වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




දෙමස්සිනාලාගේ සිනමා සංවාදය

දෙමස්සිනාලාගේ සිනමා සංවාදය

දේශීය කථා නාද සිනමාවට වසර 71 පිරෙන දා බම්බලපිටිය වජිර පාරේ දෙන්නෙක් ලොකු තර්කයක පැටලිලා. මේ දෙන්නම සිනමාවට සම්බන්ධ දෙදෙනෙක් වීම තමයි එහි විශේෂත්වය. එක් කෙනෙක් චිත්‍රපට නිෂ්පාදක රාජ් රණසිංහ.

ඔහු තමයි නොම්මර එකයි, චාන්දනි ආදි සිනමාපටයන් නිෂ්පාදනය කළේ. අනෙක් කෙනා පරාක්‍රම ජයසිංහ. එකදා වැහි නිර්මාණය කරමින් සම්මානනීය වූ හෙතෙම මේ දිනවලදී කූඹියෝ ටෙලි සිතුවමේ අපූරු චරිතයක් මවනවා.

රාජ් සහ පරා හරි හරියට එදා පාරේ ඉඳන් වාදේ. මේ වන විට පවතින චිත්‍රපට අර්බුදය ගැනයි මේ වාග් හුවමාරුව. දෙන්නා එකිනෙකාට වෙනස් තර්ක දානවා. පාරේ ඉන්න අයටත් මේක ඇහෙනවා. එච්චරටම උස් හඬිනුයි දෙන්නා කතා කරන්නේ.

දෙමස්සිනාලා වෙච්ච මේ දෙන්නා පාරෙද ඉන්නේ කියලාවත් නොදැන මෙහෙම තර්ක කළාට දෙන්නගෙ ගෙවල් තියෙන්නේ එතැනට යාබදවයි. අනේ අම්මපා ගෙවල්වලට වෙලා තර්ක කරන්නේ නැතුව මොකට පාරට බැස්සද දන්නෙ නැහැ කියලා ඔවුන්ගේ හිතවතෙක් කියාගෙන යනවා අහන්නට ලැබුණා.