වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ආදිත්‍ය නාරායන්?

ආදිත්‍ය නාරායන්?

කලාකරුවන්ට වගේම අප මාධ්‍යවේදීන්ටත් හරි හරි වැඩ තමයි වෙන්නේ. ඒවත් ගොඩක් රසවත්. ඒ හින්දම මේ පිටුවේ අප මාධ්‍යවේදියකු වෙනුවෙනුත් ඉඩක් වෙන් කරන්නට හිතුණා. මේ සහෝදරයාගේ නම සමන්ත යහම්පත්. යහම්පත් කිව්වම නොදන්න කෙනෙක් නැහැ. ඔන්න දවසක්දා මෙයාගේ ජංගම දුරකතනයට ඇමතුමක් එනවා

ආදිත්‍ය නාරායන්ගේ

කවුරු හරිද මේ කතා කරන්නේ.

එහා අන්තයෙන් එහෙම අහලා. උපන්තේකට සිංදු කිව්ව නැති අපේ සහෘදයා උඩ බිම බලලා. රෝන්ග් නම්බර් කියලා දුරකතනය තිබ්බලු. ආදිත්‍ය නාරායන් කියන්නේ උදිත් නාරායන්ගේ පුත්‍රයා. ඔහු ලංකාවට ඇවිත් ප්‍රසංගයක් කළානෙ. ඒ කලේ තමයි මේක වුණේ. පැයකට පස්සේ ආපහු කෝල් එකක් එනවලු. හෙලෝ ආදිත්‍ය නාරායන් ප්ලීස්?

ආයෙත් එහෙම අහලා. යහම්පත්ට හොල්මන්ලු. මෙහෙ ඇති ආදිත්‍ය නාරායන් කෙනෙක් නැහැ කියලා දුරකතනය තියන්නත් හදලා, රොන්ග් නම්බර් කියලා දුරකතනය කට් කළාලු. දවසට තව තුන් පාරක් ඒ ඇමතුමම ඇවිල්ලා. ඔන්න තව දවසක් යහම්පත්ගේ සහෝදර පත්‍ර කලාවේදියෙක් මුණ ගැහුණලු.

මචං මට උඹේ නම්බරේ දීපංකො. දවසක් පොඩි වැඩකට හෙව්වා හෙව්වා නැහැ. ෆෝන් එකෙන් ඩිලීට් වෙලා.

ඔහු යහම්පත්ගේ නම්බරය ඉල්ලලු. යහම්පත් තම නම්බරය දුන්නලු.

මච් මං ගාව උඹේ නම්බරය තියෙනවනෙ.

මිත්‍රයා පුදුම වෙලා කියලා.

හැබැයි යහම්පත් නමෙන් නෙවෙයි තියෙන්නේ.

එහෙනම්?

යහම්පත් දෑස් විසල් කරලා ඇහැව්වලු.

ආදිත්‍ය නාරායන් කෝඩිනේටර් කියලා.

එදාලු යහම්පත් දැනගත්තේ තමන්ගේ අංකයට කතා කරලා ආදිත්‍ය ගැන ඇහැව්වේ කවුද කියලා.