’

දර්ශන ඩික්සන්ට විස්තර කෆළ්ය.

‘පික්චර් කරාට පස්සේ තමා සල්ලි කාරයෝ වෙන්නේ.’

අනතුරුව පැතිර ගියේ මද නිහැඩියාවකි.

ලක්ෂ පහක් තියෙනවා නම් පික්චර් එකක් පටන් ගත්තෑකි.

දර්ශණ එවර පැවසුවේය.

‘ලක්ෂ පහක්’

‘ඔව්.මෙහෙමනේ.ඔක්කොම ආෆ්ටර් රිලීස් කතා කර ගන්නවා.ඒ කියන්නේ පික්චර් එක පෙන්වුවාම සල්ලි ගෙවන්ඩ’

ඩික්සන් දෑස් විවර කරා ගෙන අසා සිටියේය.