වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




සතුටු වුණත් සුරාජ් දුකෙන්...

සතුටු වුණත් සුරාජ් දුකෙන්...

පසුගිය සතියේ සරසවිය පුවත්පතේ කවරය හැඩ වුණේ සුරාජ් මාපාගේ ඡායාරූපයකින්. සාමාන්‍යයෙන් සුරාජ් සරසවිය මේ වගේ පින්තූරෙකට එන්න කිව්වාම දෙවතාවක් කල්පනා නොකර හරි උනන්දුවෙන් ඊට පෙනී සිටිනවා. ඔහු තමන්ගේ දෙයක් පත්තරයක පළ වුණාම ගෙදර අයටත් කියනවා. ඒ අයත් එතකොට පත්තරේ සුරාජ් ගැන තියෙන ඒවා බලලා සතුටු වෙනවා. නමුත් අභාග්‍යයකට සුරාජ්ගේ කවරය ඔහුගේ පියාණන්ට දක්නට ලැබුණේ නැහැ. හේතුව ඔහු පත්තරය නිකුත් වූ දිනට පෙර දින අප අතරින් සදහටම සමුගැනීම. සාමාන්‍යයෙන් සුරාජ් බොහොමත්ම සොම්නසට පත් වෙනවා සරසවියේ කවරයක් ගියාම. නමුත් මෙවර ඔහුට ඒ සතුට සමරන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඔහු ඒ දින කිහිපය ගත කළේ ඉතාම සංවේගයෙන්. අපි ද සුරාජ්ගේ පියාණන්ට නිවන් සුව පතනවා.