වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




දුකාගේ සතුට

දුකාගේ සතුට

වසන්ත දුක්ගන්නාරාල හෙවත් අප ආදරණිය දුකා මේ දිනවල ඉන්නේ සතුටින් උදම් වෙලා. දුකා දුකා කිව්වට කෙදිනකවත් දුක් නොවූ හිතට දුකක් නැති දුකාගේ ඒ සතුටට හේතුව පුතයි දුවයි දෙන්නම ජාත්‍යන්තර කීර්තියට පත්වීම.

දුකාගේ පුතා සඳලිදු දුක්ගන්නාරාල දුව සඳපිණි පළිඟු දුක්ගන්නාරාල. මේ දෙන්නම නර්තනයට ඉතාම දක්ෂයි. ඒ හින්දම ඔවුන් ප්‍රමුඛ තම පාසල වූ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නර්තන කණ්ඩායම ඉකුත් දා රුසියාවේ මොස්කව් ජාත්‍යන්තර නර්තන උලෙළට සහභාගි වුණා.

එහිදී ඔවුන් දෙපොළ හොඳම නර්තන අංගයට හිමි සම්මාන දිනා ගත්තා. හොඳම නර්තන කණ්ඩායම වුණෙත් ඒ නර්තන කණ්ඩායම. ජාත්‍යන්තරය දිනලා ආව සඳලිදුවයි, සඳපිණිවයි දුකා මහ ඉහළින් පිළිගත්තා. දරුවන් ලොව දිනනවා දකින්නට ලැබීමත් පියකුට කොතරම් සතුටක්ද. ඒ සතුට නොඅඩුවම දුකා මේ දිනවල භුක්ති විඳිනවා.