වර්ෂ 2016 ක්වූ ජූලි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ඔහොම යං අපි අයේෂා

ඔහොම යං අපි අයේෂා

රඟපපා හිටපු අයේෂා දිසානායක ඔන්න අධ්‍යක්ෂණයටත් පිවිසිලාලු. ඇය මෙහෙම හා හා පුරා කියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මියුසික් වීඩියෝවක්. ඒක තමයි ඩිමංක වෙල්ලාලගේ ගයන ආදරේ කාටවත් නැති තරම් ගීතය. යූ ටියුබ් හරහා අයේෂාගේ අධ්‍යක්ෂණයෙන් නිම වූ මේ වීඩියෝව දැක බලාගන්න පුළුවන්. මේ වන විට ගල් සහ මල් දෙකම අයේෂාට වදිනවාලු ඒ වීඩියෝවේ ප්‍රතිචාර හැටියට. කොහොම වුණත් පොඩි තැනකින් පටන්ගෙන අධ්‍යක්ෂවරියක හැටියට ලොකු ගේමක් ගහන්නලු අයේෂාට ඕනෑ. වෘත්තියෙන් ගුරවරියක් වන ඇයව මේ දිනවල විකාශය වන කොළඹ අපි ආවා ටෙලි සිතුවමේ සැන්ඩ්‍රාගේ චරිතයෙන් දැක බලාගන්න පුළුවන්.