වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්

ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්

 Hindi Medium

තම දරුවා ජනප්‍රිය පාසලකට ඇතුළත් කර අධ්‍යාපනය ලබාදීම මවුපියන්ගේ ලොකුම සිහිනය යි. ඒ වෙනුවෙන් වර්තමානයේ මවුපියන් නොකරන දෙයක් නොමැති තරම්. දරුවකු උපත ලද වහාම ජනප්‍රිය පාසලක් අසල නිවෙසක පදිංචිය සටහන් කිරීමට පියවර ගන්නා ඔවුන් අනතුරුව දරුවාට බොරු කීමට පවා උගන්වයි. සත්‍ය ලෙසින්ම මෙලෙසින් සිදුවන, දරුවන් ජනප්‍රිය පාසල් වෙත ඇතුලත් කිරීමට ගන්නා මේ සටන අපේ රටට පමණක් සීමා වූවක් ද?

එය එසේ නොවන වග නම් පැහැදිලි වන්නේ බොලිවුඩය දෙසත් අවධානය යොමු කිරීමෙනි. පසුගිය වසරේදී බොලිවුඩයේත් මේ ගැන කතාබහක් ඇති වුණා. ඒ  Hindi Medium Ç චිත්‍රපටය සමඟින්. රාජ් භත්‍රා සහ මිතා භත්‍රා යුවළ තම පස් හැවිරිදි දියණිය පියා භත්‍රා ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීමට යාමේදී මුහුණු දෙන සිදුවීම් පෙළක් මෙහි ඇතුළත්.

රාජ් භත්‍රා දිල්ලියේ වෙසෙන ධනවත් ව්‍යාපාරිකයෙක්. මිතා ඔහුගේ බිරිය යි. රාජ් සහ මිතා දෙදෙනාම සාමාන්‍ය හින්දි මාධ්‍ය පාසල්වල ඉගෙනුම ලැබුවද ඔවුන්ගේ අධිෂ්ඨානය තම දියණිය පියා දිල්ලියේ පිහිටි ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීමයි. එම පාසලට ඇතුළත් කර ගන්නේ පාසලට කිලෝමීටර් තුනක් දුරින් ජීවත් වන පවුල්වල දරුවන් පමණක් වීම නිසා රාජ් සහ මිතා යුවල සිය පදිංචිය වෙනස් කර වසන්ත් විහාර් වෙත පදිංචියට පැමිණේ. අනතුරුව උදා වන්නේ දියණිය පාසලට ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණය යි.

මේ වෙනුවෙන් රාජ් සහ මිතා යුවළ උපදෙස් ගන්නේ උපදේශිකාවක වන ෂිකා ගෙනි. ඔවුන්හට සම්මුඛ පරීක්ෂණයේදී පිළිතුරු ලබාදිය යුතු අයුරු පිළිබඳ ඇය පුහුණුවක් ලබා දෙන්නට ඉදිරිපත් වෙනවා. කෙසේ නමුත් අදාළ දිනයේ සම්මුඛ පරීක්ෂණයේදී නිවැරදිව පිළිතුරු ලබාදීමට රාජ් අපොහොසත්වීම සමඟින් සිදු වන්නේ, දියණිය පියා එම පාසලට පමණක් නොව වෙනත් පාසලකට පවා ඇතුළත් වීමේ වරම් අහිමි වී යාමයි. ඒ වෙනුවෙන් රාජ් කුමක් කරන්නේ ද ? යන්න ගෙන එන්නේ  Hindi Medium Ç චිත්‍රපටය යි.

 Hindi Medium Ç චිත්‍රපටය පිළිබඳ මේ වන විට වැඩි අවධානයක් යොමු වූයේ මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළත් සමඟින්. එහි සම්මාන හයක් වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වුණු  Hindi Medium Ç චිත්‍රපටය ඒ අතරින් හොඳම චිත්‍රපටය සහ හොඳම නළුවාට හිමි සම්මාන දිනා ගත්තා. සාකේත් චෞද්‍රි විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ඉර්ෆාන් ඛාන්, සාබා ක්මාර්, දිපක් දෝබ්‍රියල් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. පියා භත්‍රා ලෙසින් චරිත නිරූපණය කරන්නේ දිෂිතා ශෙගාල් නම් ළමා නිළියයි. උසස් පාසලේ විදුහල්පතිනිය ලෙසින් අම්රිතා සිං පණ පොවන අතර නේහා ධූපියාගේ රංගන දායකත්වයත් මෙහි ඇතුළත්.

මෙහි ප්‍රධාන නිළිය සාබා රංගනයෙන් දායක වන පළමු හින්දි චිත්‍රපටය වන්නේ ද මෙය යි. තිස්තුන් හැවිරිදි ඇය ජනප්‍රිය පකිස්තානු ජාතික නිළියක්. ර්චදබධ, ඹ්චඩධපඥ ඉඥ ඒචඨඥර නම් පාකිස්ථාන චිත්‍රපටවල ඇයගේ රංගනයන් සම්මානයට පවා පාත්‍ර වී තිබෙනවා. සාබා  Hindi Medium Ç චිත්‍රපටයට දායක වී තිබුණේ ඉන්දු - පාකිස්ථාන දේශ සීමා අරගලය බොලිවුඩයටත් විශාල බලපෑමක් කරමින් බොලිවුඩයේ සිටි පාකිස්ථානු නළු නිළියන්ට ඉන්දියාව අතහැර පාකිස්ථානයට යන තැනට විරුද්ධවාදීන් කටයුතු කළ කාලයේදී යි. ඒ නිසාම  Hindi Medium Ç චිත්‍රපටය තිරගත කිරීම සේම එහි ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සාබා ඉන්දියාවට පැමිණීම ගැනත් කාගේත් අවධානය යොමු වී තිබුණා. එම සිදුවීම් මෙම චිත්‍රපටයට බලපෑමක් නොවුණ අතරම සාබාගේ රංගනය ද ෆිල්ම්ෆෙයාර් සම්මාන අතරේ හොඳම නිළිය වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වී තිබුණා.

2014 වසරේ තිරගත කෙරුණු අචථඤඩචදභ බෙංගාලි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් වන නන්දිතා රෝයි සහ ශිබෝප්‍රසාද් මුඛර්ජි විසින්  Hindi Medium Ç චිත්‍රපටයට එරෙහිව ප්‍රකාශන නඩුවක් ගොනු කළ අතර එහිදී අධ්‍යක්ෂ සාකේත් චෞදි පවසා සිටියේ සත්‍ය කතාපුවතක් ඔස්සේ වසර ගණනක් පුරා පර්යේෂණ කර සැකසූ තිරපිටපතකට අනුව  Hindi Medium Ç චිත්‍රපටය නිර්මාණය කෙරුණු බවයි.  Hindi Medium Ç තිරරචනය කර තිබෙන්නේ අධ්‍යක්ෂ සාකේත් චෞද්‍රි සහ සීනාත් ලඛානි විසිනි. සාකේත් චෞද්‍රි විසින් මෙම නඩුව ජයගත් අතර  Hindi Medium Ç චිත්‍රපටය පසුගිය වසරේ මැයි මස 19 වැනිදා සිට ලොව පුරා තිරගත කිරීම ආරම්භ කෙරුණි. ඉන්දීය රුපියල් කෝටි 23කින් නිම වූ එය මේ වන විට එය ඉන්දිය රුපියල් කෝටි 102.77ක ආදායමක් වාර්තා කර තිබෙනවා.