වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




කේක් - කේක් - කේක්

කේක් - කේක් - කේක්

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමන් වන සිතේන්ද්‍ර සේනාරත්නට එකම දිනයක තුළදී කේක් කන්නටත් කේක් කවන්නටත් සිදු වුණා. දේශීය කථානාද සිනමාව ආරම්භ වුණු දා එනම් ජනවාරි 21 යි ඔහුට මේ රසවත් අත්දැකීම විඳින්නට හැකියාව ලැබුණේ.

එදින උදෑසන බම්බලපිටිය මථුරා අවන්හලේදී විජයබා කොල්ලය සිනමාපටයේ මුහුරත පැවැත්වුණා. එහිදී තමයි සභාපතිතුමාට මුලින්ම කේක් කන්න සිදු වුණේ. ඔහුට කේක් කැබැල්ලක් කැව්වේ එසේ මෙසේ කෙනෙක් නම් නෙවෙයි. හෙළ සිනමාවේ කිවිඳිය තමයි සභාපතිතුමාට කේක් කැව්වේ.

අවට සිටි කලාකරුවන්ගේ මන්දහාසය මැද සභාපතිතුමා කේක් අනුභව කළා. එදිනම සවස ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවති සංවත්සර උලෙළේදී ද සභාපතිතුමාට කේක් කවන්නට සිදු වුණේ ඒ අමාත්‍යාංශ ලේකම්ට.